Showing posts with label ජීවිතේ. Show all posts
Showing posts with label ජීවිතේ. Show all posts

සුන්දර මතක ආවර්ජනය කරමින්...


වෙලාව හරියටම පාන්දර 2 යි 30යි.හරියටම මිට මාස දෙහෙකට කලින් අද වගේ දවසක මේ වෙලාවට අපි හිටියේ දබුල්ලේ පන්සලේ...සෝමාවතී ගිහින් එන ගමන් මේ වේලාවට දබුල්ලේ පන්සල් ගියා...පන්සලේ හිටියේ අපි විතරයි...ගතට දැනුනු පුංචි සිතල අපේ විඩාව නිව්වේ ඇසිල්ලකින්...මේ වෙලාවටත් වෙලදාම් කරන්න ඇරලා තිබ්බ කඩේකින් සිතල යන්නත් එක්ක අපි කෝපි බිව්වා.... දබුලු පන්සලේ බුදු පිළිමේ ලග දනගහගෙන අපි ප්‍රාර්ථනා හුගක් කළා..පස්සේ මේ පාන්දර කොමඩු ගෙඩි හය හතකටත් වගකියපු අපි හැම තැනම ඇවිද්ද...හිතට දැනුනේ පුදුම නිස්කලංක බවක්...මේ මගේ රට කොයි තරම් සුන්දරද කියලා දැනුනා....මේ පොලොව අපිට කොයි තරම් ලෙන්ගතුද කියලා දැනුනා....අපි හිමිහිට පල්ලම් බැස්සා...ආපහු වාහනේ ලගට ගියත් ඒ නිස්කලංක බව දාලා එන්න හිතුනේ නෑ....

අකමැත්තෙන් හරි එතනින් පිට උනත් පහුවෙනිදා උදේ ගෙවල් වලට එනකම්ම අපේ හිත් හරි සතුටින් පිරිලා තිබුනා....ඒ මගේ රට මේ තරම් සුන්දර ,නිදහස්,නිස්කලංක පොලොවක්ද කියලා හිතමින්.....එහෙව් පොලොව විනාස කරන්න අපේම උන් දගලන හැටි දැක්කහම හිතට දැනෙන වේදනවා කියන්න බැරි තරම්...

ඒ වෙලේ හිතුන එක දෙයක් තිබුනා...ඒ තමා උපදින හැම ආතමෙකදිම මේ රටේම උපදින්න ලැබෙන්න ඕනේ කියලා ''හැබැයි මේ කුහක මිනිස්සුත් එක්ක නැතුව......''

හදවත සංවේදී වූ මොහොතක....


ෆෙස්බුකියේ මාගේ මිතුරෙක් දමා තිබු කතාවක් නිසා මා අද දැඩි සංවේගයකට පත්විය..එය දැක මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...

----මේ ඔහු දැමු අදහසයි ----

ඒ මීට අවුරුදු පහළොවකට පමණ පෙරය. දත් මදින්නට බෑ කියා අඬද්දිත්, කට මිරිකා දත් ටික මද්දවාගෙන නිල් පාට කොට කලිසමකුයි සුදු ෂර්ට් එකකුයි අන්දවාගෙන ලේන්සුවකුත් සාක්කුවේ එල්ලාගෙන වතුර බෝතලේකුත් බෙල්ලේ දාගෙන නම ගැසූ කාඩ්බෝඩ් කැබැල්ලක් සමග පාසළට (ඇදගෙන) ගිය මුල්ම දවස මට අද වගේ මතකය. දෙක වසරේ අක්කෙක් අවිදින් රෝස මලක් දී සිප පිළි ගත්තා තවත් හොඳට මතකය. එක වසරට ඇතුලත් වන විටත් කිසිඳු අකුරක් හෝ ලියන්නට නොදත් එකම ළමයා මා විය. එදා මා පාසල් ගියේ කිසිඳු බලාපොරොත්තුවකින් නොවූවද, මගේ අම්මාගේ හිතේ කප්පරක් බලාපොරොත්තු තියෙන්නට ඇත. මාව දොස්තරයෙක් ඉන්ජිනේරුවෙක් නොකලත් පොළවට බරක් නොවී ජීවත් වෙන්න පුලුවන් එකෙක් වත් වනවා දැකීම ඇගේ හීනය වන්නට ඇත. මට ඒ බලාපොරොත්තු, ඒ හීන ගැන වැටහෙන්නට බොහෝ කළක් ගත වූවත් යම් මට්ටමකට හෝ මට ඒවා ඉටු කරන්නට හැකි වූවායි සිතිමි. තවත් බෝහෝ දේ කිරීමට ද ඇත. පාසල් ජීවිතේ ඉගැන්වූ කිසිඳු ගුරුවරයෙකුගේ හිත දිනා ගන්නට තරම් වාසනාව නොලද මා ඔවුන් ඉදිරියේ හංවඩු ගැසී සිටියේ හොඳ ළමයිනුත් වලට ඇද දානා එකෙක් ලෙසිනි. එහි එතරම්ම සත්‍යතාවයක් නැතිමුත් ඔවුන්ට මාව එපාවන්නට ලොකුම හේතුවනම් මගේ ඇඟ පුරා ඇති වාචාලකමයැයි සිතමි. 
ආදරයක් නිසා වරක් අම්මාගේ සල්ලිත්, මහන්සියත්, බලාපොරොත්තුත් නැති කර දැමූ මා සමහරක් දේ ලබා ගන්නට විභාගය දෙවැනි කොට කටයුතු කළෙමි. අවසන මට විභාගයත් ඒ දේවලුත් දෙකම නැති වීය. උගත් පාඩම් වලින් සන්නද්ධව මා දෙවැනි වර කිරීමට හිත හදාගත්තේ කිසිවෙකුගේ වත් බල කිරීමක් නිසා නොව කඳුළු සඟවාගේන දුක නොපෙන්වා සිනා වී ගෙන ආයෙත් කරපන් මයේ පුතේ යැයි කියු අම්මාගේ වදන් නිසාය. බොහෝ කලක් පල් වෙවී තිබුණු මොළ ගෙඩියට දස වද දී පදම් කරගෙන මාස හතකින් මා දෙවැනිවර සඳහා සූදානම් වීමි. පළමුවර සමහර දේවල් වෙනුවෙන් විභාගය අත් හැරීයද දෙවැනි වර මා ඒ දේවල් වෙනුවෙන් හා අම්මාගේ සතුට වෙනුවෙන් විභාගයටම සිත් යෙදීය. දැන් මට හොඳ ප්‍රතිඵලයකුත්, අවශ්‍ය අනිත් දේවලුත්, අම්මාට සතුටකුත් ගෙන දෙන්නට ඉඩ ලැබී ඇත. මෙය මා තනිව ලැබූ ජයග්‍රහනයක් නොව බොහෝ දෙනෙක්ගේ උදව් මත ලැබූවකි. ඒ සියළු දෙනාටම මාගේ ප්‍රණාමය. ස්තූතියි. 
ප.ලි - මාගේ ප්‍රථිපලය ය. භෞතික විද්‍යාවට A ද රසායන විද්‍යාවට B ද සංයුක්ත ගණිතයට C ද වේ. එය මහා ලොකු ප්‍රතිඵලයක් නොවූවද, මා බලාපොරොත්තු වන වාස්තු විද්‍යාඥයෙක් වීමට ප්‍රමාණවත් ය. මෙය එතරම් උදම් ඇනීමට තරම් කාරණාවක් නොවූවද, මා මෙය ලියා තැබුවේ මෙය ලබා ගන්නට මා කෑ කට්ට දන්නා නිසාත්, මා මුලදී සිටි තත්වයත් හොඳින්ම දන්නේ මා නිසාවෙනි. ~තිළිණ a.k.a පෙට්ටි.

