ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]


මේ සටහන මම ලියන්නේ බොහොම සතුටින්.ඒත් ඒ සතුට එක සුළු මොහොතකින් නැතිවෙන්න තිබුනා.කොටින්ම කියනවනම් මම වලට ගිහින් නැවත ගොඩ ආවා...
කාරනය අතිශයින්ම  පුද්ගලික කාරනයක් උනත් මේ සටහන් නොලියම බැහැ.

මම බොහම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..

මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..

මේ ප්‍රශ්ණය නිසා මම දින ගනනාවක් දුක් වින්දා,ඒ දින ගනනාවම මම පරිඝනකයට අතවත් තිබ්බේ නැහැ.එක් වරම මට ආපු මතකයත් එක්ක වෙව්ලන දෑතින් මම පරිඝනකය ඔන් කලා...

මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ මම කලා..
''මාරයා'' ඔව් එයයි නිවැරදිම දේ..
මම මාරයාගේ බ්ලොග් අඩවියට ගියා.මාරයා අයියා අන්තිමට දාලා තිබ්බ පෝස්ට් එකට මට උදව් ඉල්ලලා කමෙන්ටුවක් දැම්මේ බොහොම ඉක්මනට මේකට උත්තරයක් ඕනෙම නිසයි.

''අනේ මරාය අයියේ මම ලොකු ප්‍රශ්නෙක අනේ මට ඔයාට කතා කරන්න ඕනේ''
පැය භාගයක යන්නත් කලින් මට දුරකතන ඇමතුමක් ආවා.බ්ලොග් අවකාශයේ තවත් සහෝදරයෙක්ගෙන්

''මල්ලි ඉන්න මම මාරයට කියන්නම් ඔයාට ගන්න කියල''

තවත් මිනිත්තු කිහිපයක් ගත උනා..
''මල්ලි දසුන් මම මාරයා මොකක්ද අවුල''
මරායා මා ඇමතුවා..
මම මගේ ගැටලුව කිව්වා.ඒ මොහොතේ මාරයා අයියගේ උපදෙස් වලින් පොඩ්ඩක් ප්‍රශ්නේ විසදුනා.

ඇත්තටම ඒ මොහොතේ මට ඒ කරපු උදව්ව කවදාවත් අමතක වෙන එකක් නැහැ..
දයාබර මාරයා අයියේ ඔබට බොහොම පිං.තමන්ට පුද්ගලික වාසියක් නැතත් මං වෙනුවෙන් මේ ප්‍රශ්නෙ විසදගන්න මහන්සි උනාට.ඇත්තටම මාරයාට කිව්වා විතරයි බොහොම ඉක්මනට හුගක උනන්දුවෙන් මට උදව්කලා.මං වෙනුවෙන් ඒ ගතකල විනාඩි කිහිපයට බොහොම ස්තුත්යි.

දයාබර අයියේ ජීවිතේ කියන්නේ හරි පරිස්සම් කරගන්න ඕනෙ දෙයක්.ඒ ජීවිතේ සතුට රැකගන්න කරපු කැපවීමට බොහොම පිං අයියේ.ඒ වගෙම මාරයා අයියව සම්බන්ද කරගන්න උදව් කරපු සනත් අයියටත් බොහොම පින්.

''ජීවිතේ කටුක තැන්වලදී හමුවන සොදුරු මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවයි''

දයාබර මාරයා,දයාබර සනත් අයියේ බොහොම පිං.....

අන්තිමට මට උනේ හොදක්.මං මුලින්ම කිව්වේ මම එකපාරටම වලට ගියා කියලා අපායටම ගියා කියලා.එතන ඉදන් දැන්මට ඩබල් ප්‍රමෝශන් වැදුනා කෙලින්ම ආයිත් මනුස්ස ලෝකෙට නෙමෙයි දිව්ය ලෝකෙටම...

''මාරයා අයියේ අන්තිමට මට තිබ්බටත් වඩා හොද උනා''

''චේ''

හොදටම වැස්ස කම්මැලිකමට පොත් රාක්කේ තිබුන ''චේ'' අතට ගත්තා.
මොන හේතුවක් නිසාදෝ මන්දා කොච්චර කියෙව්වත් තවතවත් මේ පොත කියවන්නමයි හිතෙන්නේ.දැනට දහ පහලොස් වතාවකට වඩා මේක කියවලා ඇති.

''චේ'' කියවනකොට හිතට දැනෙන හැගීම කියලා නිම කරන්න බැහැ.

ඇත්තටම අපි චේ කියෙව්වද

?මම විශ්වාසකරන්නේ තරුණයෝ හැටියට අපි චේ ගේ චරිතය කියවිය යුතුමයි කියලයි.මොකද අපි මධයම පාන්තික සමාජවාදී රටක්.අපි ''චේ'' චරිතය නොකිව්වොත් ඒක තරුණයෙක් හැටියට ලොකු අඩුපාඩුවක් වෙයි.
ඒ නිසා හැමකෙනෙක්ම පුලුවන්නම් චේ චරිතය කියවන්න.ආස හිතෙයි. 

ජය!

 

මගේ හදවත ගලෝලා නුඹට දුන්නා...

මං නුඹට තිබ්බ ආදරේට
මගේ මස් ලේ වලින් හැදුනු හදවත ගලෝලා නුඹට දුන්නා
නුඹත් නුඹේ හදවත මට දුන්නා
කල් ගත් උනා...
නුඹේ හදවත තුරුල් කරන් ඉත්දි මට හරිම සනීපයක් දැනුනේ
මං දැනන් හිටියේ නැහැ නුඹ මට දුන්නේ
නුඹේ ඇත්තම හදවත නෙමෙයි දවසින් දවස දියවෙලා යන බොරු හදවතක් කියලා
ඒක දවසින් දවස දියවෙලා ගියා...
ඒත් මං නුඹට දුන්නේ මගේ ඇත්ත හදවත
නුඹ ඒකත් අරන් මගෙන් ඈතටම ගියා...
දැන් දවසින් දවස මම නැතිවෙනවා මගේ හදවත නැතුව
නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක
මාත් දියවෙනවා ටිකෙන් ටික...