Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts

සුන්දර මතක ආවර්ජනය කරමින්...


වෙලාව හරියටම පාන්දර 2 යි 30යි.හරියටම මිට මාස දෙහෙකට කලින් අද වගේ දවසක මේ වෙලාවට අපි හිටියේ දබුල්ලේ පන්සලේ...සෝමාවතී ගිහින් එන ගමන් මේ වේලාවට දබුල්ලේ පන්සල් ගියා...පන්සලේ හිටියේ අපි විතරයි...ගතට දැනුනු පුංචි සිතල අපේ විඩාව නිව්වේ ඇසිල්ලකින්...මේ වෙලාවටත් වෙලදාම් කරන්න ඇරලා තිබ්බ කඩේකින් සිතල යන්නත් එක්ක අපි කෝපි බිව්වා.... දබුලු පන්සලේ බුදු පිළිමේ ලග දනගහගෙන අපි ප්‍රාර්ථනා හුගක් කළා..පස්සේ මේ පාන්දර කොමඩු ගෙඩි හය හතකටත් වගකියපු අපි හැම තැනම ඇවිද්ද...හිතට දැනුනේ පුදුම නිස්කලංක බවක්...මේ මගේ රට කොයි තරම් සුන්දරද කියලා දැනුනා....මේ පොලොව අපිට කොයි තරම් ලෙන්ගතුද කියලා දැනුනා....අපි හිමිහිට පල්ලම් බැස්සා...ආපහු වාහනේ ලගට ගියත් ඒ නිස්කලංක බව දාලා එන්න හිතුනේ නෑ....

අකමැත්තෙන් හරි එතනින් පිට උනත් පහුවෙනිදා උදේ ගෙවල් වලට එනකම්ම අපේ හිත් හරි සතුටින් පිරිලා තිබුනා....ඒ මගේ රට මේ තරම් සුන්දර ,නිදහස්,නිස්කලංක පොලොවක්ද කියලා හිතමින්.....එහෙව් පොලොව විනාස කරන්න අපේම උන් දගලන හැටි දැක්කහම හිතට දැනෙන වේදනවා කියන්න බැරි තරම්...

ඒ වෙලේ හිතුන එක දෙයක් තිබුනා...ඒ තමා උපදින හැම ආතමෙකදිම මේ රටේම උපදින්න ලැබෙන්න ඕනේ කියලා ''හැබැයි මේ කුහක මිනිස්සුත් එක්ක නැතුව......''

‎--------පුවතක්-------නයි නලගන කෝට්ටේ නයිටික නටවයිද....?


‎--------පුවතක්--------

''සුප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ලංකාවට මහගු සේවයක් කල,වන සතුන් උදෙසා තම දිවි පරදුවට තබමින් නිතීය හමුවේ සටන් කළ අසහාය තරුණ කාන්තා හඩ,''නයි නළගන'' අතිමහත් ජනතාවගේ ඉල්ලීම් මැද,ගරු නාමල් රාජපක්ෂ මැති තුමාගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇත...''

----------------------------------------------------------------------------

අනර්කලීලා,පබාලා වගේ නිලියෝත් පාර්ලිමේන්තු ගියානම්,
රෝසි අක්කා වගේ රූප සුන්දරියෝ පාර්ලිමේන්තු ගියානම්,
ගිතාලා,සුසන්තා චද්‍රමාලිලා චන්දෙත් ඉල්ලුවානම්,
ජයසුරියලා,අර්ජුනලාත් මන්ත්‍රී වරු උනානම්,
එහෙව් රටේ,

හෙට ''නයි නලගනත්'' දේශපාලනේට නොයෙයි කියලා කොහොම හිතන්නද...
ආවොත් ඉතින් දෙන්න වෙන්නේ වනජීවී ඇමතිකම තමා,හැබැයි ඊට වඩා හොදයි මගේ හිතේ ''බුද්ධශාසන'' වගේ ඇමති කමක් දුන්නනම්....

at @ජිනා මැඩම් ගැනත් හිතමින්...

හදවත සංවේදී වූ මොහොතක....


ෆෙස්බුකියේ මාගේ මිතුරෙක් දමා තිබු කතාවක් නිසා මා අද දැඩි සංවේගයකට පත්විය..එය දැක මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...