----මේ මා ඔහුගේ පොස්ට්ටුවට දැමු දීර්ඝ කොමෙන්ටුවයි.....----

දයාබර මිතුරු තිළිණ....,කොහෙන් කොහොම කමෙන්ට් කිරීම ආරම්භ කලයුතු දැයි දෙතුන් වරක් නොවැ දහ දොළොස් වතාමක් සිතමින් මා මා සමගම තර්ක කල ගතිමි...උබේ මේ අදහස කියවමින් මැද හරියට එන විට එතෙක් දෑසේ තිබු කදුළු කැට දෙක කම්මුල් දිගේ රූටා වැටුනේ මන්දැයි සිතා ගන්නට බැරිවිය...බොද වුනු ඇස් දෙකෙන් ඉතිරි ටිකත් කියවා හමාර කලෙමි...ඇසේ ඉත්රිවු තවත් කදුළු කැට දෙකක් ඇදගෙන සිටිනා ෂර්ට්ටුවේ අතෙන් පිහිදා දමමින් මේ අදහස කීමට හිත නැවතත් හදා ගත්තේය......

උබේ කතාවත් සමග මාද මාගේ අතීතයට ඇදීගියේ මං දැයි මා දන්නේ නැත...උබේ අම්මා මෙන් මගේ අම්මාත් කප්පරක් බලාපොරොත්තු හිතේ දරන් මා පාසලට රැගෙන ගිය හැටි මතක් වෙත්දී දැනෙන වේදනාව හා සන්තාපයේ තරම මේ යැයි කියන්නට බැරිය..ඒ මාගේ දයාබර අම්මාත් කුඩා කල සිට මා වෙනුවෙන් වින්ද දුක,මාගේ දයාබර පියා මා පාසල් යැවීමටත් ඉගෙන්විමට්ත් වින්ද දුක මතක් වූ නිසාය...

ගමේ පාසලේ ඉගෙන ගත් මා පහ වසර ශිෂත්වය සමත්ව ''ලොකු'' පාසලකට ඇතුලත් කාරයින් පසු මාගේ අධ්‍යාපනය සදහා අසීමිතව කැපවූ හැටිත්,අසීමිත මුදල් සම්භාරයක් මා වෙනුවෙන් නිර්ලොබිව වැය කල සැටිත්,උසස් පෙළ දක්වාම පෞද්ගලික පන්ති සදහා විශාල මුදලක් කැපකර මා හට ඉගැන්වූ සැටිත් මතක් වෙත්දී මාගේ හදවතේ ගබුරුම තැනින් නැගෙන වේදනාවෙන් මා හද අසීමිතව රිදුම් දෙන්නේ මං දැයි වටහාගන්නට පවා නොහැකි වී ඇත්තේ ඒ තරම් එය මගේ හද කම්පා කර ඇති බැවිනි....

ඔවුන් අපට ඒ කල කැපවීම් වලට සලකන්නට දවසක් එතැයි එකල නොසිතුවත් මෙකල ඒ සිදුකල අසීමිත කැපවීම් එකින් එක මතකයට එන විට හදවත රිදුම් දෙන්නේ ඔවුන් කොතරම් වේදනාවක් විදින්නතිදැයි සිතත්දිය....

කියන්නට තව බොහෝ දේ ඇතත් මේ මොහෙතේ මට ඒ කිසිවක් ටයිප් කර ගැනීමට නොහැකි තරම් මා සංවේදී වී ඇත.....

