හදවත සංවේදී වූ මොහොතක....


ෆෙස්බුකියේ මාගේ මිතුරෙක් දමා තිබු කතාවක් නිසා මා අද දැඩි සංවේගයකට පත්විය..එය දැක මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...

----මේ ඔහු දැමු අදහසයි ----

ඒ මීට අවුරුදු පහළොවකට පමණ පෙරය. දත් මදින්නට බෑ කියා අඬද්දිත්, කට මිරිකා දත් ටික මද්දවාගෙන නිල් පාට කොට කලිසමකුයි සුදු ෂර්ට් එකකුයි අන්දවාගෙන ලේන්සුවකුත් සාක්කුවේ එල්ලාගෙන වතුර බෝතලේකුත් බෙල්ලේ දාගෙන නම ගැසූ කාඩ්බෝඩ් කැබැල්ලක් සමග පාසළට (ඇදගෙන) ගිය මුල්ම දවස මට අද වගේ මතකය. දෙක වසරේ අක්කෙක් අවිදින් රෝස මලක් දී සිප පිළි ගත්තා තවත් හොඳට මතකය. එක වසරට ඇතුලත් වන විටත් කිසිඳු අකුරක් හෝ ලියන්නට නොදත් එකම ළමයා මා විය. එදා මා පාසල් ගියේ කිසිඳු බලාපොරොත්තුවකින් නොවූවද, මගේ අම්මාගේ හිතේ කප්පරක් බලාපොරොත්තු තියෙන්නට ඇත. මාව දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් නොකලත් පොළවට බරක් නොවී ජීවත් වෙන්න පුලුවන් එකෙක් වත් වනවා දැකීම ඇගේ හීනය වන්නට ඇත. මට ඒ බලාපොරොත්තු, ඒ හීන ගැන වැටහෙන්නට බොහෝ කළක් ගත වූවත් යම් මට්ටමකට හෝ මට ඒවා ඉටු කරන්නට හැකි වූවායි සිතිමි. තවත් බෝහෝ දේ කිරීමට ද ඇත. පාසල් ජීවිතේ ඉගැන්වූ කිසිඳු ගුරුවරයෙකුගේ හිත දිනා ගන්නට තරම් වාසනාව නොලද මා ඔවුන් ඉදිරියේ හංවඩු ගැසී සිටියේ හොඳ ළමයිනුත් වලට ඇද දානා එකෙක් ලෙසිනි. එහි එතරම්ම සත්‍යතාවයක් නැතිමුත් ඔවුන්ට මාව එපාවන්නට ලොකුම හේතුවනම් මගේ ඇඟ පුරා ඇති වාචාලකමයැයි සිතමි. 
ආදරයක් නිසා වරක් අම්මාගේ සල්ලිත්, මහන්සියත්, බලාපොරොත්තුත් නැති කර දැමූ මා සමහරක් දේ ලබා ගන්නට විභාගය දෙවැනි කොට කටයුතු කළෙමි. අවසන මට විභාගයත් ඒ දේවලුත් දෙකම නැති වීය. උගත් පාඩම් වලින් සන්නද්ධව මා දෙවැනි වර කිරීමට හිත හදාගත්තේ කිසිවෙකුගේ වත් බල කිරීමක් නිසා නොව කඳුළු සඟවාගේන දුක නොපෙන්වා සිනා වී ගෙන ආයෙත් කරපන් මයේ පුතේ යැයි කියු අම්මාගේ වදන් නිසාය. බොහෝ කලක් පල් වෙවී තිබුණු මොළ ගෙඩියට දස වද දී පදම් කරගෙන මාස හතකින් මා දෙවැනිවර සඳහා සූදානම් වීමි. පළමුවර සමහර දේවල් වෙනුවෙන් විභාගය අත් හැරීයද දෙවැනි වර මා ඒ දේවල් වෙනුවෙන් හා අම්මාගේ සතුට වෙනුවෙන් විභාගයටම සිත් යෙදීය. දැන් මට හොඳ ප්‍රතිඵලයකුත්, අවශ්‍ය අනිත් දේවලුත්, අම්මාට සතුටකුත් ගෙන දෙන්නට ඉඩ ලැබී ඇත. මෙය මා තනිව ලැබූ ජයග්‍රහනයක් නොව බොහෝ දෙනෙක්ගේ උදව් මත ලැබූවකි. ඒ සියළු දෙනාටම මාගේ ප්‍රණාමය. ස්තූතියි. 
ප.ලි - මාගේ ප්‍රථිපලය ය. භෞතික විද්‍යාවට A ද රසායන විද්‍යාවට B ද සංයුක්ත ගණිතයට C ද වේ. එය මහා ලොකු ප්‍රතිඵලයක් නොවූවද, මා බලාපොරොත්තු වන වාස්තු විද්‍යාඥයෙක් වීමට ප්‍රමාණවත් ය. මෙය එතරම් උදම් ඇනීමට තරම් කාරණාවක් නොවූවද, මා මෙය ලියා තැබුවේ මෙය ලබා ගන්නට මා කෑ කට්ට දන්නා නිසාත්, මා මුලදී සිටි තත්වයත් හොඳින්ම දන්නේ මා නිසාවෙනි. ~තිළිණ a.k.a පෙට්ටි.

