skip to main |
skip to sidebar
කමමැලිකමින් හිටපු වෙලාවක මගේ ආදරනීය පොත් එකතුව අවුස්සමින් හිටපු වෙලාවල අහම්බෙන් මගේ අතට ආපු පොතක් ගැන නොකියාම ඉන්න බැහැ.පොත සරත්චන්ද්‍රයන්ගේ ''මළවුන්ගේ අවුරුදු දා'' පොත පෙරලගෙන් ගිහින් අන්තිම පිටුවේ මගේ ඇස් නතර වුනා.අන්තිමට තිබ්බ පැදිපෙල හැමදාටම හොදින්ම මතකයි.
''ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවට එන්න ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම''
තොකියෝ 1963
''යකෝ මට බොන්න ඕනේ''
ජීවිතේ අන්තයටම කලකිරුනු කරුමක්කාරයගේ ආදරේ අවසාන දවස.......
''හරි අද ඇතිවෙනකම් බීපන් හැබැයි හෙට ඉදන් ඔක්කොම අමතක කරලා හොදින් හිටපන්''
''පොරොන්දු වෙයන් එහෙම ඉන්නවා කියලා''
''හරි යකෝ හරි''කරුමක්කාරයා අඩන් ගමන් කිව්වා.
අන්තිමට අමුම අමුවෙන් ගල් බෝතලයක් එක උගුරට තනියෙන් බිව්ව කරුමක්කාරයා එදා රෑ හොදටෝම ඇඩුවා.දුක හේදිලා යනකම්ම...........
එක් වරම.....,
විශාල මහනුවරට මහා අනෝරාවක් කඩා හැලුනි.නේක වර්නයෙන් සැදුම්ලත් නුවර විදීයේ සැරසිලි තෙතබරිතව මැව්වේ මූසල දසුනකි.සුවද,වර්ණයෙන් සැරසුනු රුසිරු ලදුන් අනෝරාවේ ඒ මේ අත දිවගියේය.මගදෙපස වෙලෙන්දෝ ඔවුනට තම වෙලද සැලට ආරාධනා කලෝය.වැසි දියෙන් තෙත බරිත දුහුල් සේද සලු මතින් ඔවුන්ගේ සිරුරේ සියුම් රේඛා දිගේ කාමුක ඇස් දිවගියේ අකුණක් ගසන ඇසිල්ලකට වඩා වේගයෙනි.
මේ අතර ඈ...,
කාමුක ඇස් පරයමින් තවමත් වැස්සේම තෙමෙමින් නුවර විදීය දිගේ දිවගියෙ රත් පැහැති කම්මුල් මත දිය බිදිති ගලා යන ඇසිල්ලකිනි
එක්වරම...,
වේගයෙන් පැමිනි ඈ ගැටුනි මා සිරුරමත.දුහුල් සේදයෙන් වැසුනු,වැහිබින්දු සිපගත් ඇගේ සියොලගම මා ගතේ වෙලිනි ඇසිල්ලකින්.ඈ රත් පැහැවූ දෑස් ඔසවා බැලුකල මා දෙනෙත් ඈ දෙනෙත් මුනගැසුනි එකම එක
මොහොතකදී
එක්වරම...,
පුපුරා ගිය අකුණකින් ඈ තුරුල් විය මා ගතටම වේලී තදින් ආදරෙන්.ඉනික්බිති මුව කමල විහිදුවා අහිංසක සිනා රැල්ලක් මා දෙනෙත් මත නතර විය.දෙවැන්නද පුපුරා ගියේය.ඇය තවත්,ඇගේ සිරුරේ සියුම් රේඛාද සමගින් නතර විය මා සිරුරේ සෑම අංශුවක් පාසාම
එකෙනෙහිම...,
එක්වරම පුපුරා ගිය තෙවන් අකුණින් තුරුල් වී සිටි ඈ ද,මා ද අලු දූලි විය ඇරඹු තැනම ආදරය....
''පඩික්කම් දැක්කහම මිනිස්සු නිකන් යත්දිත් කෙළගහනවා.
බෝ ගස් දැක්කහම බස්වල යන මිනිස්සුත් නැගිටිනවා.
ජීවිතේ ගෙවත්දි ඔබ පඩික්කමක් නොවී බෝගසක් වෙන්න.''
-ජීවිතේට පාඩමක්-
ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ...
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