දයාබර මිත්‍ර තිලින....උබට ජය..!! මුල මතක දරුවෙකුට කිසිදිනෙක වරදින්නේ නැති බව දෙමව්පියද දනී...උබේ අම්මාත් මේ ලියමන කියෙව්වේනම් හඩනාවාට කිසි සැකයක් නැත...මෙතරම් දිග කමෙන්ටුවක් ලියන්න වේ යැයි මා සිතුවේ නැත....අවසාන මට උබට කියන්නට ඇත්තේ එක දෙයකි....

''දයාබර තිලින,උබට් කිසිදින වරදින්නේ නැත...හදවතින් මා උබට සුභ පතන්නේ මාගේම සහෝදරයෙක් යැයි සිතමිනි.....

නුබට ජය සහෝදරයා !!!!

අතමිටේ හිඟ වුණත් කම් නැත නො වෙන් පඹයෙක් මයෙ පුතේ...


සෑම මිනිසකු ම තම ඇවැතුම් පැවතුම් සඳහා උගත යුතු පාඩම් බොහෝ ය. විඳිය යුතු අත්දැකීම් සේම, ලබා ගත යුතු අවවාද අනුශාසනා ද එමට ය. ඒ පරිචයන්ගෙනි මිනිස් දිවිය හැඩ වැඩ විය යුත්තේ. ඇතැම් හු ඒවා කෙරේ කැමත්තක් නොදක්වා තම ජීවිත නන්නස්තාර කරගනිති. මැණිකක් වුවත් කපා කොටා ඔප මට්ටම් කළ තරමට එහි වටිනාකම ද අධික වෙයි. ජීවිතය ද එසේ ම ය.

විවිධ සුබවාදී දැනුම් සම්භාරයන් ගෙන් අවවාද අනුශාසනාවලින් හා අත්දැකීම් වලින් පිරිපුන් මිනිස් දිවිය හරවත් ය. වැඩදායක ය. පිරිපුන් ය. පරිණත ය. බොහෝ දෙනකු මේවා ගැන නොතකා ජීවිතය ම හරසුන් කර ගන්නා අවස්ථා අපමණි. අනතුරු ව ප්‍රබල ලෙස පසුතැවිලි වෙමින් කල් මැරුවත්, ඉන් අත්වන්නේ පළ රහිත බවකි. පරිහානියකි.

මේ බව යහමින් ම දැන හඳුනන අපේ ගමේ ඇත්තෝ තම දූ දරුවන්ට උක්ත කරුණු කාරණා වටහා දීම තම පරම යුතුකම් සේ සැලකූහ. ඒ යුතුකම් කේන්ද්‍ර ගත කරගෙන බාල වියේ පසුවන දරුවන් ගේ පටන් වැඩි හිටියා දක්වා වැලදිය යුතු හරවත් දිවි ගමනකට අත්‍යවශ්‍ය සියලු දෑ තමා ආදර්ශයේ පිහිටා සදා සම්පාදනය කළහ. ළාබාලයන් තව ම ජීවිතය විඳ ගත්තන් නොවන හෙයින් එදා වැඩිහිටියෝ දරුවන්ට ආදර්ශවත් සෙවණැල්ලක් ම වූහ.

වැඩිහිටි සෙවණේ හැදෙන වැඩෙන බාලක බාලිකාවන්, යොබ්බන යොබ්බනියන් වන තෙක් ද එතැන් පටන් ඔවුන් දීග දලග දෙන තෙක් ද එයින් නොනැවතී දරු මල්ලන් දකින තුරා ද යහ ජීවිත මාර්ගයේ සම්බාධකයන් ජය ගැන්මට මාර්ගෝපදේශකයන් වූයේ දෙමහල්ලන් ය. වැඩිහිටියන් ය. යමක් යමකුට අවබෝධ කළ යුත්තේ අවබෝධ කරන්න අත්දැකීම් ක්ෂේත්‍රයෙන් පරිණත වූ පසු ව ය.

හේතුව හරි හමන් අයුරින් දරුවකුට ජීවිතය විඳ ගැනීමට නම් දෙමහල්ලන් හෝ වැඩිහිටියන් ජීවිත ගමනේ විවිධ පැතිකඩ ඔස්සේ ගැටෙන සුඛ සෝමනස්සයන් මෙන් ම දුක්ඛ දෝමනස්සයන් ද වලදා ඒවායින් පදම්වී සිටිය යුත්තේ ම ය. ඒ බව ගමේ වැඩිහිටියන් එදා මනාකාරයෙන් දැනමුතු වී සිටි බව නම් සැබෑ ය.

එසේ සහතික විය හැක්කේ නිත්‍ය වශයෙන් ම ඔවුන් විවිධාකාරයෙන් වූ දැනුම් සම්භාරයකින් පරිපූර්ණ නිසාවෙනි.

එනිසා වැරදි මාවත හා නිවැරදි මාවත දරුවන්ට පහදා දීමට ඔව්හු සුදුස්සෝ ම වූහ. එමඟින් තම දූ පුතුන්ට වැරදි මාර්ගයෙන් බැහැර ව, නිවැරදි මාර්ගයට පියමනින හැටි හුරු පුරුදු කළේ ය. නිවැරදි මඟ දුර ය.

විවිධ පිරිපතයන් ගෙන් ගහණ ය. ඇරත් පල්ලමක් අත ළඟ නොවේ... කඳු හෙල් තරණය කළ යුතු ය. එහෙත් වැරදි මඟ ඉතා සූකර ය. බාධක ද නොපෙනේ. කඳු වෙනුවට ඇත්තේ පල්ලම් ය. මේ බව පසක් කරමින් දුෂ්කර යහමඟට වඩා අයහපත් මඟ සූකර ය. එහෙත් එහි ගමන් ගන්නෝ ජීවිතයෙන් ද පරාජිතයෝ වෙති. දුෂ්කර මුත් යහ මඟේ යෑමට ඔවුන් තම පුත්‍ර පුත්‍රිකාවන්ට එළි වැටක් වූයේ එහෙයිනි.