----මේ මා ඔහුගේ පොස්ට්ටුවට දැමු දීර්ඝ කොමෙන්ටුවයි.....----

දයාබර මිතුරු තිළිණ....,කොහෙන් කොහොම කමෙන්ට් කිරීම ආරම්භ කලයුතු දැයි දෙතුන් වරක් නොවැ දහ දොළොස් වතාමක් සිතමින් මා මා සමගම තර්ක කල ගතිමි...උබේ මේ අදහස කියවමින් මැද හරියට එන විට එතෙක් දෑසේ තිබු කදුළු කැට දෙක කම්මුල් දිගේ රූටා වැටුනේ මන්දැයි සිතා ගන්නට බැරිවිය...බොද වුනු ඇස් දෙකෙන් ඉතිරි ටිකත් කියවා හමාර කලෙමි...ඇසේ ඉත්රිවු තවත් කදුළු කැට දෙකක් ඇදගෙන සිටිනා ෂර්ට්ටුවේ අතෙන් පිහිදා දමමින් මේ අදහස කීමට හිත නැවතත් හදා ගත්තේය......

උබේ කතාවත් සමග මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...උබේ අම්මා මෙන් මගේ අම්මාත් කප්පරක් බලාපොරොත්තු හිතේ දරන් මා පාසලට රැගෙන ගිය හැටි මතක් වෙත්දී දැනෙන වේදනාව හා සන්තාපයේ තරම මේ යැයි කියන්නට බැරිය..ඒ මාගේ දයාබර අම්මාත් කුඩා කල සිට මා වෙනුවෙන් වින්ද දුක,මාගේ දයාබර පියා මා පාසල් යැවීමටත් ඉගෙන්විමට්ත් වින්ද දුක මතක් වූ නිසාය...

ගමේ පාසලේ ඉගෙන ගත් මා පහ වසර ශිෂත්වය සමත්ව ''ලොකු'' පාසලකට ඇතුලත් කාරයින් පසු මාගේ අධ්‍යාපනය සදහා අසීමිතව කැපවූ හැටිත්,අසීමිත මුදල් සම්භාරයක් මා වෙනුවෙන් නිර්ලොබිව වැය කල සැටිත්,උසස් පෙළ දක්වාම පෞද්ගලික පන්ති සදහා විශාල මුදලක් කැපකර මා හට ඉගැන්වූ සැටිත් මතක් වෙත්දී මාගේ හදවතේ ගබුරුම තැනින් නැගෙන වේදනාවෙන් මා හද අසීමිතව රිදුම් දෙන්නේ මං දැයි වටහාගන්නට පවා නොහැකි වී ඇත්තේ ඒ තරම් එය මගේ හද කම්පා කර ඇති බැවිනි....

ඔවුන් අපට ඒ කල කැපවීම් වලට සලකන්නට දවසක් එතැයි එකල නොසිතුවත් මෙකල ඒ සිදුකල අසීමිත කැපවීම් එකින් එක මතකයට එන විට හදවත රිදුම් දෙන්නේ ඔවුන් කොතරම් වේදනාවක් විදින්නතිදැයි සිතත්දිය....

කියන්නට තව බොහෝ දේ ඇතත් මේ මොහෙතේ මට ඒ කිසිවක් ටයිප් කර ගැනීමට නොහැකි තරම් මා සංවේදී වී ඇත.....

