විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...

මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.

''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''

උත්තර කිහිපයයි,

1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්

මොන ක්‍රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්

පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.

එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්‍රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.

අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.

සාධාරනව හිතල බලන්න.ඔබට සිතෙන ආකාරයට ගැලපෙන්නේ මම විශ්වාසකරන විදිහද කියලා.

[මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]

''ඔහොම ඉදලා තේරුම් ගන්න...''

එදා.......,
මට ඔයාට හැමදාම හුගාක් ආදරේ කරන්න කිව්වේ ඔයා
අන්තිමට මම ඔයාට හුගක් ආදරේ කරත්දි ඔයා මගෙන් ඈත්වෙලා
පස්සේ ඔයාගෙන් ඈත්වෙන්න කියලා කිව්වෙ ඔයා
මම ඔයාගෙන් ඈත්වෙත්දි ඔයාට කිසිගානක් තිබ්බේ නැහැ
අන්තිමට ඔයාව අමතකකරන්න කිව්වෙත් ඔයා
ඔයා මාව තනිකරලා දාලා හුගක් දුර ගිහින්
මම හරිම අමාරුවෙන් තාම හිත හදාගන්නවා.....

අද.....,
ඔයත් තනිවෙලාඔයාට මගේ වටිනාකම දැනෙනවා නේද?
ලග ඉන්න කොට වටින්නේ නැති උනාට
ඈත් උනාම ඔයාට මගේ ආදරේ දැනෙනවා ඇති නේද?
දවසක ඔයාම ආයෙත් මගෙ ලගට එනවා කියලා මම දන්නවා......
ඔහොම ඉදලා තේරුම් ගන්න මගේ ආදරේ කොයි තරම්ද කියලා.........

''දිනක කදුළු හමුවේවී දුක් නොවන්න...''

'' කදුළු අයිතිවන්නේ ගැහැණු ඇස්වලට පමණක් නොවෙයි. පිරිමියෙකුගේ ඇසින් කදුළක් වැටෙන්නේ අවංකකම නිසාය.පිරිමියෙකුගේ වුවද කදුළු අග බොහෝ කථා ඇත''

''ඇසින් වැටෙන කදුළු අවංකකම උතුරා ගිය කදුළුය''

''දුක,වේදානාව ආදී වූ නොයෙක් තැන්හී කදුළු සලන්නේ අවංක වූ හදවත් පමණි.නේක අවස්ථාවලදී බොරු සෝභන චරිතවල ඇස් අග තෙත් නොවන්නේ ඔවුන් අවංක නැති නිසාමය''

''කදුලක් සලන සිතට බොහෝ දේ වැටහේ.අන් නෙතින් කඩාහැලෙන කදුළු වල වටිනාකම වැටහෙන්නේ ඔවුනට පමණි.....''

''එපා කිසිදින ගරහන්න අන් කදුලකට,වැටහේවී කදුලක ඇති අගය,ඔබේ ඇසින් කදුලක් වැටෙන දිනක''

''දිනක කදුළු හමුවේවී........
දුක් නොවන්න ඒ කදුළු වැටෙන්නේ
අවංකකම වැඩි නිසාමය.........''

''ඒ විශ්වාසය මම රකිනවා අයියේ...''


''සුදූ...''
''හ්ම්...''
''ඔයා මට ඇත්තටම ආදරේද?....''
''ඔයාට මාව විශ්වාස නැත්ද...''
''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''
''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''
''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''
''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''
''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''
''මමත් ඔයාට ආදරෙයි අයියේ...''
''කොච්චරක්ද?...''
''ගොඩාක්....''
''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''
''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''
''මමත් එහෙමයි සුදූ.....''
''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''
''හ්ම්.....''
''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''
''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''
''ඔව් අය්යේ....''
''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''
''මම දන්නවා අය්යේ.....''
''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''
''ඇයි?....''
''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''
''මං හින්දා නේද?''
''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''
''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''
[ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]
''සුදූ.....''''හ්ම්.....''''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''
''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''
''අපිට වරදින්නැහැ සුදූ.....''
[මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]
''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''
''මමත්....''
''මචෝ.....දැන් යමුද රෑ වෙලා''
[මගේ අතිජාත මිතුරු කැල......මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]
''යමල්ලා... යමල්ලා...''
''අපි යනවා රත්තරන්....''
ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....
ආදරේ මොනතරම් සුන්දරද....
ආදරේ ජීවිතේ නිවනවා....
එනගමන් මට සිතුනා.....