ඒ එළි වැටේ දිදුලන ආලෝකයන් කීපයකි. එකක් ජිවිතය පිළිබඳ ආදර්ශයන් ය. අත්දැකීම් තවකකි. එමෙන් ම අනෙක අවවාද අනුශාසනා ය. එවන් ඔවදමක් තම පුතකුට පියකු විසින් දැනුවත් කළ ආකාරයයි මේ සීපදයෙන් දිග හැරෙන්නේ.

“දස අතේ ගිය හොත් පුතේ නුඹෙ 
කුඩිල්ලම දෙදරුම් කතේ
හිතුමතේ වැඩ කළෝතින් අපෙ 
ගමේ කම නුඹෙ නැති වෙතේ

රට තොටේ කපටින් ට රැවටී 
වරිගෙ නැති නොකරන් පුතේ
අතමිටේ හිඟ වුණත් කම් නැත 
නො වෙන් පඹයෙක් මයෙ පුතේ

මේ සීපදය දුරදිග බලා කටයුතු කළයුතු බව විවාහක තම පුතුට දෙන ඔවදමක් ලෙස සැලකිය හැකියි. නන්නස්තාර ව දස අතේ ගියොත් සිදුවන්නේ නුඹේ කැඩිල්ලම (අඹු දරු සහ නිවසම) දෙදරා යයි. එමෙන් ම හිතුමතේට නුඹේ ඕනෑ එපාකම් කරන්නට පටන් ගත හොත් පුතේ අපි මෙතෙක් කල් පණ සේ රැකගත් ගමේ කම නුඹෙන් ලුහුටා යනවාමයි.

සමහර විට රටේ තොටේ ඉන්න කපටින් කෙරේ සිහි දැනගන සිටින්නට ඕනෑ. ඔවුන්ට රැවටී ඔවුන්ගේ වුවමනාවන් පිරිමහ ගන්නට නුඹ දඩමීමා කරගත්තොත් කිසිම අනුමානයක් නෑ අපේ වරිග පරපුර නැති වෙනවා මයි. ඒ නිසා ඒ ගැන සැමවිට ම සිතා මතා සිහි බුද්ධියෙන් යුතුව කපටින්ට නොරැවටී අපේ පාරම්පරික වරිගය ආරක්ෂා කරගත යුතුමයි.

ඒ විතරක් නොව, නොයෙක් අග හිඟ කම්, නොයෙක් නැති බැරිකම් මනුෂ්‍යයකුට ඇති වෙනවා මයි. හැබැයි එසේ වූ විටක අනුන් හමුවේ වැදගැම්මකට නැති නිවට නියාලු වාගේ ම එක එකා ගේ බහට හිසනමා ගෙන එක එකා වෙනුවෙන් නහින්නට මයෙ පුතේ උඹ වගාවකට බැඳපු පඹයෙක් නම් වෙන්නට එපා.

මෙසේ දක්වාලිය හැකි සංසිද්ධීන් බොහෝ කොට එදා කල් යල් බලා පියකු විසින් පුතාට දෙන ලද අපූරුතම ආදර්ශයන් සහිත අවවාදයක් බවත්, වත්මන් සමාජයට ඒවා කදිම ඔවදමින් ම වනවාට කිසිදු සැකයක් නැත.

හේතුව නන්නස්තාර වී ජීවිතය ගැන නොතකන බහුතරය එයින් තම පවුල ම මහා දුක්ඛදායක තත්ත්වයකට ඇද දමන සිද්ධීන් අද අප අතර විරල නොවේ. හිතුමතේට වැඩකර තම දේශයට ම පිළිලයක් වූවන් ද, රටේ තොටේ සිටින කපටි කයිරාටිකයන්ට රැවටෙන්නෝ ද පසුව එයින් නොයෙක් ගැටලුවලට මැදි වී ඇතැම් විට ජීවිත පවා හානි කර ගත්තා.

මේ අතර මතු අවවාදයක් කාටත් ගැළපෙන පණිවුඩයක් ය. එනම් අද මහ ඇත්තන් හමුවේ පඹයන් වී සිටින්නන් බොහෝ ය. මහ ඇත්තන්ට ගැති වී වාසි අපේක්ෂා වෙන් කටයුතු කර පසුව මහ ඇත්තෝ තමාගේ අවශ්‍යතාවය පිරිමසා ගෙන මේ පඹයන් වාගේ වී දිවා රෑ නොබලා ඔවුන්ට වැඩ කරමින් හිස නැමූවත් අවසානයේ මහ ඇත්තන් තමාගෙන් පළවා හරිති. මේවා අප කාහටත් කදිම පාඩම් ය. එහෙයින් සිහියෙන් කටයුතු කිරීම මනා ය.

‎''ජීවත් වීම උදෙසා ජීවිතේ සමග ඔට්ටු වීම''


‎''ජීවත් වීම උදෙසා ජීවිතේ සමග ඔට්ටු වීම''

ඇත්තෙන්ම මේක මගේ සිත කම්පා කල දර්ශනයක්....පොඩ්ඩක් කියවලා බලන්න් පේන දේට වඩා කොච්චර ලොකු දෙයක්ද මෙතන තියෙන්නේ කියලා...

මම වැවට ගියේ ලස්සන පොටෝ ටිකක් ගන්න..මේ සහෝදරයා වැව පුරා පපුව මට්ටමට විතර එරි එරි මෙහෙම පැය දෙක තුනක් මල් කැඩුවා...මමත් පින්තූර කිහිපය්ක් ගත්තා...ඔහු වැවේ ඇවිද්දේ හරිම හිමින්,අපහසුවෙන් වගේ...පැය දෙහෙකට විතර පස්සේ ඔහු ගොඩට අවා...ඒ එන අවස්තාවේ ගත්ත පින්තූරයක් තමයි මේ...