----මේ ඔහු දැමු අදහසයි ----

ඒ මීට අවුරුදු පහළොවකට පමණ පෙරය. දත් මදින්නට බෑ කියා අඬද්දිත්, කට මිරිකා දත් ටික මද්දවාගෙන නිල් පාට කොට කලිසමකුයි සුදු ෂර්ට් එකකුයි අන්දවාගෙන ලේන්සුවකුත් සාක්කුවේ එල්ලාගෙන වතුර බෝතලේකුත් බෙල්ලේ දාගෙන නම ගැසූ කාඩ්බෝඩ් කැබැල්ලක් සමග පාසළට (ඇදගෙන) ගිය මුල්ම දවස මට අද වගේ මතකය. දෙක වසරේ අක්කෙක් අවිදින් රෝස මලක් දී සිප පිළි ගත්තා තවත් හොඳට මතකය. එක වසරට ඇතුලත් වන විටත් කිසිඳු අකුරක් හෝ ලියන්නට නොදත් එකම ළමයා මා විය. එදා මා පාසල් ගියේ කිසිඳු බලාපොරොත්තුවකින් නොවූවද, මගේ අම්මාගේ හිතේ කප්පරක් බලාපොරොත්තු තියෙන්නට ඇත. මාව දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් නොකලත් පොළවට බරක් නොවී ජීවත් වෙන්න පුලුවන් එකෙක් වත් වනවා දැකීම ඇගේ හීනය වන්නට ඇත. මට ඒ බලාපොරොත්තු, ඒ හීන ගැන වැටහෙන්නට බොහෝ කළක් ගත වූවත් යම් මට්ටමකට හෝ මට ඒවා ඉටු කරන්නට හැකි වූවායි සිතිමි. තවත් බෝහෝ දේ කිරීමට ද ඇත. පාසල් ජීවිතේ ඉගැන්වූ කිසිඳු ගුරුවරයෙකුගේ හිත දිනා ගන්නට තරම් වාසනාව නොලද මා ඔවුන් ඉදිරියේ හංවඩු ගැසී සිටියේ හොඳ ළමයිනුත් වලට ඇද දානා එකෙක් ලෙසිනි. එහි එතරම්ම සත්‍යතාවයක් නැතිමුත් ඔවුන්ට මාව එපාවන්නට ලොකුම හේතුවනම් මගේ ඇඟ පුරා ඇති වාචාලකමයැයි සිතමි. 
ආදරයක් නිසා වරක් අම්මාගේ සල්ලිත්, මහන්සියත්, බලාපොරොත්තුත් නැති කර දැමූ මා සමහරක් දේ ලබා ගන්නට විභාගය දෙවැනි කොට කටයුතු කළෙමි. අවසන මට විභාගයත් ඒ දේවලුත් දෙකම නැති වීය. උගත් පාඩම් වලින් සන්නද්ධව මා දෙවැනි වර කිරීමට හිත හදාගත්තේ කිසිවෙකුගේ වත් බල කිරීමක් නිසා නොව කඳුළු සඟවාගේන දුක නොපෙන්වා සිනා වී ගෙන ආයෙත් කරපන් මයේ පුතේ යැයි කියු අම්මාගේ වදන් නිසාය. බොහෝ කලක් පල් වෙවී තිබුණු මොළ ගෙඩියට දස වද දී පදම් කරගෙන මාස හතකින් මා දෙවැනිවර සඳහා සූදානම් වීමි. පළමුවර සමහර දේවල් වෙනුවෙන් විභාගය අත් හැරීයද දෙවැනි වර මා ඒ දේවල් වෙනුවෙන් හා අම්මාගේ සතුට වෙනුවෙන් විභාගයටම සිත් යෙදීය. දැන් මට හොඳ ප්‍රතිඵලයකුත්, අවශ්‍ය අනිත් දේවලුත්, අම්මාට සතුටකුත් ගෙන දෙන්නට ඉඩ ලැබී ඇත. මෙය මා තනිව ලැබූ ජයග්‍රහනයක් නොව බොහෝ දෙනෙක්ගේ උදව් මත ලැබූවකි. ඒ සියළු දෙනාටම මාගේ ප්‍රණාමය. ස්තූතියි. 
ප.ලි - මාගේ ප්‍රථිපලය ය. භෞතික විද්‍යාවට A ද රසායන විද්‍යාවට B ද සංයුක්ත ගණිතයට C ද වේ. එය මහා ලොකු ප්‍රතිඵලයක් නොවූවද, මා බලාපොරොත්තු වන වාස්තු විද්‍යාඥයෙක් වීමට ප්‍රමාණවත් ය. මෙය එතරම් උදම් ඇනීමට තරම් කාරණාවක් නොවූවද, මා මෙය ලියා තැබුවේ මෙය ලබා ගන්නට මා කෑ කට්ට දන්නා නිසාත්, මා මුලදී සිටි තත්වයත් හොඳින්ම දන්නේ මා නිසාවෙනි. ~තිළිණ a.k.a පෙට්ටි.

----මේ මා ඔහුගේ පොස්ට්ටුවට දැමු දීර්ඝ කොමෙන්ටුවයි.....----

දයාබර මිතුරු තිළිණ....,කොහෙන් කොහොම කමෙන්ට් කිරීම ආරම්භ කලයුතු දැයි දෙතුන් වරක් නොවැ දහ දොළොස් වතාමක් සිතමින් මා මා සමගම තර්ක කල ගතිමි...උබේ මේ අදහස කියවමින් මැද හරියට එන විට එතෙක් දෑසේ තිබු කදුළු කැට දෙක කම්මුල් දිගේ රූටා වැටුනේ මන්දැයි සිතා ගන්නට බැරිවිය...බොද වුනු ඇස් දෙකෙන් ඉතිරි ටිකත් කියවා හමාර කලෙමි...ඇසේ ඉත්රිවු තවත් කදුළු කැට දෙකක් ඇදගෙන සිටිනා ෂර්ට්ටුවේ අතෙන් පිහිදා දමමින් මේ අදහස කීමට හිත නැවතත් හදා ගත්තේය......

උබේ කතාවත් සමග මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...උබේ අම්මා මෙන් මගේ අම්මාත් කප්පරක් බලාපොරොත්තු හිතේ දරන් මා පාසලට රැගෙන ගිය හැටි මතක් වෙත්දී දැනෙන වේදනාව හා සන්තාපයේ තරම මේ යැයි කියන්නට බැරිය..ඒ මාගේ දයාබර අම්මාත් කුඩා කල සිට මා වෙනුවෙන් වින්ද දුක,මාගේ දයාබර පියා මා පාසල් යැවීමටත් ඉගෙන්විමට්ත් වින්ද දුක මතක් වූ නිසාය...

ගමේ පාසලේ ඉගෙන ගත් මා පහ වසර ශිෂත්වය සමත්ව ''ලොකු'' පාසලකට ඇතුලත් කාරයින් පසු මාගේ අධ්‍යාපනය සදහා අසීමිතව කැපවූ හැටිත්,අසීමිත මුදල් සම්භාරයක් මා වෙනුවෙන් නිර්ලොබිව වැය කල සැටිත්,උසස් පෙළ දක්වාම පෞද්ගලික පන්ති සදහා විශාල මුදලක් කැපකර මා හට ඉගැන්වූ සැටිත් මතක් වෙත්දී මාගේ හදවතේ ගබුරුම තැනින් නැගෙන වේදනාවෙන් මා හද අසීමිතව රිදුම් දෙන්නේ මං දැයි වටහාගන්නට පවා නොහැකි වී ඇත්තේ ඒ තරම් එය මගේ හද කම්පා කර ඇති බැවිනි....

ඔවුන් අපට ඒ කල කැපවීම් වලට සලකන්නට දවසක් එතැයි එකල නොසිතුවත් මෙකල ඒ සිදුකල අසීමිත කැපවීම් එකින් එක මතකයට එන විට හදවත රිදුම් දෙන්නේ ඔවුන් කොතරම් වේදනාවක් විදින්නතිදැයි සිතත්දිය....

කියන්නට තව බොහෝ දේ ඇතත් මේ මොහෙතේ මට ඒ කිසිවක් ටයිප් කර ගැනීමට නොහැකි තරම් මා සංවේදී වී ඇත.....

