[චතූ කොළඹට නුදුරු ගමක කෙල්ලෙක්.චතූගේ අරයා හද්ද පිටිසර අනුරාධපුරේ කොල්ලෙක්.චතූ වැඩට ගිහින් ආවහම හැමදාම රෑ 7ට අරය කෝල් කරලා කතා කරනවා.අනුරාධපුරේට ඒ තරම සිග්නල් නැතිනිසා නිතරම පෝන් එක කට්වෙනවා ඒත් ඌ කොහොම හරි ආයි ආයි කෝල් කරනවා]
එතන ඉදන් කතාව මේ...
චතූ හන්දියේ මරු සංගීතයක් අද.යමු බලන්න.
හ්ම්ම්.... යන්නත් ආසයි ඒත් ඉතින් අරය දැනගත්තොත් මෙතන යන්න එපා එපා කිය කිය නටයි.
අනේ එයාට මොකක් හරි කියලා යමුකෝ.
හ්ම්ම්ම්....කොහොමද යන්නේ..? මොකක්ද කියන්නේ...?අනික තව විනාඩි 15කින් එයා කතාත් කරනවා.
මොකක් හරි කියලා යමු බං..
මටත් ආසයි බං...ඒත් මොකද කරන්නේ...හරි අදහසක් ආවා..
මොකක්ද?
පෝන් එකේ සිම් එක ගලවමු..ඇවිල්ලා දා ගමු..
අන්න හොදයි..එහෙනම් එල එල යමු...
[කොහොම හරි කට්ටිය සංගීතේ බලන්න ගියා.බැලුවා විතරක් නෙමෙයි හොදට නැටුවා.ගෙදර එත්දි 12ත් පහුවෙලා.ගෙදර ආපුගමන් සිම් එක ආයිත් දැම්මා]
දාන කොටම කෝල් එකක්...
හෙලෝ පැටියෝ මොකද මෙච්චර වෙලා පෝන් එක වැඩ නැත්තේ..
ආ..... මේ.....මේ.....සිග්නල්....සිග්නල් නැහැ...මමත් හවස ඉදන්ම ඔයාට ගත්තා....ඒත්..මේ....වැඩ නෑ....
ආ ඇත්තද පැටියෝ..එහෙනම් කමක් නැහැ.මෙහේ ඈතනේ ඒ නිසා සිග්නල් නැතුව ඇති..දැන් රෑ වෙලා ඔයා දැන් නිදාගන්න.මම හතේ ඉදන්ම මේ එලියට වෙලා ඔයාට කෝල් ගත්තා..කමක් නැහැ..මගේ පැටියගේ වැරැද්දක් නෙමෙයිනේ.මං එහෙනම් තියන්නම්.බුදු සරණයි.
බුදු සරණයි !
පෝන් එක තියනකොටම මිස් කෝල් ඇලට් මැසේජ් එක ආවා.YOU HAVE 134 MISS CALLS 07...........
''ආදරේ මොන තරම් පිවිතුරුද...''
බම්බුව තමයි........
May23,2011
May
23,
2011
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
jara kellek..
ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට මේ විදිහට සලකන ඒක කොයි තරම් පහත් වැඩක්ද :(
ප්‍රෝඩාව.....
Post a Comment