Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts
--------පුවතක්-------නයි නලගන කෝට්ටේ නයිටික නටවයිද....?
--------පුවතක්--------
''සුප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ලංකාවට මහගු සේවයක් කල,වන සතුන් උදෙසා තම දිවි පරදුවට තබමින් නිතීය හමුවේ සටන් කළ අසහාය තරුණ කාන්තා හඩ,''නයි නළගන'' අතිමහත් ජනතාවගේ ඉල්ලීම් මැද,ගරු නාමල් රාජපක්ෂ මැති තුමාගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇත...''
----------------------------------------------------------------------------
අනර්කලීලා,පබාලා වගේ නිලියෝත් පාර්ලිමේන්තු ගියානම්,
රෝසි අක්කා වගේ රූප සුන්දරියෝ පාර්ලිමේන්තු ගියානම්,
ගිතාලා,සුසන්තා චද්‍රමාලිලා චන්දෙත් ඉල්ලුවානම්,
ජයසුරියලා,අර්ජුනලාත් මන්ත්‍රී වරු උනානම්,
එහෙව් රටේ,
හෙට ''නයි නලගනත්'' දේශපාලනේට නොයෙයි කියලා කොහොම හිතන්නද...
ආවොත් ඉතින් දෙන්න වෙන්නේ වනජීවී ඇමතිකම තමා,හැබැයි ඊට වඩා හොදයි මගේ හිතේ ''බුද්ධශාසන'' වගේ ඇමති කමක් දුන්නනම්....
at @ජිනා මැඩම් ගැනත් හිතමින්...
අවුරුද්දට මාමාගෙන් මට මැසේජ් එකක්...
අද උදෙන්ම නැගිටිනකොට හැමෝම දන්නා කෙනෙක් මට මැසේජ් එකක් එවලා බොලේ.....අවුරුද්ද්දට සුභ පතලා....මං ඒක දැක්ක ගමන් උඩ ගිහින් බිම වැටුනා...ඇයි අප්පේ අවුරුද්දකට සැරයක් හරි එයාට අපිව මතක් වෙනවනේ කියලා.....
මෙන්න මට එවපු මැසේජ් එක ඒ විදිහටම දැම්මා......
''දයාබර දසුන් පුතේ,ලැබුවා වූ 2013 නව වසර ඔබටත් ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ආශ්චර්යමත් නව වසරක්ම වේවා....ඉතින් කොහොමද පුතේ අවුරුදු එහෙම....ජයද ?අපිනම් දැන් කිරි ඉතිරුවා...අපේ මුට්ටිය වටෙන්ම කිරි ඉතිරුනා....පුතාලගේ කිරි මුට්ටිය ඉතිරුනාද......
ආ.....මේ ශිරන්ති නැන්දත් පුතාට සුභ අලුත් අවුරුද්දක් කියන්න කිව්වා.....නැන්දා මේ කිරි එක උතුරන ගමන් ඉන්නේ....මං මේ හාන්සි පුටුවේ ඉදන් කකුල් දෙකත් උඩට දාගෙන ඉන්නේ....නාමල් මල්ලියි,යෝෂිත මල්ලියි බබර චක්කර පත්තු කරනවා....බලන්නකෝ රෝහිත මල්ලි ''අහස කුරක්''උඩ යවන්න ගිහින් අත පුච්ච ගත්තා.....පව් පොඩි එකා....මගේ හිතේ දැන් අල්ලපු ගෙදර කෙල්ලත් එක්ක නිලා පත්තු කරනවා එළියේ....