දයාබර මිත්‍ර තිලින....උබට ජය..!! මුල මතක දරුවෙකුට කිසිදිනෙක වරදින්නේ නැති බව දෙමව්පියද දනී...උබේ අම්මාත් මේ ලියමන කියෙව්වේනම් හඩනාවාට කිසි සැකයක් නැත...මෙතරම් දිග කමෙන්ටුවක් ලියන්න වේ යැයි මා සිතුවේ නැත....අවසාන මට උබට කියන්නට ඇත්තේ එක දෙයකි....

''දයාබර තිලින,උබට් කිසිදින වරදින්නේ නැත...හදවතින් මා උබට සුභ පතන්නේ මාගේම සහෝදරයෙක් යැයි සිතමිනි.....

නුබට ජය සහෝදරයා !!!!

ලක්දිව හැඳින්වූ විවිධ නම්...


ලක්දිව හැඳින්වූ විවිධ නාම මෙසේ ය.

1. ආමු ද්වීප

2. ඉන්දියන් සාගරයේ මුතු ඇටය

3. ඉළංගෙයි

4. ඉළංදු

5. ඉළනාර

6. ඊළ

7. ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්දිව හැඳින්වූ නාමයයි)

8. ඕජදීප

9. කසිගෝ

10. කේට් ලංකා

11. කෙයිලෝන්

12. චල (අරාබි භාෂාවෙන්)

13. චිංකලෙයි (දමිළ භාෂාවෙන්)

14. තනසරිම්

15. තපරවාන්

16. තබර්ඛාන්

17. තම්බපණ්ණී

18. තම්බපණ්ණී ද්වීප

19. තම්තබීන්

20. තඹපැන් ද්වීප

21. තැප්‍රොබේන් (ග්‍රීක - රෝම යන භාෂාවලින්)

22. තාර්සිස්

23. තාමුදීප්

24. තිලක (රුහුණු පිහිටි මායා බෙදීම මුල්කොට ගෙන භාවිතා විය)

25. ත්‍රී සිංහලය (ඉහත බෙදීම හා බැදේ)

26. තේහු හොයිගෝ (බුරුම භාෂාවෙන්)

27. දසඛණ්ඩි රාජ්‍ය

28. දිල්මුන්

29. දශෂිර : පුර

30. පරවාන් ද්වීප

31. පලාංකොට්

32. පළේසිමන්දු

34. ජැසිරාත් - අල් යකුත් (අරාබි භාෂාවෙන්)

35. ජම්බු ද්වීප (පාලි භාෂාවෙන්)

36. මණ්ඩ ද්වීප

37. මණ්ඩු ද්වීප

38. රත්න ද්වීප (ලක්දිව මැණික් ලොව ප්‍රකට බැවින්)

39. රත්නදීප

40. රාවණපුර

41. රාවණ ද්වීප

42. රාක්ෂ ද්වීප

43. රාක්ෂ පුර

44. රකියුප්

45. රුවන්දීප

46. ලංකා (හෙළ භාෂාවෙන්)

47. ලංකා ද්වීප

48. ළක

49. ලක්දිව

50. වරදීප

51. පිති ක්වෝ (චීන භාෂාවෙන්)

52. ශ්‍රී ලංකා (වර්ෂ 1972 ජනරජ

ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව)

53. සග සස්දිව්

54. සයිලන්තු (මලයාලම් භාෂාවෙන්)

55. සලිස්

56. සළිකේ

57. සාලයික්

58. සින්දු

59. සිමන්ඩා

60. සීමන්ඩාදු

61. සිරිලක (හෙළ භාෂාවෙන්)

62. සිසිල

63. සිහලද්වීප

64. සිලිදිව්

65. සිලොන් (ඉංග්‍රීසි භාෂාවෙන්

66. සිංගල් දිව්

67. සිංගලම් (දමිළ භාෂාවෙන්)

68. සිංහලය

69. සිංහල ද්වීප

70. සිලන්

71. සිහලදිව්

72. සිහලාන් ද්වීප

73. සිහොලේ (පාලි භාෂාවෙන්)

74. සිගෝ (බුරුම භාෂාවෙන්)

75. සිලාන් (අරාබි භාෂාවෙන්)

76. සුපර් චාන් (තායි භාෂාවෙන්)

77. සෙයිලාන්

(පෘතුගිසි භාෂාවෙන්)

78. සෙයිලාන් දිවන්

79. සෙරන්දිබ් (අරාබි භාෂාවෙන්)

80. සෙන්කියා (චීන භාෂාවෙන්)

81. හෙලන්දු

82. හෙල ද්වීප

83. හෙල දෙරණ

84. හෙළය

85. හේලිකේ

86. පෙලෙයිසිමන්ඩා

87. පරවාන් ද්වීප

88. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය

අවුරුද්දට මාමාගෙන් මට මැසේජ් එකක්...