දන්නවද ඊට පස්සේ උන දේ....ඔහු ජලයෙන් ගොඩට එත්දියි මං දැක්කේ ඔහු බොරු කකුලක් පැලදගෙනයි මේ අවදානම් වැඩේ කලේ....අදහගන්නත් බැරි උනා...ගොඩට ඇවිත් ප්‍රාඩෝ එහෙක ආපු මහත්තයෙකුට රුපියල් තුන ගානේ මල් ටික දීලා ඔහු බොරු කකුල ගලවමින් වැව් බැම්මේ වාඩි උනේ මා සමගත් සිනාසෙමින්...

මං ඔහු ලගට ගිහින් ඇහුවා මොකද උනේ කියලා....වැවේ කෙලවර දිහා බලාගෙන ඔහු කට කොනකින් හිනාඋනා....

''මම ආමි එකේ,විශේෂ කාර්ය බලකායේ සාම්පූර්වල ඉදිරි ආරක්ශක වලල්ලකදි කකුලට බට්ටෙක් පෑගුනා මහත්තයෝ.ජීවත් වෙන්න ඕනේ නිසයි වැවේ මල් කඩලා කීයක් හරි හොයා ගන්නේ...''මොනවා කරන්නද ජීවිතේ හැටි තමයි මේ...

මගේ හිතට ඒ වෙලේ දැනුන හැගීම මට දැනුත් දැනෙනවා දැනෙනා වගේ...

''ඉතින් කකුලකුත් නැතුව ඔහොම වැවේ යන එක අවදානම් නැත්ද?''

හ්ම්..... නොගිහින් කොහොමද මහත්තයෝ....මීට දවස තුන හතරකට කලින් නූලෙන් බේරුනේ මේ රස්සාව කරන්න ගිහින....

''ඒ ඇයි''

''මල් කඩන්න අද වගේම වැව මැද්දට ගිහින් ඉත්දි මහා වැස්සක් වැස්සා.....හිමින් හිමින් ගොඩට එන්න හදත්දි මාව එරුනා...බොරු කකුලනම් කමක් නැහැ...අනිත් එක එරුනේ...මං කොහොමද ඒක එලියට ගන්නේ....බැලුවා හරි යන්නෙම නැහැ...වැස්සත් එක්ක වැවේ වතුරත් වැඩි වෙන්වා...මං පැය තුනක් විතර වතුරේ එහෙම්මම හිටියා ජීවිතේ ගැන අමතක කරලා...මට මගේ දරුවෝ මතක් උනා,මගේ බිරිද,මගේ දෙමව්පියෝ....මං වතුරත් එක්ක,මගේ බොරු කකුලත් එක්ක පැය තුනක් සටන් කලා...අන්තිමට පපුව ගාවට තිබ්බ වතුර ටික ටික මගේ බෙල්ල ගාවටම ආවා...මං හිතුවා මේ මගේ අවසානය කියලා...උදව් ඉල්ලන්න කෙනෙක්වත් නෑ...අන්තිමට මගේ පෙර වාසනාවකටද කොහෙද පාරේ යන මල්ලි කෙනෙක් දැකලා ටක්ගාලා වතුරට පැනලා මාව බේර ගත්තා......මං හිතුවේ එදා මං ඉවරයි කියලා''

හ්ම්.....මං එදා ඔහුට සමුදූන්නේ දරාගන්න බැරි වේදනාවක් හදවතේ පුරෝගෙන....මට ඒක තාමත් දැනෙනවා.............


මට බැහැ මෙයා ලග වාඩි වෙන්න...

මෙය කලකට ඉහතදී ගුවන් යානයක සිදු වූ සිද්ධියකි.

ගුවන් යානය ගුවන් ගත වීමට ඇත්තේ සුළු මොහොතකි. මගීන් තමන්ට නියමිත ආසන වල අසුන් ගනිමින් 

සිටියෝය.. වයස අවුරුදු 50ක් පමන වන සුදු ජාතික කාන්තාවක් තමන් අසුන් ගැනීමට නියමිත අසුන වෙත

 පැමිනියාය.. ඇය දුටුවේ තමන් ගේ අසුනට යාබද අසුනේ අසුන් ගෙන සිටින කළු ජාතිකයෙකි.ඔහු දුටු ඇය 

කෝපයෙන් වියරු වැටුනු ආකාරයක් දිස් වුනු අතර ඇය මදක් ශබ්ද නගා ගුවන් සේවිකාවකට කතා කලාය.


"ඇයි මැඩම් මොකද්ද ප්‍රශ්ණය?" ගුවන් සේවිකාව අචාරශීලීව ඇගෙන් විමසීය..


"ප්‍රශ්ණය? ඇයි පේන්නේ නැද්ද? මට දීලා තියෙන්නේ කළු මිනිහෙක් ලග Seat එකක්,මට මේ Seat එකේ

 වාඩි වෙන්න බෑ,මට වෙන එකක් දෙන්න පුලුවනිද?" සුදු කාන්තාව කෝපයෙන් විමසීය

."තරහා ගන්න එපා මැඩම් අද නම් අපේ ඔක්කොම Seats Full ඒත් මම තව පාරක් Check කරන්නම්" පැවසූ 

ගුවන් සේවිකාව නික්ම ගිය අතර මිනිත්තු කිහිපයකින් නැවතත් පැමිනියාය.


"මැඩම් මම කලින් කිව්වා වගේ අද Economy Class Empty Seats එකක්වත් නෑ,මම Captain එක්කත් 

Check කලා First Class Empty Seats විතරයි තියෙන්නේ"


සුදු කාන්තාව යමක් පැවසීමට සැරසුනු නමුත් ගුවන් සේවිකාව දිගටම කතා කලාය


"අපේ Company Rules වලට අනූව සාමාන්‍යයෙන් අපි Economy Class එකේ ගමන් කරන මගියෙක් 

First Class එකට මාරු කරන්නේ නම් නෑ, ඒත් තමන්ට අප්‍රිය කෙනෙක් ලග ගමන් කරන එක මගියෙක්ට 

අප්‍රසන්න අත්දැකීමක් නිසා අපි තීරණය කලා නීතියට පිටින් වැඩ කරන්න""


මේ ඇසූ සුදු කාන්තාව මද සිනාවක් පා තම ගමන් මළු රැගෙන පලමු පන්තිය දක්වා යාමට සැරසුනි.


මෙවිට අසරණව සිද්ධිය දෙස බලා සිටි කළු ජාතික මගියා දෙස බැලූ ගුවන් සේවිකාව


"ඒ නිසා සර් අපි සර්ට පලමු පන්තියේ ආසනයක් වෙන් කලා,එන්න මම සර්ට ආසනය පෙන්වන්නම්" යැයි 

පැවසුවාය.

මේ ජුගුප්සාජනක සිද්ධිය දෙස තුෂ්නිම් භූතව බලා සිටි අසල සිටි මගීන් සියලු දෙනා අත්පොලසන් දෙන්නට 

විය.,සුදු ජාතික කාන්තාව කරකියා ගන්නට දෙයක් නොමැතිව අසරණ විය.


මේ පොත් කාරයෝ වශියක්වත් කරලද මන්ද?[දෙපාරක් ගියා පොත් ගන්න]

මේ පොත් කාරයෝ වශියක්වත් කරලද මන්ද යන්නමයිනේ හිතෙන්නේ.කෝම කෝම හරි කොච්චර වැඩ තිබුනත් සතියක් ඇතුලත දෙපාරක් ගියා පොත් ගන්න.ඇයි අප්පා පලවෙනි දවසේ හිදෙනකම් අරන් එලියට එනකොට පොඩි පොඩි කුටිවලට ගියහම පපුව දැවිල්ල ගත්තා.මොකද ආසම පොත් මෙන්න තියනවා.කෝම කෝම හරි මම දැඩි තිරනයක් ගත්තා තව දවසක එන්න ඕනේ කියලා.ඒ නිසා ඊයේ අයිත් දෙවෙනි පාරට සේන්දු උනා වේයා වගේ.
ඔක්කොටම වඩා එපාවෙන දේ තමයි තනියෙන් යන එක.ඒත් කමක් නැහැ එතකොට නිදහසේ බලලා පොත් ගන්න පුලුවන්.ඔන්න ඉතින් ගියා කියමුකෝ පොත් ගන්න.පලවෙනි දවසේ ලොකු බිලක් දාපු නිසා හිතන්ගියෙ පොඩි බිලක් දාගන්න.අවශයම පොත් දෙක තුනක් ගන්න.ඔන්න මම කෝම හරි ගත්තා ආස හිතුන පොත්..

 1.මහ රජ ගැමුණු-ජයන්ත චන්ද්‍රසිරිගේ 
[දුටු ගැමුණු රජ කතාව තමයි මේ.බොහොම ලස්සනට දෙබස් සහිතව ලියලා තියනවා.චිත්‍රපටයේ තිර පිටපත...නියමයි..]

2.චාවේස් - අචල උපේන්ද්‍ර
[වෙනිසියුලානු ජනාධිපති හියුගොස් චාවෙස් ගේ චරිතප්‍රදන.මම බොහොම ගරු කරන චරිත කිහිපයෙන් එකක් නිසා මට ඔනේම උනා මගේ චරිතප්‍රදන පොත් එකතුවට මේ පොතත් එකතු කර ගන්න.

                                           

3.සමාජවාදය මිනිසා සහ වෙනත් රචනා-චේ ග්වේරා
[මේකනම් මම හොයපුම පොතක්.චේ ලියපු පොතක් හොය හොයමයි හිටියේ.සමාජවාදය ගැන මම වැඩියෙන්ම ගරුකරන පුද්ගලයා ලියපු පොතක්.]




4.බොලීවියාවේ මතක සටහන්-තිසර චාමර
[මේකත් ජනප්‍රිය පොතක්.චේ බොලිවියාවේ සටන් කරත්දි ඔහුගේ දිනපොත තමයි මේ]




5.කැස්ත්‍රෝගේ දේශය-සුසන්ත කොඩි තුවක්කු
[කිව්බාව ගැනැ සදහන් වෙන වැදගත් පොතක්]



6.ලොව හෙල්ලූ මහා පා ගමන-ආරියරත්න දොඹගහ වත්ත.
[චීන නායක මා වෝ සේතුන් මෙහෙයවු මහා පා ගමන ගිය හැටි තම්යි මේකේ තියෙන්නේ.]



* ආ තව කතාවක් කියන්න තියෙනවා තව පොඩි පොත් වගයක් ගත්තා....:)
මාස්ටර් ගයිඩ් එක පැත්තෙනුයි,පොඩි සුරංගනා කතා පොත් තියෙන කඩේකිනුයි.....ඒවා මෙතන දාන්න බැහැ අප්පා...:) ලැජ්ජයි..

* තව එකක් අම්මා යකකොට කිව්වා රිබන් එම්බ්‍රොයිඩර් පොතක් ගේන්න කියලා.හැම තැනම හෙව්වා  කොහෙද ඉතින් හොයාගන්න නැහැ.ඒකට අම්මා පොඩ්ඩක් හරි නැහැ.ඉතින් මං මවන්න ඈ...




අතුරු කතා
1. අපේ අම්මා මං ගෙදරට ඇවිත් පොත් ටික දිග අරිත්දි කියනවා ''පුදුමයි උඹව සුදු වෑන් එකකින්  ඉස්සුවෙ නැත්තෙලු'' ඇයි ඉතින් ඔක්කොම රතු පොත්නේ..:)

2. හැම පොත් සාප්පුවකම ගුරු ගීතයයි,අම්මා යි වැහි වැහැලා.එක එක ප්‍රකාශකයෝ පිට කවරේ වෙනස් කර කර ඒකම ගහලා.පිටකවරේ වෙනස් උනාට කමක් නැහැ ඇතුල වෙනස් නොකර.

3. පොත් කඩවලට වඩා අඩියෙන් අඩිය කෑම බීම කඩ අනේ අම්මපා උනුත් හොද බිස්නස් එකක.

ඔන්න ඔහොම තමයි මගේ දෙවෙනි පොත් සවාරිය ඉවර උනේ..

''ගුඩ් මෝර්නින්ග් මගේ පනට'

''මම බොහොම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..''

''මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..''

මං නැගිට්ටනම් හරිනේ.තාම නිදන් ඉන්න නිසානේ මෙහෙම විකාර හීන පේනනේ.නැගිටිනකොටම අරයගෙන් මැසේජ් එකක්.. ''ගුඩ් මෝර්නින්ග් මගේ පනට''.අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ අල්ලලා ඉඹගෙන ඉඹගෙන යන්න..:) ආයිත්නම් නිදාගන්නෙම නැහැ සත්තයි....

ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්...

ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්
උන් දිනූ සතුටට උන් ජය පැන් බිබී නටත්දී
ගමේ අපි තාම මරාගන්නවා උන් වෙනුවෙන්
පලවෙනි දෙවෙනි බදාගෙන සුභ පතත්දී
අපි තාම මූණ බලන්නෑ පාරකදී ගමේ එකාගෙම...

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]


මේ සටහන මම ලියන්නේ බොහොම සතුටින්.ඒත් ඒ සතුට එක සුළු මොහොතකින් නැතිවෙන්න තිබුනා.කොටින්ම කියනවනම් මම වලට ගිහින් නැවත ගොඩ ආවා...
කාරනය අතිශයින්ම  පුද්ගලික කාරනයක් උනත් මේ සටහන් නොලියම බැහැ.

මම බොහම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..

මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..

මේ ප්‍රශ්ණය නිසා මම දින ගනනාවක් දුක් වින්දා,ඒ දින ගනනාවම මම පරිඝනකයට අතවත් තිබ්බේ නැහැ.එක් වරම මට ආපු මතකයත් එක්ක වෙව්ලන දෑතින් මම පරිඝනකය ඔන් කලා...

මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ මම කලා..
''මාරයා'' ඔව් එයයි නිවැරදිම දේ..
මම මාරයාගේ බ්ලොග් අඩවියට ගියා.මාරයා අයියා අන්තිමට දාලා තිබ්බ පෝස්ට් එකට මට උදව් ඉල්ලලා කමෙන්ටුවක් දැම්මේ බොහොම ඉක්මනට මේකට උත්තරයක් ඕනෙම නිසයි.

''අනේ මරාය අයියේ මම ලොකු ප්‍රශ්නෙක අනේ මට ඔයාට කතා කරන්න ඕනේ''
පැය භාගයක යන්නත් කලින් මට දුරකතන ඇමතුමක් ආවා.බ්ලොග් අවකාශයේ තවත් සහෝදරයෙක්ගෙන්

''මල්ලි ඉන්න මම මාරයට කියන්නම් ඔයාට ගන්න කියල''

තවත් මිනිත්තු කිහිපයක් ගත උනා..
''මල්ලි දසුන් මම මාරයා මොකක්ද අවුල''
මරායා මා ඇමතුවා..
මම මගේ ගැටලුව කිව්වා.ඒ මොහොතේ මාරයා අයියගේ උපදෙස් වලින් පොඩ්ඩක් ප්‍රශ්නේ විසදුනා.

ඇත්තටම ඒ මොහොතේ මට ඒ කරපු උදව්ව කවදාවත් අමතක වෙන එකක් නැහැ..
දයාබර මාරයා අයියේ ඔබට බොහොම පිං.තමන්ට පුද්ගලික වාසියක් නැතත් මං වෙනුවෙන් මේ ප්‍රශ්නෙ විසදගන්න මහන්සි උනාට.ඇත්තටම මාරයාට කිව්වා විතරයි බොහොම ඉක්මනට හුගක උනන්දුවෙන් මට උදව්කලා.මං වෙනුවෙන් ඒ ගතකල විනාඩි කිහිපයට බොහොම ස්තුත්යි.

දයාබර අයියේ ජීවිතේ කියන්නේ හරි පරිස්සම් කරගන්න ඕනෙ දෙයක්.ඒ ජීවිතේ සතුට රැකගන්න කරපු කැපවීමට බොහොම පිං අයියේ.ඒ වගෙම මාරයා අයියව සම්බන්ද කරගන්න උදව් කරපු සනත් අයියටත් බොහොම පින්.

''ජීවිතේ කටුක තැන්වලදී හමුවන සොදුරු මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවයි''

දයාබර මාරයා,දයාබර සනත් අයියේ බොහොම පිං.....

අන්තිමට මට උනේ හොදක්.මං මුලින්ම කිව්වේ මම එකපාරටම වලට ගියා කියලා අපායටම ගියා කියලා.එතන ඉදන් දැන්මට ඩබල් ප්‍රමෝශන් වැදුනා කෙලින්ම ආයිත් මනුස්ස ලෝකෙට නෙමෙයි දිව්ය ලෝකෙටම...

''මාරයා අයියේ අන්තිමට මට තිබ්බටත් වඩා හොද උනා''

මගේ හදවත ගලෝලා නුඹට දුන්නා...