ඉතින් පුතේ කොහොමද ඔය පැත්තේ අලුත් තොරතුරු,අපිනම් මැදමුලනේ ගෙදර ඉන්නේ මේ ටිකේ....ආ පුතේ.....පුතා පහුගිය අවුරුදු ගානම අපි වෙනුවෙන්, මං වෙනුවෙන් ජන්ද වලදී ගොඩක් වැඩකලා කියලා මං දන්නවා.....කොහෙද ඒ උනාට තාම මට පුතාට රස්සාවක් දෙන්න බැරි උනානේ....බය වෙන්න එපා මම කළගුණ දන්නා මිනිහෙක්නේ...ඉක්මටම පුතාට රස්සාවල් දෙන්නම්...පුතා ජන්දේ කාලේ නිදි මාරාගෙන,අතේ තියෙන සතෙන් නැති කරගෙන,ගුටි කාගෙන,කතා අහගෙන මං වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කලාද...මට ඒවා හොදට මතකයි රත්තරන් පුතේ....
මේ ලගදි අපි ගෙදරත් කතා උනා මෙච්ච්චර මහන්සි වෙලත් පුතාට තාම රස්සාවක් හොයලා දෙන්න බැරි උනානේ කියලා....ශිරන්ති නැන්දත් මට බැන්නා....''ඇයි මනුස්සයෝ ඒ ළමයා අපේ පුතෙක් වගේ නේද කියලා,ඉක්මනට රස්සාවක් හොයලා දෙන්වා කියලා,අපේම පුතෙකුටනම් ඔයා ඔහොම කරයිද කියලා ඇහුවා''
නාමල් මල්ලිත් මේ ලගදි මට කිව්වා තාත්තේ අපි දසුන් අයියව තාරුන්යට හෙටක් එකේවත් සභාපති කරමු කියලා...මං කිව්වා චී... පුතේ ඒ ළමයට ඊට වඩා හොද එකක් අපි හොයලා දෙමු කියලා....ඒ අස්සේ පොඩි එකා යෝශිත් මට කියනවා තාත්තේ තාත්තේ අපි දසුන් අයියව අපේ ''කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්'' එකට දාලා csn එක බාරදෙමු කියලා....මං කිව්වා අපෝ පුතේ දසුන් අයියා අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට එකනම් හොදටම මදි අපි ඊට වඩා හොද එකක් දෙමු කියලා.....
ඒ අස්සේ පුංචි එකා කුපාඩි කමට කියනවා...''තාත්තේ අපි දතුන් අයියව මදේ ලොකට් එකේ හදත යවමු-එයා ලොකට් වල යන්න ආත ඇතිනේ'''' කියලා..මං උට පුකට දෙකක් ගහලා දුවපන් කියලා එලෙව්වා....ඇයි පුතේ බලන්නකෝ පුතා කොච්චර මහාසි උනාද අපි වෙනුවෙන්...එහෙව් එකේ පුතාව එහෙම සවුත්තු ඒවාට දාන්න පුලුවන්ද....
පුතා කිසි දේකට බය වෙන්න එපා...මං ඉක්මනට පුතාව එහෙකට දාන්න තීරණය කළා.....හොදම එකක්....මාත් එක්කම ඉදතහැකි...නැන්දා උයන බත් කටක් කාලා මල්ලිලා එක්ක සෙල්ලම් කරතහැකි....මං පුතාව ඒ තනතුරට දාන්න තීරණය කළා.........
''හැබැයි ඉතින් එක අවුලක් තියනවා.....පුතාට තව ටික දවසක් ඉන්න වෙනවා...මොකද මේ ''ලලිත්'' මාමා විශ්‍රාම යන්නත් එපාය !!
------------------
මට අන්තිම පේලිය කියවත්දී කලන්තේ දැම්මා....හරි අමාරුවෙන් වතුර ගහලා ගහලා නැගිට්ට ගත්තේ.....
ආ...නැගිටලා ආයි ඉතුරු ටික බලනකොට මෙහෙමත් තිබ්බා.....
''එහෙනම් මගේ රත්තරන් පුතේ පුතාට සුභ-අනාගතයක් !!
තව මාමා මං සිංහල ටික හරියට කියවන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසා ඒ ටික දෙමලෙනුයි.ඉන්ගිරිසියෙනුයිත් එවලා තිබ්බා.....අනේ සන්තෝසයි අවුරුද්දට හරි මාමාට මාව මතක් උනානේ.....
Subscribe to:
Posts (Atom)