අද උදෙන්ම නැගිටිනකොට හැමෝම දන්නා කෙනෙක් මට මැසේජ් එකක් එවලා බොලේ.....අවුරුද්ද්දට සුභ පතලා....මං ඒක දැක්ක ගමන් උඩ ගිහින් බිම වැටුනා...ඇයි අප්පේ අවුරුද්දකට සැරයක් හරි එයාට අපිව මතක් වෙනවනේ කියලා.....

මෙන්න මට එවපු මැසේජ් එක ඒ විදිහටම දැම්මා......

''දයාබර දසුන් පුතේ,ලැබුවා වූ 2013 නව වසර ඔබටත් ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ආශ්චර්යමත් නව වසරක්ම වේවා....ඉතින් කොහොමද පුතේ අවුරුදු එහෙම....ජයද ?අපිනම් දැන් කිරි ඉතිරුවා...අපේ මුට්ටිය වටෙන්ම කිරි ඉතිරුනා....පුතාලගේ කිරි මුට්ටිය ඉතිරුනාද......
ආ.....මේ ශිරන්ති නැන්දත් පුතාට සුභ අලුත් අවුරුද්දක් කියන්න කිව්වා.....නැන්දා මේ කිරි එක උතුරන ගමන් ඉන්නේ....මං මේ හාන්සි පුටුවේ ඉදන් කකුල් දෙකත් උඩට දාගෙන ඉන්නේ....නාමල් මල්ලියි,යෝෂිත මල්ලියි බබර චක්කර පත්තු කරනවා....බලන්නකෝ රෝහිත මල්ලි ''අහස කුරක්''උඩ යවන්න ගිහින් අත පුච්ච ගත්තා.....පව් පොඩි එකා....මගේ හිතේ දැන් අල්ලපු ගෙදර කෙල්ලත් එක්ක නිලා පත්තු කරනවා එළියේ....

ඉතින් පුතේ කොහොමද ඔය පැත්තේ අලුත් තොරතුරු,අපිනම් මැදමුලනේ ගෙදර ඉන්නේ මේ ටිකේ....ආ පුතේ.....පුතා පහුගිය අවුරුදු ගානම අපි වෙනුවෙන්, මං වෙනුවෙන් ජන්ද වලදී ගොඩක් වැඩකලා කියලා මං දන්නවා.....කොහෙද ඒ උනාට තාම මට පුතාට රස්සාවක් දෙන්න බැරි උනානේ....බය වෙන්න එපා මම කළගුණ දන්නා මිනිහෙක්නේ...ඉක්මටම පුතාට රස්සාවල් දෙන්නම්...පුතා ජන්දේ කාලේ නිදි මාරාගෙන,අතේ තියෙන සතෙන් නැති කරගෙන,ගුටි කාගෙන,කතා අහගෙන මං වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කලාද...මට ඒවා හොදට මතකයි රත්තරන් පුතේ....

මේ ලගදි අපි ගෙදරත් කතා උනා මෙච්ච්චර මහන්සි වෙලත් පුතාට තාම රස්සාවක් හොයලා දෙන්න බැරි උනානේ කියලා....ශිරන්ති නැන්දත් මට බැන්නා....''ඇයි මනුස්සයෝ ඒ ළමයා අපේ පුතෙක් වගේ නේද කියලා,ඉක්මනට රස්සාවක් හොයලා දෙන්වා කියලා,අපේම පුතෙකුටනම් ඔයා ඔහොම කරයිද කියලා ඇහුවා''

නාමල් මල්ලිත් මේ ලගදි මට කිව්වා තාත්තේ අපි දසුන් අයියව තාරුන්යට හෙටක් එකේවත් සභාපති කරමු කියලා...මං කිව්වා චී... පුතේ ඒ ළමයට ඊට වඩා හොද එකක් අපි හොයලා දෙමු කියලා....ඒ අස්සේ පොඩි එකා යෝශිත් මට කියනවා තාත්තේ තාත්තේ අපි දසුන් අයියව අපේ ''කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්'' එකට දාලා csn එක බාරදෙමු කියලා....මං කිව්වා අපෝ පුතේ දසුන් අයියා අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට එකනම් හොදටම මදි අපි ඊට වඩා හොද එකක් දෙමු කියලා.....

