''මව් සෙනෙහේ මෙන් නැත අන් සරණා...''

අම්මගේ ආදරේ පුදුමාකාරයි.ඒ නිසාම මුලින්ම මට මගේ ආදර අම්මව මතක් උනා.

කොහොම හරි ඊයේ රෑ හිතුනා අම්මට කියල බත් කටක් කවාගන්න.මගේ වයසත් එක්ක තාමත් මම අම්මාලග දැවටෙන එක අනිත් අයට පුදුමයි.ඒත් මම ආස අම්මා ලගින්ම ඉන්නයි. වෙසක් පෝය දවසේ ඉදන් මස්,මාළු කන එක නැවැත්තුව හින්දා දැන් බත් කන එකත් එච්චර උවමනාවක් නැහැ.ඊයේ රෑත් කන්නැතුව ඉන්නයි හැදුවේ.කොහෙද අම්මගෙන් හොදවයෙන් දෙකක් අහගෙන අන්තිමට වාඩිවෙන්න උනා.

ඉස්සර මම එළවලු කනවා හරි අඩුයි[තාමත් එහෙමයි].එළවලු නොකන නිසාමයි බත් නොකා ඉන්න හැදුවේ.අම්මා බත් එකත් අරගෙන ලගට අවාහම මම බත් පිගාන දිහාවත් බැලුවේ නැහැ.[මොකද කන්න ආසම නැති දේවල් ඒකෙ තියන බව දන්න නිසා]. අන්තිමට ඉතින් අමාරුවෙන් හරි කන්න ඔනේ කියලා පටන්ගත්තා.එක කටක්,දෙකක්,තුනක්......අවුලක් නැහැ වගේ.

කොහොම හරි ටික ටික බත් පිගාන හිස් උනා. ඇත්තට හරිම රසයි.ඒ අම්මගෙ අතින් කාපු නිසා...මොන දේවල් උයලා තිබ්බත් අම්මා කවන කොට තියන රස...කියල වැඩක් නැහැ. ඒ අම්මගේ අත් ගුනේ නිසා වෙන්නැති....බත් එකට අම්මගේ ආදරයත් එකතු උනාම..........

මගේ ආදර අම්මා කොයිතරම් ආදරේකින්,සෙනෙහසකින් මට ඒ බත්කටවල් කවන්නැත්ද..........පොඩිකාලෙ ඉදන්ම තිබ්බ ආදරේ තාමත් එහෙමයි.එක දශමයකින්වත් අඩුවෙලා නැහැ. අම්මගේ ආදරේ සදාකාලිකයි කියන්නෙ ඒකයි.....

ඉස්සර වගේම
අම්මගේ
අතින්කවන බත්කට
කොයි තරම් නම් රසද?
මොනවා තිබ්බත්
රසම රසවෙන්නේ
අම්මගේ අත්ගුනේ
නිසාවෙන්නැති.....

3 අදහස්:

වැප් said...

හැඟුම්බරයි

කමෙන්ට් දාන්න බැහැ වර්ඩ් වෙරිෆිෙක්ෂන් අයින් කරන්න.

මාර ගෙමක් දිලා මෙක දැම්මෙ

දසුන් මධුසංඛ වානගුරු said...

ස්තුතියි....

දැන් ගැටලුවක් නැහැ

Anonymous said...

hmm.. kawru hitiyath ayye demawpiyo tharam apita kawruwath aadare na. ammage aadare hari pudumakarai. kisima deyak balaporoththu nowee apita aadare karanne ape ammala thaththala witharai..

Maali..... (maalige sithuwili)

Post a Comment