දයාබර මිත්‍ර තිලින....උබට ජය..!! මුල මතක දරුවෙකුට කිසිදිනෙක වරදින්නේ නැති බව දෙමව්පියද දනී...උබේ අම්මාත් මේ ලියමන කියෙව්වේනම් හඩනාවාට කිසි සැකයක් නැත...මෙතරම් දිග කමෙන්ටුවක් ලියන්න වේ යැයි මා සිතුවේ නැත....අවසාන මට උබට කියන්නට ඇත්තේ එක දෙයකි....

''දයාබර තිලින,උබට් කිසිදින වරදින්නේ නැත...හදවතින් මා උබට සුභ පතන්නේ මාගේම සහෝදරයෙක් යැයි සිතමිනි.....

නුබට ජය සහෝදරයා !!!!

ලක්දිව හැඳින්වූ විවිධ නම්...


ලක්දිව හැඳින්වූ විවිධ නාම මෙසේ ය.

1. ආමු ද්වීප

2. ඉන්දියන් සාගරයේ මුතු ඇටය

3. ඉළංගෙයි

4. ඉළංදු

5. ඉළනාර

6. ඊළ

7. ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්දිව හැඳින්වූ නාමයයි)

8. ඕජදීප

9. කසිගෝ

10. කේට් ලංකා

11. කෙයිලෝන්

12. චල (අරාබි භාෂාවෙන්)

13. චිංකලෙයි (දමිළ භාෂාවෙන්)

14. තනසරිම්

15. තපරවාන්

16. තබර්ඛාන්

17. තම්බපණ්ණී

18. තම්බපණ්ණී ද්වීප

19. තම්තබීන්

20. තඹපැන් ද්වීප

21. තැප්‍රොබේන් (ග්‍රීක - රෝම යන භාෂාවලින්)

22. තාර්සිස්

23. තාමුදීප්

24. තිලක (රුහුණු පිහිටි මායා බෙදීම මුල්කොට ගෙන භාවිතා විය)

25. ත්‍රී සිංහලය (ඉහත බෙදීම හා බැදේ)

26. තේහු හොයිගෝ (බුරුම භාෂාවෙන්)

27. දසඛණ්ඩි රාජ්‍ය

28. දිල්මුන්

29. දශෂිර : පුර

30. පරවාන් ද්වීප

31. පලාංකොට්

32. පළේසිමන්දු

34. ජැසිරාත් - අල් යකුත් (අරාබි භාෂාවෙන්)

35. ජම්බු ද්වීප (පාලි භාෂාවෙන්)

36. මණ්ඩ ද්වීප

37. මණ්ඩු ද්වීප

38. රත්න ද්වීප (ලක්දිව මැණික් ලොව ප්‍රකට බැවින්)

39. රත්නදීප

40. රාවණපුර

41. රාවණ ද්වීප

42. රාක්ෂ ද්වීප

43. රාක්ෂ පුර

44. රකියුප්

45. රුවන්දීප

46. ලංකා (හෙළ භාෂාවෙන්)

47. ලංකා ද්වීප

48. ළක

49. ලක්දිව

50. වරදීප

51. පිති ක්වෝ (චීන භාෂාවෙන්)

52. ශ්‍රී ලංකා (වර්ෂ 1972 ජනරජ

ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව)

53. සග සස්දිව්

54. සයිලන්තු (මලයාලම් භාෂාවෙන්)

55. සලිස්

56. සළිකේ

57. සාලයික්

58. සින්දු

59. සිමන්ඩා

60. සීමන්ඩාදු

61. සිරිලක (හෙළ භාෂාවෙන්)

62. සිසිල

63. සිහලද්වීප

64. සිලිදිව්

65. සිලොන් (ඉංග්‍රීසි භාෂාවෙන්

66. සිංගල් දිව්

67. සිංගලම් (දමිළ භාෂාවෙන්)

68. සිංහලය

69. සිංහල ද්වීප

70. සිලන්

71. සිහලදිව්

72. සිහලාන් ද්වීප

73. සිහොලේ (පාලි භාෂාවෙන්)

74. සිගෝ (බුරුම භාෂාවෙන්)

75. සිලාන් (අරාබි භාෂාවෙන්)

76. සුපර් චාන් (තායි භාෂාවෙන්)

77. සෙයිලාන්

(පෘතුගිසි භාෂාවෙන්)

78. සෙයිලාන් දිවන්

79. සෙරන්දිබ් (අරාබි භාෂාවෙන්)

80. සෙන්කියා (චීන භාෂාවෙන්)

81. හෙලන්දු

82. හෙල ද්වීප

83. හෙල දෙරණ

84. හෙළය

85. හේලිකේ

86. පෙලෙයිසිමන්ඩා

87. පරවාන් ද්වීප

88. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය

අවුරුද්දට මාමාගෙන් මට මැසේජ් එකක්...


අද උදෙන්ම නැගිටිනකොට හැමෝම දන්නා කෙනෙක් මට මැසේජ් එකක් එවලා බොලේ.....අවුරුද්ද්දට සුභ පතලා....මං ඒක දැක්ක ගමන් උඩ ගිහින් බිම වැටුනා...ඇයි අප්පේ අවුරුද්දකට සැරයක් හරි එයාට අපිව මතක් වෙනවනේ කියලා.....

මෙන්න මට එවපු මැසේජ් එක ඒ විදිහටම දැම්මා......

''දයාබර දසුන් පුතේ,ලැබුවා වූ 2013 නව වසර ඔබටත් ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ආශ්චර්යමත් නව වසරක්ම වේවා....ඉතින් කොහොමද පුතේ අවුරුදු එහෙම....ජයද ?අපිනම් දැන් කිරි ඉතිරුවා...අපේ මුට්ටිය වටෙන්ම කිරි ඉතිරුනා....පුතාලගේ කිරි මුට්ටිය ඉතිරුනාද......
ආ.....මේ ශිරන්ති නැන්දත් පුතාට සුභ අලුත් අවුරුද්දක් කියන්න කිව්වා.....නැන්දා මේ කිරි එක උතුරන ගමන් ඉන්නේ....මං මේ හාන්සි පුටුවේ ඉදන් කකුල් දෙකත් උඩට දාගෙන ඉන්නේ....නාමල් මල්ලියි,යෝෂිත මල්ලියි බබර චක්කර පත්තු කරනවා....බලන්නකෝ රෝහිත මල්ලි ''අහස කුරක්''උඩ යවන්න ගිහින් අත පුච්ච ගත්තා.....පව් පොඩි එකා....මගේ හිතේ දැන් අල්ලපු ගෙදර කෙල්ලත් එක්ක නිලා පත්තු කරනවා එළියේ....

ඉතින් පුතේ කොහොමද ඔය පැත්තේ අලුත් තොරතුරු,අපිනම් මැදමුලනේ ගෙදර ඉන්නේ මේ ටිකේ....ආ පුතේ.....පුතා පහුගිය අවුරුදු ගානම අපි වෙනුවෙන්, මං වෙනුවෙන් ජන්ද වලදී ගොඩක් වැඩකලා කියලා මං දන්නවා.....කොහෙද ඒ උනාට තාම මට පුතාට රස්සාවක් දෙන්න බැරි උනානේ....බය වෙන්න එපා මම කළගුණ දන්නා මිනිහෙක්නේ...ඉක්මටම පුතාට රස්සාවල් දෙන්නම්...පුතා ජන්දේ කාලේ නිදි මාරාගෙන,අතේ තියෙන සතෙන් නැති කරගෙන,ගුටි කාගෙන,කතා අහගෙන මං වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කලාද...මට ඒවා හොදට මතකයි රත්තරන් පුතේ....

මේ ලගදි අපි ගෙදරත් කතා උනා මෙච්ච්චර මහන්සි වෙලත් පුතාට තාම රස්සාවක් හොයලා දෙන්න බැරි උනානේ කියලා....ශිරන්ති නැන්දත් මට බැන්නා....''ඇයි මනුස්සයෝ ඒ ළමයා අපේ පුතෙක් වගේ නේද කියලා,ඉක්මනට රස්සාවක් හොයලා දෙන්වා කියලා,අපේම පුතෙකුටනම් ඔයා ඔහොම කරයිද කියලා ඇහුවා''

නාමල් මල්ලිත් මේ ලගදි මට කිව්වා තාත්තේ අපි දසුන් අයියව තාරුන්යට හෙටක් එකේවත් සභාපති කරමු කියලා...මං කිව්වා චී... පුතේ ඒ ළමයට ඊට වඩා හොද එකක් අපි හොයලා දෙමු කියලා....ඒ අස්සේ පොඩි එකා යෝශිත් මට කියනවා තාත්තේ තාත්තේ අපි දසුන් අයියව අපේ ''කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්'' එකට දාලා csn එක බාරදෙමු කියලා....මං කිව්වා අපෝ පුතේ දසුන් අයියා අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට එකනම් හොදටම මදි අපි ඊට වඩා හොද එකක් දෙමු කියලා.....

ඒ අස්සේ පුංචි එකා කුපාඩි කමට කියනවා...''තාත්තේ අපි දතුන් අයියව මදේ ලොකට් එකේ හදත යවමු-එයා ලොකට් වල යන්න ආත ඇතිනේ'''' කියලා..මං උට පුකට දෙකක් ගහලා දුවපන් කියලා එලෙව්වා....ඇයි පුතේ බලන්නකෝ පුතා කොච්චර මහාසි උනාද අපි වෙනුවෙන්...එහෙව් එකේ පුතාව එහෙම සවුත්තු ඒවාට දාන්න පුලුවන්ද....

පුතා කිසි දේකට බය වෙන්න එපා...මං ඉක්මනට පුතාව එහෙකට දාන්න තීරණය කළා.....හොදම එකක්....මාත් එක්කම ඉදතහැකි...නැන්දා උයන බත් කටක් කාලා මල්ලිලා එක්ක සෙල්ලම් කරතහැකි....මං පුතාව ඒ තනතුරට දාන්න තීරණය කළා.........
''හැබැයි ඉතින් එක අවුලක් තියනවා.....පුතාට තව ටික දවසක් ඉන්න වෙනවා...මොකද මේ ''ලලිත්'' මාමා විශ්‍රාම යන්නත් එපාය !!

------------------
මට අන්තිම පේලිය කියවත්දී කලන්තේ දැම්මා....හරි අමාරුවෙන් වතුර ගහලා ගහලා නැගිට්ට ගත්තේ.....

ආ...නැගිටලා ආයි ඉතුරු ටික බලනකොට මෙහෙමත් තිබ්බා.....

''එහෙනම් මගේ රත්තරන් පුතේ පුතාට සුභ-අනාගතයක් !!

තව මාමා මං සිංහල ටික හරියට කියවන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසා ඒ ටික දෙමලෙනුයි.ඉන්ගිරිසියෙනුයිත් එවලා තිබ්බා.....අනේ සන්තෝසයි අවුරුද්දට හරි මාමාට මාව මතක් උනානේ.....

මෝඩ ''ශ්රෙක්'' මං...


''ශ්රෙක්'' මං ''ෆියෝනට'' ආදරේ කරපු....


කැතම කැත
මෝඩ
''ශ්රෙක්''
මං
ලස්සනයි කියලා
හිතන් හිටපු
''ෆියෝනට''
ආදරේ කරපු

නො වෙන් පඹයෙක් මයෙ පුතේ.....


දස අතේ ගිය හොත් පුතේ නුඹෙ
කුඩිල්ලම දෙදරුම් කතේ
හිතුමතේ වැඩ කළෝතින් අපෙ 
ගමේ කම නුඹෙ නැති වෙතේ

රට තොටේ කපටින් ට රැවටී 
වරිගෙ නැති නොකරන් පුතේ
අතමිටේ හිඟ වුණත් කම් නැත 
නො වෙන් පඹයෙක් මයෙ පුතේ

අතමිටේ හිඟ වුණත් කම් නැත නො වෙන් පඹයෙක් මයෙ පුතේ...


සෑම මිනිසකු ම තම ඇවැතුම් පැවතුම් සඳහා උගත යුතු පාඩම් බොහෝ ය. විඳිය යුතු අත්දැකීම් සේම, ලබා ගත යුතු අවවාද අනුශාසනා ද එමට ය. ඒ පරිචයන්ගෙනි මිනිස් දිවිය හැඩ වැඩ විය යුත්තේ. ඇතැම් හු ඒවා කෙරේ කැමත්තක් නොදක්වා තම ජීවිත නන්නස්තාර කරගනිති. මැණිකක් වුවත් කපා කොටා ඔප මට්ටම් කළ තරමට එහි වටිනාකම ද අධික වෙයි. ජීවිතය ද එසේ ම ය.

විවිධ සුබවාදී දැනුම් සම්භාරයන් ගෙන් අවවාද අනුශාසනාවලින් හා අත්දැකීම් වලින් පිරිපුන් මිනිස් දිවිය හරවත් ය. වැඩදායක ය. පිරිපුන් ය. පරිණත ය. බොහෝ දෙනකු මේවා ගැන නොතකා ජීවිතය ම හරසුන් කර ගන්නා අවස්ථා අපමණි. අනතුරු ව ප්‍රබල ලෙස පසුතැවිලි වෙමින් කල් මැරුවත්, ඉන් අත්වන්නේ පළ රහිත බවකි. පරිහානියකි.

මේ බව යහමින් ම දැන හඳුනන අපේ ගමේ ඇත්තෝ තම දූ දරුවන්ට උක්ත කරුණු කාරණා වටහා දීම තම පරම යුතුකම් සේ සැලකූහ. ඒ යුතුකම් කේන්ද්‍ර ගත කරගෙන බාල වියේ පසුවන දරුවන් ගේ පටන් වැඩි හිටියා දක්වා වැලදිය යුතු හරවත් දිවි ගමනකට අත්‍යවශ්‍ය සියලු දෑ තමා ආදර්ශයේ පිහිටා සදා සම්පාදනය කළහ. ළාබාලයන් තව ම ජීවිතය විඳ ගත්තන් නොවන හෙයින් එදා වැඩිහිටියෝ දරුවන්ට ආදර්ශවත් සෙවණැල්ලක් ම වූහ.

වැඩිහිටි සෙවණේ හැදෙන වැඩෙන බාලක බාලිකාවන්, යොබ්බන යොබ්බනියන් වන තෙක් ද එතැන් පටන් ඔවුන් දීග දලග දෙන තෙක් ද එයින් නොනැවතී දරු මල්ලන් දකින තුරා ද යහ ජීවිත මාර්ගයේ සම්බාධකයන් ජය ගැන්මට මාර්ගෝපදේශකයන් වූයේ දෙමහල්ලන් ය. වැඩිහිටියන් ය. යමක් යමකුට අවබෝධ කළ යුත්තේ අවබෝධ කරන්න අත්දැකීම් ක්ෂේත්‍රයෙන් පරිණත වූ පසු ව ය.

හේතුව හරි හමන් අයුරින් දරුවකුට ජීවිතය විඳ ගැනීමට නම් දෙමහල්ලන් හෝ වැඩිහිටියන් ජීවිත ගමනේ විවිධ පැතිකඩ ඔස්සේ ගැටෙන සුඛ සෝමනස්සයන් මෙන් ම දුක්ඛ දෝමනස්සයන් ද වලදා ඒවායින් පදම්වී සිටිය යුත්තේ ම ය. ඒ බව ගමේ වැඩිහිටියන් එදා මනාකාරයෙන් දැනමුතු වී සිටි බව නම් සැබෑ ය.

එසේ සහතික විය හැක්කේ නිත්‍ය වශයෙන් ම ඔවුන් විවිධාකාරයෙන් වූ දැනුම් සම්භාරයකින් පරිපූර්ණ නිසාවෙනි.

එනිසා වැරදි මාවත හා නිවැරදි මාවත දරුවන්ට පහදා දීමට ඔව්හු සුදුස්සෝ ම වූහ. එමඟින් තම දූ පුතුන්ට වැරදි මාර්ගයෙන් බැහැර ව, නිවැරදි මාර්ගයට පියමනින හැටි හුරු පුරුදු කළේ ය. නිවැරදි මඟ දුර ය.

විවිධ පිරිපතයන් ගෙන් ගහණ ය. ඇරත් පල්ලමක් අත ළඟ නොවේ... කඳු හෙල් තරණය කළ යුතු ය. එහෙත් වැරදි මඟ ඉතා සූකර ය. බාධක ද නොපෙනේ. කඳු වෙනුවට ඇත්තේ පල්ලම් ය. මේ බව පසක් කරමින් දුෂ්කර යහමඟට වඩා අයහපත් මඟ සූකර ය. එහෙත් එහි ගමන් ගන්නෝ ජීවිතයෙන් ද පරාජිතයෝ වෙති. දුෂ්කර මුත් යහ මඟේ යෑමට ඔවුන් තම පුත්‍ර පුත්‍රිකාවන්ට එළි වැටක් වූයේ එහෙයිනි.

ඒ එළි වැටේ දිදුලන ආලෝකයන් කීපයකි. එකක් ජිවිතය පිළිබඳ ආදර්ශයන් ය. අත්දැකීම් තවකකි. එමෙන් ම අනෙක අවවාද අනුශාසනා ය. එවන් ඔවදමක් තම පුතකුට පියකු විසින් දැනුවත් කළ ආකාරයයි මේ සීපදයෙන් දිග හැරෙන්නේ.

“දස අතේ ගිය හොත් පුතේ නුඹෙ 
කුඩිල්ලම දෙදරුම් කතේ
හිතුමතේ වැඩ කළෝතින් අපෙ 
ගමේ කම නුඹෙ නැති වෙතේ

රට තොටේ කපටින් ට රැවටී 
වරිගෙ නැති නොකරන් පුතේ
අතමිටේ හිඟ වුණත් කම් නැත 
නො වෙන් පඹයෙක් මයෙ පුතේ

මේ සීපදය දුරදිග බලා කටයුතු කළයුතු බව විවාහක තම පුතුට දෙන ඔවදමක් ලෙස සැලකිය හැකියි. නන්නස්තාර ව දස අතේ ගියොත් සිදුවන්නේ නුඹේ කැඩිල්ලම (අඹු දරු සහ නිවසම) දෙදරා යයි. එමෙන් ම හිතුමතේට නුඹේ ඕනෑ එපාකම් කරන්නට පටන් ගත හොත් පුතේ අපි මෙතෙක් කල් පණ සේ රැකගත් ගමේ කම නුඹෙන් ලුහුටා යනවාමයි.

සමහර විට රටේ තොටේ ඉන්න කපටින් කෙරේ සිහි දැනගන සිටින්නට ඕනෑ. ඔවුන්ට රැවටී ඔවුන්ගේ වුවමනාවන් පිරිමහ ගන්නට නුඹ දඩමීමා කරගත්තොත් කිසිම අනුමානයක් නෑ අපේ වරිග පරපුර නැති වෙනවා මයි. ඒ නිසා ඒ ගැන සැමවිට ම සිතා මතා සිහි බුද්ධියෙන් යුතුව කපටින්ට නොරැවටී අපේ පාරම්පරික වරිගය ආරක්ෂා කරගත යුතුමයි.

ඒ විතරක් නොව, නොයෙක් අග හිඟ කම්, නොයෙක් නැති බැරිකම් මනුෂ්‍යයකුට ඇති වෙනවා මයි. හැබැයි එසේ වූ විටක අනුන් හමුවේ වැදගැම්මකට නැති නිවට නියාලු වාගේ ම එක එකා ගේ බහට හිසනමා ගෙන එක එකා වෙනුවෙන් නහින්නට මයෙ පුතේ උඹ වගාවකට බැඳපු පඹයෙක් නම් වෙන්නට එපා.

මෙසේ දක්වාලිය හැකි සංසිද්ධීන් බොහෝ කොට එදා කල් යල් බලා පියකු විසින් පුතාට දෙන ලද අපූරුතම ආදර්ශයන් සහිත අවවාදයක් බවත්, වත්මන් සමාජයට ඒවා කදිම ඔවදමින් ම වනවාට කිසිදු සැකයක් නැත.

හේතුව නන්නස්තාර වී ජීවිතය ගැන නොතකන බහුතරය එයින් තම පවුල ම මහා දුක්ඛදායක තත්ත්වයකට ඇද දමන සිද්ධීන් අද අප අතර විරල නොවේ. හිතුමතේට වැඩකර තම දේශයට ම පිළිලයක් වූවන් ද, රටේ තොටේ සිටින කපටි කයිරාටිකයන්ට රැවටෙන්නෝ ද පසුව එයින් නොයෙක් ගැටලුවලට මැදි වී ඇතැම් විට ජීවිත පවා හානි කර ගත්තා.

මේ අතර මතු අවවාදයක් කාටත් ගැළපෙන පණිවුඩයක් ය. එනම් අද මහ ඇත්තන් හමුවේ පඹයන් වී සිටින්නන් බොහෝ ය. මහ ඇත්තන්ට ගැති වී වාසි අපේක්ෂා වෙන් කටයුතු කර පසුව මහ ඇත්තෝ තමාගේ අවශ්‍යතාවය පිරිමසා ගෙන මේ පඹයන් වාගේ වී දිවා රෑ නොබලා ඔවුන්ට වැඩ කරමින් හිස නැමූවත් අවසානයේ මහ ඇත්තන් තමාගෙන් පළවා හරිති. මේවා අප කාහටත් කදිම පාඩම් ය. එහෙයින් සිහියෙන් කටයුතු කිරීම මනා ය.

''ආදරේ මොන තරම් පිවිතුරුද...'' බම්බුව තමයි........

[චතූ කොළඹට නුදුරු ගමක කෙල්ලෙක්.චතූගේ අරයා හද්ද පිටිසර අනුරාධපුරේ කොල්ලෙක්.චතූ වැඩට ගිහින් ආවහම හැමදාම රෑ 7ට අරය කෝල් කරලා කතා කරනවා.අනුරාධපුරේට ඒ තරම සිග්නල් නැතිනිසා නිතරම පෝන් එක කට්වෙනවා ඒත් ඌ කොහොම හරි ආයි ආයි කෝල් කරනවා]

එතන ඉදන් කතාව මේ...

චතූ හන්දියේ මරු සංගීතයක් අද.යමු බලන්න.
හ්ම්ම්.... යන්නත් ආසයි ඒත් ඉතින් අරය දැනගත්තොත් මෙතන යන්න එපා එපා කිය කිය නටයි.
අනේ එයාට මොකක් හරි කියලා යමුකෝ.
හ්ම්ම්ම්....කොහොමද යන්නේ..? මොකක්ද කියන්නේ...?අනික තව විනාඩි 15කින් එයා කතාත් කරනවා.
මොකක් හරි කියලා යමු බං..
මටත් ආසයි බං...ඒත් මොකද කරන්නේ...හරි අදහසක් ආවා..
මොකක්ද?
පෝන් එකේ සිම් එක ගලවමු..ඇවිල්ලා දා ගමු..
අන්න හොදයි..එහෙනම් එල එල යමු...

[කොහොම හරි කට්ටිය සංගීතේ බලන්න ගියා.බැලුවා විතරක් නෙමෙයි හොදට නැටුවා.ගෙදර එත්දි 12ත් පහුවෙලා.ගෙදර ආපුගමන් සිම් එක ආයිත් දැම්මා]

දාන කොටම කෝල් එකක්...
හෙලෝ පැටියෝ මොකද මෙච්චර වෙලා පෝන් එක වැඩ නැත්තේ..
ආ..... මේ.....මේ.....සිග්නල්....සිග්නල් නැහැ...මමත් හවස ඉදන්ම ඔයාට ගත්තා....ඒත්..මේ....වැඩ නෑ....
ආ ඇත්තද පැටියෝ..එහෙනම් කමක් නැහැ.මෙහේ ඈතනේ ඒ නිසා සිග්නල් නැතුව ඇති..දැන් රෑ වෙලා ඔයා දැන් නිදාගන්න.මම හතේ ඉදන්ම මේ එලියට වෙලා ඔයාට කෝල් ගත්තා..කමක් නැහැ..මගේ පැටියගේ වැරැද්දක් නෙමෙයිනේ.මං එහෙනම් තියන්නම්.බුදු සරණ‍යි.
බුදු සරණයි !
පෝන් එක තියනකොටම මිස් කෝල් ඇලට් මැසේජ් එක ආවා.YOU HAVE 134 MISS CALLS 07...........

''ආදරේ මොන තරම් පිවිතුරුද...''

බම්බුව තමයි........

පුලුවන්නම් තේරුම්ගනින්.........

ඊයේ මගේ හොදම යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.

''මචං උඹ අර හිටවපු රෝස පැලේ පැලවෙලාද?''
''තාම ඒ රෝස පැලේ මැරිලා නම් නැහැ''
''නැහැ බං මම ඇහුවේ රෝස පැලේ දැන් පැලවෙලාද කියලා''
''ඒක තමයි මමත් කිව්වෙ තාමනම් ඒ රෝස පැලේ මැරිලා නැහැ''

යාලුවා උඹට ඒක තේරුම් ගන්න ගොඩක් කල්යයි.

''හැබැයි ඒ රෝස ගහ මැරිච්ච දවසට මම මුලින්ම කියන්නෙ උඹට''

ජෙල්....

එක්කෝ මේවා හදන උන්ට ඔලුවක් නෑ
එහෙම නැත්නම් ගාන උන්ට ඔලුවල් නෑ

ඇත්තටම තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ ඒකම තමයි...

ජෙල්....ඔව් තරුණයෝ විදිහට විලාසිතාවන්ට ඇති කැමැත්ත නිසා අපි ජෙල් භාවිතා කරනවා.හිසකෙස් හදාගන්න ජෙල්වලින් ලැබෙන හැකියාව නිසා එයට අකමැතිවෙන තරුණයෝ නැතුව ඇති.නමුත් මෙම ජෙල් වලින් වෙන හානිය සුලුපටු නැහැ.ඒකයි හැමෝම ඒකට බනින්නේ.ඒක ඇත්ත ඒත් ඉතින් නැතුවත් බැහැ.
කොහොම කොහාම හරි මේ තියෙන්නේ මගේ වැඩ තමයි.

මට ඉතින් හවසට මගේ :) බලන්න යනකොට තබයි මේවා ඕනේ වෙන්නේ.ඇයි ඉතින් ඒවගේ හොද ගමනක් වැද්දා වගේ යන්න ඈ..
කොහොම හරි ජෙල් ගාගෙන ගෙදරින් එලියට බහිත්දි අම්මගෙන්නම් හොදට අහගන්නවා.පස්සේ නැන්දා අම්මගෙන් ඊටත් වඩා හොදවයින් අහගන්නවා[හවස 6ට නාලා මදිවට තව ජෙලුත් ගාලා කියලා]ඒ ඔක්කොම හරි ඊටත් වඩා ඉතින්හොදවයින් අහගන්න වෙනවා එයාගෙන්.ඒත් ඉතින් එයානම් කැමතියි මං හොදින් ඉන්නවට.එක එක කෙනා කියන දේවල් වලට බයෙන් ජෙල් පොඩ්ඩක් විතර ගාන්න කියනවා.

මේ කාටවත් තේරෙනවඈ තරුණ අපිට තියන අර්බුධ..

කොහොම හරි දැනුයි කතාවේ හොද හරිය.මම හුගාක් කල් ඉදන් මේ ජෙල් වලට පුරුදු වෙලා හිටියේ.ඒක පේනවනේ පින්තූර වලින්.කොහොම හරි ඇත්තටම මේ ජෙල් නිසා මට උනේ හානියක්.මාසෙක විතර ඉදලා මගේ හොදට තිබුනු කොන්ඩේ යන්න ගත්තා.විශාල වශයෙන් කොන්ඩෙ ගියා.පස්සෙයි තේරුම් ගත්තේ මේ ජෙල් කියන දේ හොද නැහැ කියලා..
ඇත්තටම යාලුවනේ ඔයාලත් ජෙල් භාවිතා කරත්දි පරිස්සමින්.මං නං කියන්නේ ජෙල් නවත්තන්න.නැත්නම් භාවිතය අවම කරන්න.එයින් ඔයාලටමයි නරකක් වෙන්නේ..
කොහොම හරි මං නම් මේ ඉගෙන ගත්ත පාඩමෙන් ජෙල් නතර කලා.හැබැයි පොඩි ප්‍රශ්නයක්.දැන් කොහොමද මගේ අකීකරු කොන්ඩේ හදාගන්නැතුව මං පාරකට බහින්නේ.ජෙල් නැතුව මුකුත් කරගන්න බැහැ.
හැබැයි ඔය සංකීර්ණ ප්ලෑන් වලින් මාවා නතර කරන්න බැහැ.මම කොන්ඩේ රී බෝන්ඩින් කලා.
දැන් හරි[ඒක කලෙත් ආසාවටටික් දවසකින් ඒකත් නැතිවෙලා යයි]

කොහොම හරි යාලුවනේ මට ඔයාලට දෙන්න තියන උපදෙස තමයි ජෙල් භාවිතය අතහරින්න කියන එක.
ජය !

ඔබ පෙම්කරනා ඔබේ කුමාරිය...

ඒ කලකදි තමන් පෙම්කළ යුවතිය පසු කලෙක වෙනත් අයෙකුට පෙම්කරනු දකින්නට ලැබීම සැබවින්ම සිත පාරවන්නකි. පළමු පෙම්වතා ඇයට බැණ අඩගසන්නේ හෝ වෙනත් අනතුරක් කරන්නේ නැත. එනමුත් ඔහු පෙරදා තමන් පෙම් කළ අද වෙනෙකෙකුට පෙම්බඳින පෙම්වතිය පිළිබඳව ඇගේ චපල බව පිළිබඳව අලුත් පෙම්වතාට ඉඟි කරයි.

”ඔබ පෙම්කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම්කරනා
සඳ මට ද ආදරේ කියා තිබේ...”
”සාගර වෙරළේ සොඳුරු සැදෑවක
රඟහල කෙළවර
අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ...”

මාරයා සහ අවංක හදවත්...

මාරයා යනවා කියලා ගිහින් දැන් දවස් තුන හතරකින් ආවෙ නැහැ. මාරයගේ බ්ලොග් එකේ කවුදෝ මන්දා දාලා තිබ්බ අදහසක් දැකලයි මෙහෙම ලියන්න හිතුනේ.බ්ලොග් එකේ තිබ්බා

''සංවේදී අවංක හදවත් ඉක්මනින් කැඩෙනවා වගේම
හුගක් ඉක්මනින් හැදෙනවා''

අනිත් හදවත් වලට වඩා.ඒක ඇත්ත කොයිතරම් දෙයක් උනත් පුංචි දේවල් වලට පවා හිත පෑරෙන හදවත් ඉක්මනින් හැදෙනවා.ඒක මම අත්දැකීමෙනුත් දන්නවා.

ඇසිල්ලකින් පෙම් බැන්ද ඈ...

එක් වරම.....,
විශාල මහනුවරට මහා අනෝරාවක් කඩා හැලුනි.නේක වර්නයෙන් සැදුම්ලත් නුවර විදීයේ සැරසිලි තෙතබරිතව මැව්වේ මූසල දසුනකි.සුවද,වර්ණයෙන් සැරසුනු රුසිරු ලදුන් අනෝරාවේ ඒ මේ අත දිවගියේය.මගදෙපස වෙලෙන්දෝ ඔවුනට තම වෙලද සැලට ආරාධනා කලෝය.වැසි දියෙන් තෙත බරිත දුහුල් සේද සලු මතින් ඔවුන්ගේ සිරුරේ සියුම් රේඛා දිගේ කාමුක ඇස් දිවගියේ අකුණක් ගසන ඇසිල්ලකට වඩා වේගයෙනි.

මේ අතර ඈ...,
කාමුක ඇස් පරයමින් තවමත් වැස්සේම තෙමෙමින් නුවර විදීය දිගේ දිවගියෙ රත් පැහැති කම්මුල් මත දිය බිදිති ගලා යන ඇසිල්ලකිනි

එක්වරම...,
වේගයෙන් පැමිනි ඈ ගැටුනි මා සිරුරමත.දුහුල් සේදයෙන් වැසුනු,වැහිබින්දු සිපගත් ඇගේ සියොලගම මා ගතේ වෙලිනි ඇසිල්ලකින්.ඈ රත් පැහැවූ දෑස් ඔසවා බැලුකල මා දෙනෙත් ඈ දෙනෙත් මුනගැසුනි එකම එක
මොහොතකදී

එක්වරම...,
පුපුරා ගිය අකුණකින් ඈ තුරුල් විය මා ගතටම වේලී තදින් ආදරෙන්.ඉනික්බිති මුව කමල විහිදුවා අහිංසක සිනා රැල්ලක් මා දෙනෙත් මත නතර විය.දෙවැන්නද පුපුරා ගියේය.ඇය තවත්,ඇගේ සිරුරේ සියුම් රේඛාද සමගින් නතර විය මා සිරුරේ සෑම අංශුවක් පාසාම

එකෙනෙහිම...,
එක්වරම පුපුරා ගිය තෙවන් අකුණින් තුරුල් වී සිටි ඈ ද,මා ද අලු දූලි විය ඇරඹු තැනම ආදරය....

ඔබ පඩික්කමක්ද? බෝ ගසක්ද?

''පඩික්කම් දැක්කහම මිනිස්සු නිකන් යත්දිත් කෙළගහනවා.
බෝ ගස් දැක්කහම බස්වල යන මිනිස්සුත් නැගිටිනවා.
ජීවිතේ ගෙවත්දි ඔබ පඩික්කමක් නොවී බෝගසක් වෙන්න.''

-ජීවිතේට පාඩමක්-

විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...

මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.

''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''

උත්තර කිහිපයයි,

1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්

මොන ක්‍රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්

පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.

එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්‍රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.

අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.

සාධාරනව හිතල බලන්න.ඔබට සිතෙන ආකාරයට ගැලපෙන්නේ මම විශ්වාසකරන විදිහද කියලා.

[මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]

''දිනක කදුළු හමුවේවී දුක් නොවන්න...''

'' කදුළු අයිතිවන්නේ ගැහැණු ඇස්වලට පමණක් නොවෙයි. පිරිමියෙකුගේ ඇසින් කදුළක් වැටෙන්නේ අවංකකම නිසාය.පිරිමියෙකුගේ වුවද කදුළු අග බොහෝ කථා ඇත''

''ඇසින් වැටෙන කදුළු අවංකකම උතුරා ගිය කදුළුය''

''දුක,වේදානාව ආදී වූ නොයෙක් තැන්හී කදුළු සලන්නේ අවංක වූ හදවත් පමණි.නේක අවස්ථාවලදී බොරු සෝභන චරිතවල ඇස් අග තෙත් නොවන්නේ ඔවුන් අවංක නැති නිසාමය''

''කදුලක් සලන සිතට බොහෝ දේ වැටහේ.අන් නෙතින් කඩාහැලෙන කදුළු වල වටිනාකම වැටහෙන්නේ ඔවුනට පමණි.....''

''එපා කිසිදින ගරහන්න අන් කදුලකට,වැටහේවී කදුලක ඇති අගය,ඔබේ ඇසින් කදුලක් වැටෙන දිනක''

''දිනක කදුළු හමුවේවී........
දුක් නොවන්න ඒ කදුළු වැටෙන්නේ
අවංකකම වැඩි නිසාමය.........''

''ජීවිතේ සුන්දර වෙන්නනම්...''

''හෙලෝ'' කියලා ජීවිතේට එන මිනිස්සු ඉක්මනටම ''බායි'' කියනවා
නමුත් අවංකව හදවතින්ම හිනාවෙලා ''යන්නම්'' කියන මිනිස්සු හැමදාම ලගින්ම ඉදීවි.

අපිට හැමෝම ආදරේ කරන්නෙ නැහැ.අනික් අය හැමෝම අපිට ලංවෙන්නේ අපි හොදින් ඉන්න කාලෙට විතරයි.අපි හිනාවෙන කාලෙට විතරයි. අපිට අඩන්න උනාම ලගින් හිටපු හැමෝම අපෙන් ඈතට යනවා.

ජීවිතේට එන හැමෝම අතරින් අවංකව යන්නම් කියන අය විතරමයි අපිත් එක්ක ඉන්නෙ.අන්න ඒ නිසා එවන් සුන්දර මිනිස්සු ජීවිතේට ලංකරගන්න.ජීවිතේ සුන්දර වේවි.

''කැකුළු හාල් ෆ්‍රයිඩ් රයිස් සහ බාස්මතී කිරිබත් ''

''කැකුළු හාල් වලින් ෆ්‍රයිඩ් රයිස් හදන්න බැහැ...
බාස්මතී සම්බා වලින් කිරිබත් හදන්න බැහැ...''

අහම්බෙන් පොතක තිබිලා කියවපු මේ අදහස කොයි තරම්නම් ඇත්තද.

ජීවිතේට නොගැලපෙන දේවල් වලින් ජීවිතේ ලොකු ලොකු දේවල් හදන්න බැහැ.කැකුළු හාල් වලින් ෆ්‍රයිඩ් රයිස් හදන්න ගියොත්,බාස්මතී වලින් කිරිබත් හදන්න ගියොත් වරදිනවා.
ඒ වගේ තමයි ජීවිතේටත් නොගැලපෙන දේවල් වලින් ජීවිතේ ගොඩනගා ගන්න ගියොත් වරදින එක වරදිනවමයි.

ජීවිතේට ගැලපෙන පුංචි පුංචි දේවල් වලින් ජීවිතේ ගොඩනගා ගන්න.
සතුටින් ඉන්න පුලුවන් වේවී
.
ජය !