මේ පොත් කාරයෝ වශියක්වත් කරලද මන්ද?[දෙපාරක් ගියා පොත් ගන්න]

මේ පොත් කාරයෝ වශියක්වත් කරලද මන්ද යන්නමයිනේ හිතෙන්නේ.කෝම කෝම හරි කොච්චර වැඩ තිබුනත් සතියක් ඇතුලත දෙපාරක් ගියා පොත් ගන්න.ඇයි අප්පා පලවෙනි දවසේ හිදෙනකම් අරන් එලියට එනකොට පොඩි පොඩි කුටිවලට ගියහම පපුව දැවිල්ල ගත්තා.මොකද ආසම පොත් මෙන්න තියනවා.කෝම කෝම හරි මම දැඩි තිරනයක් ගත්තා තව දවසක එන්න ඕනේ කියලා.ඒ නිසා ඊයේ අයිත් දෙවෙනි පාරට සේන්දු උනා වේයා වගේ.
ඔක්කොටම වඩා එපාවෙන දේ තමයි තනියෙන් යන එක.ඒත් කමක් නැහැ එතකොට නිදහසේ බලලා පොත් ගන්න පුලුවන්.ඔන්න ඉතින් ගියා කියමුකෝ පොත් ගන්න.පලවෙනි දවසේ ලොකු බිලක් දාපු නිසා හිතන්ගියෙ පොඩි බිලක් දාගන්න.අවශයම පොත් දෙක තුනක් ගන්න.ඔන්න මම කෝම හරි ගත්තා ආස හිතුන පොත්..

 1.මහ රජ ගැමුණු-ජයන්ත චන්ද්‍රසිරිගේ 
[දුටු ගැමුණු රජ කතාව තමයි මේ.බොහොම ලස්සනට දෙබස් සහිතව ලියලා තියනවා.චිත්‍රපටයේ තිර පිටපත...නියමයි..]

2.චාවේස් - අචල උපේන්ද්‍ර
[වෙනිසියුලානු ජනාධිපති හියුගොස් චාවෙස් ගේ චරිතප්‍රදන.මම බොහොම ගරු කරන චරිත කිහිපයෙන් එකක් නිසා මට ඔනේම උනා මගේ චරිතප්‍රදන පොත් එකතුවට මේ පොතත් එකතු කර ගන්න.

                                           

3.සමාජවාදය මිනිසා සහ වෙනත් රචනා-චේ ග්වේරා
[මේකනම් මම හොයපුම පොතක්.චේ ලියපු පොතක් හොය හොයමයි හිටියේ.සමාජවාදය ගැන මම වැඩියෙන්ම ගරුකරන පුද්ගලයා ලියපු පොතක්.]




4.බොලීවියාවේ මතක සටහන්-තිසර චාමර
[මේකත් ජනප්‍රිය පොතක්.චේ බොලිවියාවේ සටන් කරත්දි ඔහුගේ දිනපොත තමයි මේ]




5.කැස්ත්‍රෝගේ දේශය-සුසන්ත කොඩි තුවක්කු
[කිව්බාව ගැනැ සදහන් වෙන වැදගත් පොතක්]



6.ලොව හෙල්ලූ මහා පා ගමන-ආරියරත්න දොඹගහ වත්ත.
[චීන නායක මා වෝ සේතුන් මෙහෙයවු මහා පා ගමන ගිය හැටි තම්යි මේකේ තියෙන්නේ.]



* ආ තව කතාවක් කියන්න තියෙනවා තව පොඩි පොත් වගයක් ගත්තා....:)
මාස්ටර් ගයිඩ් එක පැත්තෙනුයි,පොඩි සුරංගනා කතා පොත් තියෙන කඩේකිනුයි.....ඒවා මෙතන දාන්න බැහැ අප්පා...:) ලැජ්ජයි..

* තව එකක් අම්මා යකකොට කිව්වා රිබන් එම්බ්‍රොයිඩර් පොතක් ගේන්න කියලා.හැම තැනම හෙව්වා  කොහෙද ඉතින් හොයාගන්න නැහැ.ඒකට අම්මා පොඩ්ඩක් හරි නැහැ.ඉතින් මං මවන්න ඈ...