''ජීවිතේ සුන්දර වෙන්නනම්...''

''හෙලෝ'' කියලා ජීවිතේට එන මිනිස්සු ඉක්මනටම ''බායි'' කියනවා
නමුත් අවංකව හදවතින්ම හිනාවෙලා ''යන්නම්'' කියන මිනිස්සු හැමදාම ලගින්ම ඉදීවි.

අපිට හැමෝම ආදරේ කරන්නෙ නැහැ.අනික් අය හැමෝම අපිට ලංවෙන්නේ අපි හොදින් ඉන්න කාලෙට විතරයි.අපි හිනාවෙන කාලෙට විතරයි. අපිට අඩන්න උනාම ලගින් හිටපු හැමෝම අපෙන් ඈතට යනවා.

ජීවිතේට එන හැමෝම අතරින් අවංකව යන්නම් කියන අය විතරමයි අපිත් එක්ක ඉන්නෙ.අන්න ඒ නිසා එවන් සුන්දර මිනිස්සු ජීවිතේට ලංකරගන්න.ජීවිතේ සුන්දර වේවි.

ආදරේ දැනෙන කොට...

''මම මුලින්ම එයත් එක්ක කතාකරන කොට
එයා මාත් එක්ක පිස්සුවෙන් වගේ කතාකලා........

පස්සෙ මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොට
එයා මට එක දිගටම හුගාක් වෛරකලා.......

අන්තිමට මම එයාට වෛර කරන කොට
එයා මට හුගාක් ආදරේ කරන්න පටන් අරන්........

ආදරේ දැනෙන කොට.......ආදරේ දුක දැනෙන කොට......
අවංකව ආදරේ කරන්න හිතෙනවා ඇති.....''

''කැකුළු හාල් ෆ්‍රයිඩ් රයිස් සහ බාස්මතී කිරිබත් ''

''කැකුළු හාල් වලින් ෆ්‍රයිඩ් රයිස් හදන්න බැහැ...
බාස්මතී සම්බා වලින් කිරිබත් හදන්න බැහැ...''

අහම්බෙන් පොතක තිබිලා කියවපු මේ අදහස කොයි තරම්නම් ඇත්තද.

ජීවිතේට නොගැලපෙන දේවල් වලින් ජීවිතේ ලොකු ලොකු දේවල් හදන්න බැහැ.කැකුළු හාල් වලින් ෆ්‍රයිඩ් රයිස් හදන්න ගියොත්,බාස්මතී වලින් කිරිබත් හදන්න ගියොත් වරදිනවා.
ඒ වගේ තමයි ජීවිතේටත් නොගැලපෙන දේවල් වලින් ජීවිතේ ගොඩනගා ගන්න ගියොත් වරදින එක වරදිනවමයි.

ජීවිතේට ගැලපෙන පුංචි පුංචි දේවල් වලින් ජීවිතේ ගොඩනගා ගන්න.
සතුටින් ඉන්න පුලුවන් වේවී
.
ජය !

''මව් සෙනෙහේ මෙන් නැත අන් සරණා...''

අම්මගේ ආදරේ පුදුමාකාරයි.ඒ නිසාම මුලින්ම මට මගේ ආදර අම්මව මතක් උනා.

කොහොම හරි ඊයේ රෑ හිතුනා අම්මට කියල බත් කටක් කවාගන්න.මගේ වයසත් එක්ක තාමත් මම අම්මාලග දැවටෙන එක අනිත් අයට පුදුමයි.ඒත් මම ආස අම්මා ලගින්ම ඉන්නයි. වෙසක් පෝය දවසේ ඉදන් මස්,මාළු කන එක නැවැත්තුව හින්දා දැන් බත් කන එකත් එච්චර උවමනාවක් නැහැ.ඊයේ රෑත් කන්නැතුව ඉන්නයි හැදුවේ.කොහෙද අම්මගෙන් හොදවයෙන් දෙකක් අහගෙන අන්තිමට වාඩිවෙන්න උනා.