මං නුඹට තිබ්බ ආදරේට
මගේ මස් ලේ වලින් හැදුනු හදවත ගලෝලා නුඹට දුන්නා
නුඹත් නුඹේ හදවත මට දුන්නා
කල් ගත් උනා...
නුඹේ හදවත තුරුල් කරන් ඉත්දි මට හරිම සනීපයක් දැනුනේ
මං දැනන් හිටියේ නැහැ නුඹ මට දුන්නේ
නුඹේ ඇත්තම හදවත නෙමෙයි දවසින් දවස දියවෙලා යන බොරු හදවතක් කියලා
ඒක දවසින් දවස දියවෙලා ගියා...
ඒත් මං නුඹට දුන්නේ මගේ ඇත්ත හදවත
නුඹ ඒකත් අරන් මගෙන් ඈතටම ගියා...
දැන් දවසින් දවස මම නැතිවෙනවා මගේ හදවත නැතුව
නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක
මාත් දියවෙනවා ටිකෙන් ටික...

මගේ යැයි සිතාසිටි බොහෝදේ.......

මගේ යැයි

සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

තවත් එක් කතාවක්.....

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා....

ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......

 දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !

අවුරුදු කුමරි තරගයට???...

හිතාගන්න ආමාරු ලොකු ප්‍රශ්නයක් තියනවා.මෙහෙම දෙයක් උනොත් ඔයාල මොකද කරන්නේ.

ඔබ ආදරේ කරන් පෙම්වතිය ලොකු අවුරුදු උත්සවයක අවුරුදු කුමරි තරගයට ඉදිරිපත්වෙන්නද කියලා ඔබෙන් අහනවා.මොකද කරන්නේ? මොනවද ඒ ගැන හිතෙන්නේ...?

මාරයා සහ අවංක හදවත්...

මාරයා යනවා කියලා ගිහින් දැන් දවස් තුන හතරකින් ආවෙ නැහැ. මාරයගේ බ්ලොග් එකේ කවුදෝ මන්දා දාලා තිබ්බ අදහසක් දැකලයි මෙහෙම ලියන්න හිතුනේ.බ්ලොග් එකේ තිබ්බා

''සංවේදී අවංක හදවත් ඉක්මනින් කැඩෙනවා වගේම
හුගක් ඉක්මනින් හැදෙනවා''

අනිත් හදවත් වලට වඩා.ඒක ඇත්ත කොයිතරම් දෙයක් උනත් පුංචි දේවල් වලට පවා හිත පෑරෙන හදවත් ඉක්මනින් හැදෙනවා.ඒක මම අත්දැකීමෙනුත් දන්නවා.

කරුමක්කාරයගේ කතාව...

''යකෝ මට බොන්න ඕනේ''

ජීවිතේ අන්තයටම කලකිරුනු කරුමක්කාරයගේ ආදරේ අවසාන දවස.......

''හරි අද ඇතිවෙනකම් බීපන් හැබැයි හෙට ඉදන් ඔක්කොම අමතක කරලා හොදින් හිටපන්''

''පොරොන්දු වෙයන් එහෙම ඉන්නවා කියලා''

''හරි යකෝ හරි''කරුමක්කාරයා අඩන් ගමන් කිව්වා.

අන්තිමට අමුම අමුවෙන් ගල් බෝතලයක් එක උගුරට තනියෙන් බිව්ව කරුමක්කාරයා එදා රෑ හොදටෝම ඇඩුවා.

දුක හේදිලා යනකම්ම...........

ඔබ පඩික්කමක්ද? බෝ ගසක්ද?

''පඩික්කම් දැක්කහම මිනිස්සු නිකන් යත්දිත් කෙළගහනවා.
බෝ ගස් දැක්කහම බස්වල යන මිනිස්සුත් නැගිටිනවා.
ජීවිතේ ගෙවත්දි ඔබ පඩික්කමක් නොවී බෝගසක් වෙන්න.''

-ජීවිතේට පාඩමක්-

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ...

ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ...

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...

මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.

''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''

උත්තර කිහිපයයි,

1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්

මොන ක්‍රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්

පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.

එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්‍රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.

අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.

සාධාරනව හිතල බලන්න.ඔබට සිතෙන ආකාරයට ගැලපෙන්නේ මම විශ්වාසකරන විදිහද කියලා.

[මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]

''ඔහොම ඉදලා තේරුම් ගන්න...''

එදා.......,
මට ඔයාට හැමදාම හුගාක් ආදරේ කරන්න කිව්වේ ඔයා
අන්තිමට මම ඔයාට හුගක් ආදරේ කරත්දි ඔයා මගෙන් ඈත්වෙලා
පස්සේ ඔයාගෙන් ඈත්වෙන්න කියලා කිව්වෙ ඔයා
මම ඔයාගෙන් ඈත්වෙත්දි ඔයාට කිසිගානක් තිබ්බේ නැහැ
අන්තිමට ඔයාව අමතකකරන්න කිව්වෙත් ඔයා
ඔයා මාව තනිකරලා දාලා හුගක් දුර ගිහින්
මම හරිම අමාරුවෙන් තාම හිත හදාගන්නවා.....

අද.....,
ඔයත් තනිවෙලාඔයාට මගේ වටිනාකම දැනෙනවා නේද?
ලග ඉන්න කොට වටින්නේ නැති උනාට
ඈත් උනාම ඔයාට මගේ ආදරේ දැනෙනවා ඇති නේද?
දවසක ඔයාම ආයෙත් මගෙ ලගට එනවා කියලා මම දන්නවා......
ඔහොම ඉදලා තේරුම් ගන්න මගේ ආදරේ කොයි තරම්ද කියලා.........