''ඒ විශ්වාසය මම රකිනවා අයියේ...''


''සුදූ...''
''හ්ම්...''
''ඔයා මට ඇත්තටම ආදරේද?....''
''ඔයාට මාව විශ්වාස නැත්ද...''
''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''
''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''
''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''
''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''
''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''
''මමත් ඔයාට ආදරෙයි අයියේ...''
''කොච්චරක්ද?...''
''ගොඩාක්....''
''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''
''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''
''මමත් එහෙමයි සුදූ.....''
''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''
''හ්ම්.....''
''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''
''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''
''ඔව් අය්යේ....''
''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''
''මම දන්නවා අය්යේ.....''
''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''
''ඇයි?....''
''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''
''මං හින්දා නේද?''
''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''
''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''
[ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]
''සුදූ.....''''හ්ම්.....''''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''
''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''
''අපිට වරදින්නැහැ සුදූ.....''
[මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]
''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''
''මමත්....''
''මචෝ.....දැන් යමුද රෑ වෙලා''
[මගේ අතිජාත මිතුරු කැල......මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]
''යමල්ලා... යමල්ලා...''
''අපි යනවා රත්තරන්....''
ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....
ආදරේ මොනතරම් සුන්දරද....
ආදරේ ජීවිතේ නිවනවා....
එනගමන් මට සිතුනා.....

6 අදහස්:

රවා said...

දසුන් ආදරෙ කරන්න.... ආදරෙ විදින්න.... නමුත් තමන්ගෙ ජිවිතයට
හොල්ලන්න පුලුවන් විදියට කිසිම කෙනෙක් ව ලං කරගන්න එපා....
තමුන්ගෙ බිරිදව උනත්...බොහොම අමාරුයි එ වෙදනාව විදගන්න. අනිත් එක ඔයාට තියන්නෙ සංවෙදි හදවතත් එක්ක ඔයාට ගොඩක් අමාරු වෙයි. එක නිසා ගොඩාක් බලාපොරොත්තු තියාගන්න එපා....ආදරෙ කරන්න ...
ගලන ගඟ දන්නෙ නැහැ එක කොහාටද යන්නෙ කියලා.. හම්බෙන ගල් පර්වත් , ගස් ගල්, මිටියාවත් තම්යි තිරනය කරන්නෙ එක කොහාටද ගලන්නෙ කියලා.....

බිඟූ said...

එක හරි රවා...

හැබැයි හදවත කියනවානම් ඕන මඟුලක් ඔට්ටුයි


/බිඟුවා...!

Dasun Wanaguru said...

රවා @
ඔබ හරි මම ඒ දේ හොදින් තේරුම් අරගෙනයි ආදරේ කරන්නේ.
රවා මම ආදරේදී අමුම අමු පිස්සෙක්.මට ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ.ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු නැහැ.
වෙන ඕන දේකට මුහුන දෙන්න මම උපරිමයෙන්ම උත්සහ කරනවා

Dasun Wanaguru said...

බිඟුවා...! @
ඇත්ත සහෝ හදවත කියනවනම් ඕන මගුලක් ඔට්ටුයි.

Poo said...

මෙ දාලා තියන පින්තුරෙ දැක්කාම මට මතක් වුනෙ මම කරපු දෙයක්. මම එක වතාවක් මම ගොඩක් ආදරෙ කරන කෙනාට පිටු 40 පොතක් පිරෙන්න "මම ඔයාට ආදරෙයි" කියලා ලියලා දුන්නා. එයා මෙදවස් වල මා එක්ක ටිකක් තරහින්. රවා කියනවා වගේ ජිවිතය හොල්ලන්න තරමි ලං කරගන්නෙ නැතිව ආදරෙ කරන්න මට නමි තෙරෙන්නෙ නැ

spacelanka said...

මට ඇඩුන මචන්. ඇත්තටම

Post a Comment