අතුරු කතා
1. අපේ අම්මා මං ගෙදරට ඇවිත් පොත් ටික දිග අරිත්දි කියනවා ''පුදුමයි උඹව සුදු වෑන් එකකින්  ඉස්සුවෙ නැත්තෙලු'' ඇයි ඉතින් ඔක්කොම රතු පොත්නේ..:)

2. හැම පොත් සාප්පුවකම ගුරු ගීතයයි,අම්මා යි වැහි වැහැලා.එක එක ප්‍රකාශකයෝ පිට කවරේ වෙනස් කර කර ඒකම ගහලා.පිටකවරේ වෙනස් උනාට කමක් නැහැ ඇතුල වෙනස් නොකර.

3. පොත් කඩවලට වඩා අඩියෙන් අඩිය කෑම බීම කඩ අනේ අම්මපා උනුත් හොද බිස්නස් එකක.

ඔන්න ඔහොම තමයි මගේ දෙවෙනි පොත් සවාරිය ඉවර උනේ..

''ගුඩ් මෝර්නින්ග් මගේ පනට'

''මම බොහොම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..''

''මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..''

මං නැගිට්ටනම් හරිනේ.තාම නිදන් ඉන්න නිසානේ මෙහෙම විකාර හීන පේනනේ.නැගිටිනකොටම අරයගෙන් මැසේජ් එකක්.. ''ගුඩ් මෝර්නින්ග් මගේ පනට''.අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ අල්ලලා ඉඹගෙන ඉඹගෙන යන්න..:) ආයිත්නම් නිදාගන්නෙම නැහැ සත්තයි....

මගේ පොත් සවාරිය.....

පහුගිය දවස් වල තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මමත් ගියා.පොත් ගොඩකුත් ගත්තා.පහුගිය දවස්වල වැඩ කටයුතු අධික වෙලා තිබ්බ නිසා ඒ ගැන විස්තරයක්වත් දාන්න බැරිවුනා. මේ තමයි මම ගෙනාපු පොත් ටික........තවත් ගන්නනම් පොත් ගොඩක් තිබ්බා.....එත් ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් අවුල්......කොහොම උනත් ගොඩක් වටින පොත් ගොඩක් මගේ කරගන්න ලැබුන එකට සතුටුයි.


ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්...

ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්
උන් දිනූ සතුටට උන් ජය පැන් බිබී නටත්දී
ගමේ අපි තාම මරාගන්නවා උන් වෙනුවෙන්
පලවෙනි දෙවෙනි බදාගෙන සුභ පතත්දී
අපි තාම මූණ බලන්නෑ පාරකදී ගමේ එකාගෙම...

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]


මේ සටහන මම ලියන්නේ බොහොම සතුටින්.ඒත් ඒ සතුට එක සුළු මොහොතකින් නැතිවෙන්න තිබුනා.කොටින්ම කියනවනම් මම වලට ගිහින් නැවත ගොඩ ආවා...
කාරනය අතිශයින්ම  පුද්ගලික කාරනයක් උනත් මේ සටහන් නොලියම බැහැ.

මම බොහම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..

මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..

මේ ප්‍රශ්ණය නිසා මම දින ගනනාවක් දුක් වින්දා,ඒ දින ගනනාවම මම පරිඝනකයට අතවත් තිබ්බේ නැහැ.එක් වරම මට ආපු මතකයත් එක්ක වෙව්ලන දෑතින් මම පරිඝනකය ඔන් කලා...

මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ මම කලා..
''මාරයා'' ඔව් එයයි නිවැරදිම දේ..
මම මාරයාගේ බ්ලොග් අඩවියට ගියා.මාරයා අයියා අන්තිමට දාලා තිබ්බ පෝස්ට් එකට මට උදව් ඉල්ලලා කමෙන්ටුවක් දැම්මේ බොහොම ඉක්මනට මේකට උත්තරයක් ඕනෙම නිසයි.

''අනේ මරාය අයියේ මම ලොකු ප්‍රශ්නෙක අනේ මට ඔයාට කතා කරන්න ඕනේ''
පැය භාගයක යන්නත් කලින් මට දුරකතන ඇමතුමක් ආවා.බ්ලොග් අවකාශයේ තවත් සහෝදරයෙක්ගෙන්

''මල්ලි ඉන්න මම මාරයට කියන්නම් ඔයාට ගන්න කියල''

තවත් මිනිත්තු කිහිපයක් ගත උනා..
''මල්ලි දසුන් මම මාරයා මොකක්ද අවුල''
මරායා මා ඇමතුවා..
මම මගේ ගැටලුව කිව්වා.ඒ මොහොතේ මාරයා අයියගේ උපදෙස් වලින් පොඩ්ඩක් ප්‍රශ්නේ විසදුනා.

