විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...

මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.

''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''

උත්තර කිහිපයයි,

1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්

මොන ක්‍රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්

පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.

එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්‍රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.

අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.

සාධාරනව හිතල බලන්න.ඔබට සිතෙන ආකාරයට ගැලපෙන්නේ මම විශ්වාසකරන විදිහද කියලා.

[මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]

14 අදහස්:

නිලන්ත පියසිරි said...

එතකොට මම, මා සහ බිරිද අතර අවුරුදු 7 ක් වයස පරතරය. ඒක මොන ගොඩට ද වැටෙන්නේ. මොනවා වුනත් ඔබ හිතන විදිහ ගැන මා සතුටුයි.

ති​​ලා​න් said...

හොද අදහසක් !

රවා said...

දසුන් හරි... තර්කයට දාලා බැලුවොත් තවගොඩක් කරුනු තියනවා කතා කරන්න. මම කෙලින්ම කියන්නම් විවහා වෙන කෙනාගෙ හිතන පතන විදියයි වැදගත්. උදාහරන මගෙ වටා තියනවා ගොඩක්. මගෙම අයියා යි අක්කයි ඔයා අනුමත කරන වර්ගයෙ. නමුත් දෙන්නා මරා ගන්නවා. මම දන්න තව අයියා කෙනෙක් ඉන්නවා. එයා බැදලා ඉන්නෙ එයාට වඩා අවුරුදු 4 ක් වැඩිමහල් අක්කා කෙනෙක් ව. ලමයෙකුත් ඉන්නවා. සතුටින් ඉන්නවා.

බුද්ධික said...

ඔය මොනවත් නෙවේ අදහසුයි ගැලපෙන්න ඕනි

Anonymous said...

නො එකේ පිස්සු කථාවක් !

අනේවාසික said...

පියදාස සිරිසේන 1917 දී පමණ ලියූ උපදේශාත්මක නවකතාවක (මතක හැටියට වාසනාවන්ත විවාහය හෙවත් රොසලින් සහ ජයතිස්ස) ලියා තියෙන හැටියට බඳින විට බිරිඳගේ හොඳම ගැලපෙන වයස = පිරිමියා ගේ වයස දෙකෙන් බෙදා අවුරුදු හතක් එකතු කළ විට එන අගයයි.

උදාඃ පිරිමියා = 26, ගැහැණිය = 20.
පිරිමියා = 48, ගැහැණිය = 31

අනේවාසික

Anonymous said...

තර්කය සෑමවිටම නිවැරදි නැහැ. විශේෂයෙන්ම මේ වගේ සමාජ විද්‍යාත්මක කාරණා වලදී.

මේ තොරතුරු මෑත කාලීන සමීක්ෂණයක ප්‍රතිපල මත පදනම් වුණු නිගමන නම් බොහෝ දුරට පිළිගන්න පුළුවන්.

Anonymous said...

මොක උනත් අදහස් තමයි ගැලපෙන්න ඕන..
මේ.. දන්නැති නිසයි අහන්නේ....
අපි 12, 13 වසර වල ඉද්දී‍ කෙල්ලෙක් සැට් කොරගන්නවනම් උඹ කියනවා වගේ වයස 5-6 ක් අඩු කෙල්ලෙක් කියන්නේ 6-7 වසර කෙල්ලෙක්.. සමහර කොල්ලොන්ට මදන විසේ නිසා ඕකක් 10 වසරදී පටාන් ගන්නවා.. එතකොට 5 වසර කෙල්ල‍ලෙක්.. :D :D
( වයසේ වැරැද්ද :D )

nadeera said...

මේ ගැන පරාභව සුත්‍රයේදි සදහන් ​වෙනවා මම අසා ඈති බුදු රදුන් වදාලේ තමාට වඩා වයසින් අඩු ස්ත්‍රියක විවාහ කර ගැනිම පරිහානියට යන කාරනයක් බවය.

රවා said...

තමාට වඩා බොහොම වයසින් අඩු ස්ත්‍රියක් සරන පාවා ගැනීම

Unknown said...

මමනම් කියන්නෙ වයසෙ වැදගත්කමක් නෑ. තමතමන්ගෙ අදහස් ගැලපීමත් එකිනෙකාට ගරුකිරීමත් තියනවනම් හුගක් වෙලාවත විවාහයක් සාර්තක වෙනව.

Mandy said...

ඒ කියන්නෙ මම හොයා ගන්න ඕන 30 ක් එක්කෙනෙක්...
:) තැන්ක් යූ

නෙරංජි සුලක්ඛනා said...

එක එක්කෙනා අනුව ඕක වෙනස් ... මම නම් කියන්නෙ කොහොමත් බිරිඳ සැමීයාට වඩා බාල වුණාම හොඳයි.. අවුරුදු 1-2-3-4-5 හොඳයි...තව වැඩි වුණොත් හරි මදි.2-4 බෙස්ට්
…..

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

මරේ මරු ජයෙන් ජය දිගටම ලියමු...

Post a Comment