''කැකුළු හාල් ෆ්‍රයිඩ් රයිස් සහ බාස්මතී කිරිබත් ''

''කැකුළු හාල් වලින් ෆ්‍රයිඩ් රයිස් හදන්න බැහැ...
බාස්මතී සම්බා වලින් කිරිබත් හදන්න බැහැ...''

අහම්බෙන් පොතක තිබිලා කියවපු මේ අදහස කොයි තරම්නම් ඇත්තද.

ජීවිතේට නොගැලපෙන දේවල් වලින් ජීවිතේ ලොකු ලොකු දේවල් හදන්න බැහැ.කැකුළු හාල් වලින් ෆ්‍රයිඩ් රයිස් හදන්න ගියොත්,බාස්මතී වලින් කිරිබත් හදන්න ගියොත් වරදිනවා.
ඒ වගේ තමයි ජීවිතේටත් නොගැලපෙන දේවල් වලින් ජීවිතේ ගොඩනගා ගන්න ගියොත් වරදින එක වරදිනවමයි.

ජීවිතේට ගැලපෙන පුංචි පුංචි දේවල් වලින් ජීවිතේ ගොඩනගා ගන්න.
සතුටින් ඉන්න පුලුවන් වේවී
.
ජය !

7 අදහස්:

sanjeew said...

ඒ උනාට මේ දෙකම කරන්න පුළුවන්, මම කරල තියෙනව

malee_msg said...

බාස්මතී වලින් කිරිබත් හදන එක ගැන නම් නෝ අයිඩියා.. ඒත් කැකුළු හාල් වලින් ෆ්‍රයිඩ්රයිස් හදන්න පුළුවන්..

harshana1985 said...

මමත් කරලා තියෙනවා, අවුලක් නැතිව කන්න පුලුවන්....අපි දන්න දේවල් වලින් අලුත් දේවල් හොයා ගන්න එකට කියන්නේ uni-lateral thinking කියලා..හොයා ගෙන කියවන්න,ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි

Dasun Wanaguru said...

හදන්න පුලුවන් බව ඇත්ත.
නමුත් වඩා ගැලපෙන්නේ ඒ ඒ දේවල් නේද

දුකා said...

baha kiyala deyak tiyenawada . . onama deyak karanna puluwan . . .

Unknown said...

අපිත් කිරිබත් හැදුවොත් හදන්නෙම බාස්මතී වලින් තමයි මොකද ඉතින් මෙහේ හොයාගන්න තියෙන්නේ එච්චරයිනේ.. ඒ මදිවට කන්න ගියාම කිරි රහකුත් නෑ ලුණු රහකුත් නෑ, කිරිබත් කියලා හිතාගෙන කනවා :) කැකුළු හාල් වලින් ගෙදර හදපු කිරිබතක් කාපු කාලයක් මතක නෑ.

spacelanka said...

මේ ලෝකෙ කරන්න බැරි දේ ගොඩක් තියනව.

Post a Comment