ඇත්තටම ඒ මොහොතේ මට ඒ කරපු උදව්ව කවදාවත් අමතක වෙන එකක් නැහැ..
දයාබර මාරයා අයියේ ඔබට බොහොම පිං.තමන්ට පුද්ගලික වාසියක් නැතත් මං වෙනුවෙන් මේ ප්‍රශ්නෙ විසදගන්න මහන්සි උනාට.ඇත්තටම මාරයාට කිව්වා විතරයි බොහොම ඉක්මනට හුගක උනන්දුවෙන් මට උදව්කලා.මං වෙනුවෙන් ඒ ගතකල විනාඩි කිහිපයට බොහොම ස්තුත්යි.

දයාබර අයියේ ජීවිතේ කියන්නේ හරි පරිස්සම් කරගන්න ඕනෙ දෙයක්.ඒ ජීවිතේ සතුට රැකගන්න කරපු කැපවීමට බොහොම පිං අයියේ.ඒ වගෙම මාරයා අයියව සම්බන්ද කරගන්න උදව් කරපු සනත් අයියටත් බොහොම පින්.

''ජීවිතේ කටුක තැන්වලදී හමුවන සොදුරු මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවයි''

දයාබර මාරයා,දයාබර සනත් අයියේ බොහොම පිං.....

අන්තිමට මට උනේ හොදක්.මං මුලින්ම කිව්වේ මම එකපාරටම වලට ගියා කියලා අපායටම ගියා කියලා.එතන ඉදන් දැන්මට ඩබල් ප්‍රමෝශන් වැදුනා කෙලින්ම ආයිත් මනුස්ස ලෝකෙට නෙමෙයි දිව්ය ලෝකෙටම...

''මාරයා අයියේ අන්තිමට මට තිබ්බටත් වඩා හොද උනා''

''චේ''

හොදටම වැස්ස කම්මැලිකමට පොත් රාක්කේ තිබුන ''චේ'' අතට ගත්තා.
මොන හේතුවක් නිසාදෝ මන්දා කොච්චර කියෙව්වත් තවතවත් මේ පොත කියවන්නමයි හිතෙන්නේ.දැනට දහ පහලොස් වතාවකට වඩා මේක කියවලා ඇති.

''චේ'' කියවනකොට හිතට දැනෙන හැගීම කියලා නිම කරන්න බැහැ.

ඇත්තටම අපි චේ කියෙව්වද

?මම විශ්වාසකරන්නේ තරුණයෝ හැටියට අපි චේ ගේ චරිතය කියවිය යුතුමයි කියලයි.මොකද අපි මධයම පාන්තික සමාජවාදී රටක්.අපි ''චේ'' චරිතය නොකිව්වොත් ඒක තරුණයෙක් හැටියට ලොකු අඩුපාඩුවක් වෙයි.
ඒ නිසා හැමකෙනෙක්ම පුලුවන්නම් චේ චරිතය කියවන්න.ආස හිතෙයි. 

ජය!

 

මගේ හදවත ගලෝලා නුඹට දුන්නා...

මං නුඹට තිබ්බ ආදරේට
මගේ මස් ලේ වලින් හැදුනු හදවත ගලෝලා නුඹට දුන්නා
නුඹත් නුඹේ හදවත මට දුන්නා
කල් ගත් උනා...
නුඹේ හදවත තුරුල් කරන් ඉත්දි මට හරිම සනීපයක් දැනුනේ
මං දැනන් හිටියේ නැහැ නුඹ මට දුන්නේ
නුඹේ ඇත්තම හදවත නෙමෙයි දවසින් දවස දියවෙලා යන බොරු හදවතක් කියලා
ඒක දවසින් දවස දියවෙලා ගියා...
ඒත් මං නුඹට දුන්නේ මගේ ඇත්ත හදවත
නුඹ ඒකත් අරන් මගෙන් ඈතටම ගියා...
දැන් දවසින් දවස මම නැතිවෙනවා මගේ හදවත නැතුව
නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක
මාත් දියවෙනවා ටිකෙන් ටික...