ඒ අස්සේ පුංචි එකා කුපාඩි කමට කියනවා...''තාත්තේ අපි දතුන් අයියව මදේ ලොකට් එකේ හදත යවමු-එයා ලොකට් වල යන්න ආත ඇතිනේ'''' කියලා..මං උට පුකට දෙකක් ගහලා දුවපන් කියලා එලෙව්වා....ඇයි පුතේ බලන්නකෝ පුතා කොච්චර මහාසි උනාද අපි වෙනුවෙන්...එහෙව් එකේ පුතාව එහෙම සවුත්තු ඒවාට දාන්න පුලුවන්ද....

පුතා කිසි දේකට බය වෙන්න එපා...මං ඉක්මනට පුතාව එහෙකට දාන්න තීරණය කළා.....හොදම එකක්....මාත් එක්කම ඉදතහැකි...නැන්දා උයන බත් කටක් කාලා මල්ලිලා එක්ක සෙල්ලම් කරතහැකි....මං පුතාව ඒ තනතුරට දාන්න තීරණය කළා.........
''හැබැයි ඉතින් එක අවුලක් තියනවා.....පුතාට තව ටික දවසක් ඉන්න වෙනවා...මොකද මේ ''ලලිත්'' මාමා විශ්‍රාම යන්නත් එපාය !!

------------------
මට අන්තිම පේලිය කියවත්දී කලන්තේ දැම්මා....හරි අමාරුවෙන් වතුර ගහලා ගහලා නැගිට්ට ගත්තේ.....

ආ...නැගිටලා ආයි ඉතුරු ටික බලනකොට මෙහෙමත් තිබ්බා.....

''එහෙනම් මගේ රත්තරන් පුතේ පුතාට සුභ-අනාගතයක් !!

තව මාමා මං සිංහල ටික හරියට කියවන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසා ඒ ටික දෙමලෙනුයි.ඉන්ගිරිසියෙනුයිත් එවලා තිබ්බා.....අනේ සන්තෝසයි අවුරුද්දට හරි මාමාට මාව මතක් උනානේ.....

මෝඩ ''ශ්රෙක්'' මං...


''ශ්රෙක්'' මං ''ෆියෝනට'' ආදරේ කරපු....


කැතම කැත
මෝඩ
''ශ්රෙක්''
මං
ලස්සනයි කියලා
හිතන් හිටපු
''ෆියෝනට''
ආදරේ කරපු

නො වෙන් පඹයෙක් මයෙ පුතේ.....


දස අතේ ගිය හොත් පුතේ නුඹෙ
කුඩිල්ලම දෙදරුම් කතේ
හිතුමතේ වැඩ කළෝතින් අපෙ 
ගමේ කම නුඹෙ නැති වෙතේ

රට තොටේ කපටින් ට රැවටී 
වරිගෙ නැති නොකරන් පුතේ
අතමිටේ හිඟ වුණත් කම් නැත 
නො වෙන් පඹයෙක් මයෙ පුතේ

අතමිටේ හිඟ වුණත් කම් නැත නො වෙන් පඹයෙක් මයෙ පුතේ...


සෑම මිනිසකු ම තම ඇවැතුම් පැවතුම් සඳහා උගත යුතු පාඩම් බොහෝ ය. විඳිය යුතු අත්දැකීම් සේම, ලබා ගත යුතු අවවාද අනුශාසනා ද එමට ය. ඒ පරිචයන්ගෙනි මිනිස් දිවිය හැඩ වැඩ විය යුත්තේ. ඇතැම් හු ඒවා කෙරේ කැමත්තක් නොදක්වා තම ජීවිත නන්නස්තාර කරගනිති. මැණිකක් වුවත් කපා කොටා ඔප මට්ටම් කළ තරමට එහි වටිනාකම ද අධික වෙයි. ජීවිතය ද එසේ ම ය.

විවිධ සුබවාදී දැනුම් සම්භාරයන් ගෙන් අවවාද අනුශාසනාවලින් හා අත්දැකීම් වලින් පිරිපුන් මිනිස් දිවිය හරවත් ය. වැඩදායක ය. පිරිපුන් ය. පරිණත ය. බොහෝ දෙනකු මේවා ගැන නොතකා ජීවිතය ම හරසුන් කර ගන්නා අවස්ථා අපමණි. අනතුරු ව ප්‍රබල ලෙස පසුතැවිලි වෙමින් කල් මැරුවත්, ඉන් අත්වන්නේ පළ රහිත බවකි. පරිහානියකි.

මේ බව යහමින් ම දැන හඳුනන අපේ ගමේ ඇත්තෝ තම දූ දරුවන්ට උක්ත කරුණු කාරණා වටහා දීම තම පරම යුතුකම් සේ සැලකූහ. ඒ යුතුකම් කේන්ද්‍ර ගත කරගෙන බාල වියේ පසුවන දරුවන් ගේ පටන් වැඩි හිටියා දක්වා වැලදිය යුතු හරවත් දිවි ගමනකට අත්‍යවශ්‍ය සියලු දෑ තමා ආදර්ශයේ පිහිටා සදා සම්පාදනය කළහ. ළාබාලයන් තව ම ජීවිතය විඳ ගත්තන් නොවන හෙයින් එදා වැඩිහිටියෝ දරුවන්ට ආදර්ශවත් සෙවණැල්ලක් ම වූහ.

වැඩිහිටි සෙවණේ හැදෙන වැඩෙන බාලක බාලිකාවන්, යොබ්බන යොබ්බනියන් වන තෙක් ද එතැන් පටන් ඔවුන් දීග දලග දෙන තෙක් ද එයින් නොනැවතී දරු මල්ලන් දකින තුරා ද යහ ජීවිත මාර්ගයේ සම්බාධකයන් ජය ගැන්මට මාර්ගෝපදේශකයන් වූයේ දෙමහල්ලන් ය. වැඩිහිටියන් ය. යමක් යමකුට අවබෝධ කළ යුත්තේ අවබෝධ කරන්න අත්දැකීම් ක්ෂේත්‍රයෙන් පරිණත වූ පසු ව ය.

හේතුව හරි හමන් අයුරින් දරුවකුට ජීවිතය විඳ ගැනීමට නම් දෙමහල්ලන් හෝ වැඩිහිටියන් ජීවිත ගමනේ විවිධ පැතිකඩ ඔස්සේ ගැටෙන සුඛ සෝමනස්සයන් මෙන් ම දුක්ඛ දෝමනස්සයන් ද වලදා ඒවායින් පදම්වී සිටිය යුත්තේ ම ය. ඒ බව ගමේ වැඩිහිටියන් එදා මනාකාරයෙන් දැනමුතු වී සිටි බව නම් සැබෑ ය.

එසේ සහතික විය හැක්කේ නිත්‍ය වශයෙන් ම ඔවුන් විවිධාකාරයෙන් වූ දැනුම් සම්භාරයකින් පරිපූර්ණ නිසාවෙනි.

එනිසා වැරදි මාවත හා නිවැරදි මාවත දරුවන්ට පහදා දීමට ඔව්හු සුදුස්සෝ ම වූහ. එමඟින් තම දූ පුතුන්ට වැරදි මාර්ගයෙන් බැහැර ව, නිවැරදි මාර්ගයට පියමනින හැටි හුරු පුරුදු කළේ ය. නිවැරදි මඟ දුර ය.

විවිධ පිරිපතයන් ගෙන් ගහණ ය. ඇරත් පල්ලමක් අත ළඟ නොවේ... කඳු හෙල් තරණය කළ යුතු ය. එහෙත් වැරදි මඟ ඉතා සූකර ය. බාධක ද නොපෙනේ. කඳු වෙනුවට ඇත්තේ පල්ලම් ය. මේ බව පසක් කරමින් දුෂ්කර යහමඟට වඩා අයහපත් මඟ සූකර ය. එහෙත් එහි ගමන් ගන්නෝ ජීවිතයෙන් ද පරාජිතයෝ වෙති. දුෂ්කර මුත් යහ මඟේ යෑමට ඔවුන් තම පුත්‍ර පුත්‍රිකාවන්ට එළි වැටක් වූයේ එහෙයිනි.

ඒ එළි වැටේ දිදුලන ආලෝකයන් කීපයකි. එකක් ජිවිතය පිළිබඳ ආදර්ශයන් ය. අත්දැකීම් තවකකි. එමෙන් ම අනෙක අවවාද අනුශාසනා ය. එවන් ඔවදමක් තම පුතකුට පියකු විසින් දැනුවත් කළ ආකාරයයි මේ සීපදයෙන් දිග හැරෙන්නේ.

“දස අතේ ගිය හොත් පුතේ නුඹෙ 
කුඩිල්ලම දෙදරුම් කතේ
හිතුමතේ වැඩ කළෝතින් අපෙ 
ගමේ කම නුඹෙ නැති වෙතේ

රට තොටේ කපටින් ට රැවටී 
වරිගෙ නැති නොකරන් පුතේ
අතමිටේ හිඟ වුණත් කම් නැත 
නො වෙන් පඹයෙක් මයෙ පුතේ

මේ සීපදය දුරදිග බලා කටයුතු කළයුතු බව විවාහක තම පුතුට දෙන ඔවදමක් ලෙස සැලකිය හැකියි. නන්නස්තාර ව දස අතේ ගියොත් සිදුවන්නේ නුඹේ කැඩිල්ලම (අඹු දරු සහ නිවසම) දෙදරා යයි. එමෙන් ම හිතුමතේට නුඹේ ඕනෑ එපාකම් කරන්නට පටන් ගත හොත් පුතේ අපි මෙතෙක් කල් පණ සේ රැකගත් ගමේ කම නුඹෙන් ලුහුටා යනවාමයි.

සමහර විට රටේ තොටේ ඉන්න කපටින් කෙරේ සිහි දැනගන සිටින්නට ඕනෑ. ඔවුන්ට රැවටී ඔවුන්ගේ වුවමනාවන් පිරිමහ ගන්නට නුඹ දඩමීමා කරගත්තොත් කිසිම අනුමානයක් නෑ අපේ වරිග පරපුර නැති වෙනවා මයි. ඒ නිසා ඒ ගැන සැමවිට ම සිතා මතා සිහි බුද්ධියෙන් යුතුව කපටින්ට නොරැවටී අපේ පාරම්පරික වරිගය ආරක්ෂා කරගත යුතුමයි.

ඒ විතරක් නොව, නොයෙක් අග හිඟ කම්, නොයෙක් නැති බැරිකම් මනුෂ්‍යයකුට ඇති වෙනවා මයි. හැබැයි එසේ වූ විටක අනුන් හමුවේ වැදගැම්මකට නැති නිවට නියාලු වාගේ ම එක එකා ගේ බහට හිසනමා ගෙන එක එකා වෙනුවෙන් නහින්නට මයෙ පුතේ උඹ වගාවකට බැඳපු පඹයෙක් නම් වෙන්නට එපා.

මෙසේ දක්වාලිය හැකි සංසිද්ධීන් බොහෝ කොට එදා කල් යල් බලා පියකු විසින් පුතාට දෙන ලද අපූරුතම ආදර්ශයන් සහිත අවවාදයක් බවත්, වත්මන් සමාජයට ඒවා කදිම ඔවදමින් ම වනවාට කිසිදු සැකයක් නැත.

හේතුව නන්නස්තාර වී ජීවිතය ගැන නොතකන බහුතරය එයින් තම පවුල ම මහා දුක්ඛදායක තත්ත්වයකට ඇද දමන සිද්ධීන් අද අප අතර විරල නොවේ. හිතුමතේට වැඩකර තම දේශයට ම පිළිලයක් වූවන් ද, රටේ තොටේ සිටින කපටි කයිරාටිකයන්ට රැවටෙන්නෝ ද පසුව එයින් නොයෙක් ගැටලුවලට මැදි වී ඇතැම් විට ජීවිත පවා හානි කර ගත්තා.

මේ අතර මතු අවවාදයක් කාටත් ගැළපෙන පණිවුඩයක් ය. එනම් අද මහ ඇත්තන් හමුවේ පඹයන් වී සිටින්නන් බොහෝ ය. මහ ඇත්තන්ට ගැති වී වාසි අපේක්ෂා වෙන් කටයුතු කර පසුව මහ ඇත්තෝ තමාගේ අවශ්‍යතාවය පිරිමසා ගෙන මේ පඹයන් වාගේ වී දිවා රෑ නොබලා ඔවුන්ට වැඩ කරමින් හිස නැමූවත් අවසානයේ මහ ඇත්තන් තමාගෙන් පළවා හරිති. මේවා අප කාහටත් කදිම පාඩම් ය. එහෙයින් සිහියෙන් කටයුතු කිරීම මනා ය.

බස් එකේ කතාවක්...


හරියටම අවුරුදු දෙහෙකට විතර පස්සේ අද බස් එහෙක ගියා.අන්තිමට බස් එහෙක ගමනක් ගියේ මිට අවුරුදු දෙහෙකට කලින්...බස් වලත් මරු මරු වැඩනේ වෙන්නේ....

කොහොමින් කොහොම හරි බස් එකේ නැග්ගා කියමුකෝ...වාඩි වෙන්න ෂිට් එකක් බලත්දී පිටි පස්සට වෙන්න ෂිට් එකක් තිබුන නිසා ලගට ගියා.බැලින්නම් ෂිට් එකේ සුකිරි බෝලයක් වගේ ගෑණු දරුවෙක්.රූපේනම් ඇත්තටම හැඩයි...ඒක වැඩක් නෑ...කොහොම හරි ඉතින් ලගට ගිහින් ඒ ෂිට් එකේ වාඩි උනා...වාඩි වෙත්දී ගැනු දරුවා මාත් එක්ක යාන්තමට හිනා වෙලා අයිනට වෙලා ඉඩ දුන්නා....

ඔන්න බස් එක හිමින් හිමින් යන්න පටන් ගත්තා කියමුකෝ....මාත් ඉතින් මගේ පාඩුවේ ගියා,අර ගැනු දරුවත් එලිය බලාගෙන පාඩුවේ ගියා.... ටිකක් දුර යත්දිනේ මරුම වැඩේ උනේ....හප්පේ තාමා හිනා මට මතක් වෙත්දී.... :ඪ්

මේ ගැනු දරුවට එක පාරටම ඇමතුමක් ආවා,දුරකථනය තිබ්බේ බැග් එකේ පොකට් එකේ...කෝල් එක එනවත් එක්කම කෙල්ලට උන් හිටි තැන් අමතක උනා....ඇයි මරු රිගින් ටෝන් එකක්නේ ඇහෙන්න පටන් ගත්තේ... 

'' යුවර්-මයි පම්කින් පම්කින් හලෝ හනි බනී,ආම් යුවර්..................හලෝ හනි බනී,ෆිලින්ග් සම්තින් සම්තින් හලෝ හනි බනී....හනි බනී....''

කෙල්ලගේ මුණ ලජ්ජාවෙන් රතු උනා...ඇයි යකෝ දාගන්න එකේ දාගනින්කෝ ලජ්ජවෙන්නේ නැති සින්දුවක්....කෙල්ලට එක පාරටම කෝල් එක කට් කරගන්නත් බැරි උනා...

ෆෝන් එක අතට ගන්නවත් එක්කම එක පාරටම සින්දුවේ ඉතුරු කෑල්ලත් ගියා

''ටොකෝ....ටොකෝ.....................''

මට බකස් ගාලා හිනා ගියා....ගැනු දැරිවිටත් හිනා ගියා මුණ රතු වෙලා,ලැජ්ජාව නිසාම ගැනු දැරිවිත් හිනා වෙනවා....මටත් බහිනකම් හිනා...කාලෙකට පස්සේ හොදට හිනා උනා...පස්සේ කොච්චර බය උනාද,ලජ්ජා උනාද කියනවනම් පටස් ගාලා පොන් එක ඔෆ් කරලා බැග් එකට දා ගත්තා...ඊට පස්සේ ජනේලෙන් එලිය බලාගෙන හිනා වෙවිම ආවා.මටත් හොදටම හිනා මමත් ඉතින් හිනා වෙවිම ආවා....තාම හිනා යනවා මතක් වෙත්දී....

මං බහින තැන ලං උනා....තවත් හිනා යනවා වැඩියි..මං ඉතින් බහින්න සුදානම් උනා...අර ගැනු දැරිවිත් හොරැහින් බැලුවා....මං ඒ ගැනු දැරිවිට පුංචි විහිළුවක් කරලා බස් එකෙන් බැස්සා...

''ටොකෝ....ටොකෝ............''

----------------------------------------
හි......හි......හි......හි......හි......