ඉස්සර මම එළවලු කනවා හරි අඩුයි[තාමත් එහෙමයි].එළවලු නොකන නිසාමයි බත් නොකා ඉන්න හැදුවේ.අම්මා බත් එකත් අරගෙන ලගට අවාහම මම බත් පිගාන දිහාවත් බැලුවේ නැහැ.[මොකද කන්න ආසම නැති දේවල් ඒකෙ තියන බව දන්න නිසා]. අන්තිමට ඉතින් අමාරුවෙන් හරි කන්න ඔනේ කියලා පටන්ගත්තා.එක කටක්,දෙකක්,තුනක්......අවුලක් නැහැ වගේ.

කොහොම හරි ටික ටික බත් පිගාන හිස් උනා. ඇත්තට හරිම රසයි.ඒ අම්මගෙ අතින් කාපු නිසා...මොන දේවල් උයලා තිබ්බත් අම්මා කවන කොට තියන රස...කියල වැඩක් නැහැ. ඒ අම්මගේ අත් ගුනේ නිසා වෙන්නැති....බත් එකට අම්මගේ ආදරයත් එකතු උනාම..........

මගේ ආදර අම්මා කොයිතරම් ආදරේකින්,සෙනෙහසකින් මට ඒ බත්කටවල් කවන්නැත්ද..........පොඩිකාලෙ ඉදන්ම තිබ්බ ආදරේ තාමත් එහෙමයි.එක දශමයකින්වත් අඩුවෙලා නැහැ. අම්මගේ ආදරේ සදාකාලිකයි කියන්නෙ ඒකයි.....

ඉස්සර වගේම
අම්මගේ
අතින්කවන බත්කට
කොයි තරම් නම් රසද?
මොනවා තිබ්බත්
රසම රසවෙන්නේ
අම්මගේ අත්ගුනේ
නිසාවෙන්නැති.....

''මේ ඇරඹෙන්නේ ඒ මතක ආවර්ජනයයි......''

''විටෙක ජීවිතය මහා පුදුමාකාරයයි මට සිතේ.සතුට,දුක,සිනහා,කදුළු,කළකිරීම,වේදනාව,
බලාපොරොත්තු,පසුතැවීම,අහිමිවීම,අසරණකම,විදවීම,පාලුව,තනිකම,ආත්මානුකම්පාව ආදී වූ සියලුම දේ එක්තැන්වන මේ ජීවන නවාතැන්පලේ අප ජීවත්කර තබන මතකයන් සෑම කල්හිම මතකයේ රැදේ.

ජීවිතේ සුන්දරම සිනහා ඉතිරූ කාලයන් මෙන්ම කාළකන්නිම කදුලු වැගිරූ කාලයන්හිද මතකයන් හදවතේ ගැඹුරුම තැන්හී තැමපත් වී ඇත. විටෙක කටුකවූත් විටෙක සොදුරු වූත් ජීවනගමනේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් මතක් වෙත්දී දෙනෙත් අග තෙත්වන්නේ ඒ මතකයන් සමග අවංකවම ජීවත් වූ නිසාය.

ජීවන ගමනේ හමුවූ සොදුරුවූ මිනිසුන් මෙන්ම නපුරුවූ මිනිසුන්ද ජීවිතයෙන් ඈතට යන්නේ මතකයන් පමනක් ඉතිරි කරමින්ය. ජීවිතේ කලකිරුනු බොහෝ අවස්ථාවන් හීදී සොදුරු වූ මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවාලයි.එවන් වූ ජීවන ගමනේ දහසකුත් එකක් අත්දැකීම්,මතකයන්,කදුළු මෙන්ම සිනහවන්ද,සොදුරු වූද නපුරු වූද මිනිසුන්ද,සුන්දර වූද වේදනාබර වූද මතකයේ රැදි කාලපරිජේදයන්ද සදාකල් ''ජීවන මග දීගේ'' යන ගමනේ මතකයේ රැදේ.''

''මේ ඇරඹෙන්නේ ඒ මතක ආවර්ජනයයි......''