''ආදරේ මොන තරම් පිවිතුරුද...'' බම්බුව තමයි........

[චතූ කොළඹට නුදුරු ගමක කෙල්ලෙක්.චතූගේ අරයා හද්ද පිටිසර අනුරාධපුරේ කොල්ලෙක්.චතූ වැඩට ගිහින් ආවහම හැමදාම රෑ 7ට අරය කෝල් කරලා කතා කරනවා.අනුරාධපුරේට ඒ තරම සිග්නල් නැතිනිසා නිතරම පෝන් එක කට්වෙනවා ඒත් ඌ කොහොම හරි ආයි ආයි කෝල් කරනවා]

එතන ඉදන් කතාව මේ...

චතූ හන්දියේ මරු සංගීතයක් අද.යමු බලන්න.
හ්ම්ම්.... යන්නත් ආසයි ඒත් ඉතින් අරය දැනගත්තොත් මෙතන යන්න එපා එපා කිය කිය නටයි.
අනේ එයාට මොකක් හරි කියලා යමුකෝ.
හ්ම්ම්ම්....කොහොමද යන්නේ..? මොකක්ද කියන්නේ...?අනික තව විනාඩි 15කින් එයා කතාත් කරනවා.
මොකක් හරි කියලා යමු බං..
මටත් ආසයි බං...ඒත් මොකද කරන්නේ...හරි අදහසක් ආවා..
මොකක්ද?
පෝන් එකේ සිම් එක ගලවමු..ඇවිල්ලා දා ගමු..
අන්න හොදයි..එහෙනම් එල එල යමු...

[කොහොම හරි කට්ටිය සංගීතේ බලන්න ගියා.බැලුවා විතරක් නෙමෙයි හොදට නැටුවා.ගෙදර එත්දි 12ත් පහුවෙලා.ගෙදර ආපුගමන් සිම් එක ආයිත් දැම්මා]

දාන කොටම කෝල් එකක්...
හෙලෝ පැටියෝ මොකද මෙච්චර වෙලා පෝන් එක වැඩ නැත්තේ..
ආ..... මේ.....මේ.....සිග්නල්....සිග්නල් නැහැ...මමත් හවස ඉදන්ම ඔයාට ගත්තා....ඒත්..මේ....වැඩ නෑ....
ආ ඇත්තද පැටියෝ..එහෙනම් කමක් නැහැ.මෙහේ ඈතනේ ඒ නිසා සිග්නල් නැතුව ඇති..දැන් රෑ වෙලා ඔයා දැන් නිදාගන්න.මම හතේ ඉදන්ම මේ එලියට වෙලා ඔයාට කෝල් ගත්තා..කමක් නැහැ..මගේ පැටියගේ වැරැද්දක් නෙමෙයිනේ.මං එහෙනම් තියන්නම්.බුදු සරණ‍යි.
බුදු සරණයි !
පෝන් එක තියනකොටම මිස් කෝල් ඇලට් මැසේජ් එක ආවා.YOU HAVE 134 MISS CALLS 07...........

''ආදරේ මොන තරම් පිවිතුරුද...''

බම්බුව තමයි........

උඹ ගැනම හිතලා...

උඹ ගැනම
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
මගේ හිත ගෙවිලා.......

මගේ යැයි සිතාසිටි බොහෝදේ.......

මගේ යැයි

සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

පුලුවන්නම් තේරුම්ගනින්.........

ඊයේ මගේ හොදම යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.

''මචං උඹ අර හිටවපු රෝස පැලේ පැලවෙලාද?''
''තාම ඒ රෝස පැලේ මැරිලා නම් නැහැ''
''නැහැ බං මම ඇහුවේ රෝස පැලේ දැන් පැලවෙලාද කියලා''
''ඒක තමයි මමත් කිව්වෙ තාමනම් ඒ රෝස පැලේ මැරිලා නැහැ''

යාලුවා උඹට ඒක තේරුම් ගන්න ගොඩක් කල්යයි.

''හැබැයි ඒ රෝස ගහ මැරිච්ච දවසට මම මුලින්ම කියන්නෙ උඹට''

තවත් එක් කතාවක්.....

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා....

ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......

 දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !