ඔක්කොටම වඩා එපාවෙන දේ තමයි තනියෙන් යන එක.ඒත් කමක් නැහැ එතකොට නිදහසේ බලලා පොත් ගන්න පුලුවන්.ඔන්න ඉතින් ගියා කියමුකෝ පොත් ගන්න.පලවෙනි දවසේ ලොකු බිලක් දාපු නිසා හිතන්ගියෙ පොඩි බිලක් දාගන්න.අවශයම පොත් දෙක තුනක් ගන්න.ඔන්න මම කෝම හරි ගත්තා ආස හිතුන පොත්..
1.මහ රජ ගැමුණු-ජයන්ත චන්ද්‍රසිරිගේ
[දුටු ගැමුණු රජ කතාව තමයි මේ.බොහොම ලස්සනට දෙබස් සහිතව ලියලා තියනවා.චිත්‍රපටයේ තිර පිටපත...නියමයි..]
[වෙනිසියුලානු ජනාධිපති හියුගොස් චාවෙස් ගේ චරිතප්‍රදන.මම බොහොම ගරු කරන චරිත කිහිපයෙන් එකක් නිසා මට ඔනේම උනා මගේ චරිතප්‍රදන පොත් එකතුවට මේ පොතත් එකතු කර ගන්න.
[මේකනම් මම හොයපුම පොතක්.චේ ලියපු පොතක් හොය හොයමයි හිටියේ.සමාජවාදය ගැන මම වැඩියෙන්ම ගරුකරන පුද්ගලයා ලියපු පොතක්.]
[මේකත් ජනප්‍රිය පොතක්.චේ බොලිවියාවේ සටන් කරත්දි ඔහුගේ දිනපොත තමයි මේ]
[කිව්බාව ගැනැ සදහන් වෙන වැදගත් පොතක්]
[චීන නායක මා වෝ සේතුන් මෙහෙයවු මහා පා ගමන ගිය හැටි තම්යි මේකේ තියෙන්නේ.]
* ආ තව කතාවක් කියන්න තියෙනවා තව පොඩි පොත් වගයක් ගත්තා....:)
මාස්ටර් ගයිඩ් එක පැත්තෙනුයි,පොඩි සුරංගනා කතා පොත් තියෙන කඩේකිනුයි.....ඒවා මෙතන දාන්න බැහැ අප්පා...:) ලැජ්ජයි..
* තව එකක් අම්මා යකකොට කිව්වා රිබන් එම්බ්‍රොයිඩර් පොතක් ගේන්න කියලා.හැම තැනම හෙව්වා කොහෙද ඉතින් හොයාගන්න නැහැ.ඒකට අම්මා පොඩ්ඩක් හරි නැහැ.ඉතින් මං මවන්න ඈ...
අතුරු කතා
1. අපේ අම්මා මං ගෙදරට ඇවිත් පොත් ටික දිග අරිත්දි කියනවා ''පුදුමයි උඹව සුදු වෑන් එකකින් ඉස්සුවෙ නැත්තෙලු'' ඇයි ඉතින් ඔක්කොම රතු පොත්නේ..:)
2. හැම පොත් සාප්පුවකම ගුරු ගීතයයි,අම්මා යි වැහි වැහැලා.එක එක ප්‍රකාශකයෝ පිට කවරේ වෙනස් කර කර ඒකම ගහලා.පිටකවරේ වෙනස් උනාට කමක් නැහැ ඇතුල වෙනස් නොකර.
3. පොත් කඩවලට වඩා අඩියෙන් අඩිය කෑම බීම කඩ අනේ අම්මපා උනුත් හොද බිස්නස් එකක.
ඔන්න ඔහොම තමයි මගේ දෙවෙනි පොත් සවාරිය ඉවර උනේ..