Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

සුන්දර මතක ආවර්ජනය කරමින්...


වෙලාව හරියටම පාන්දර 2 යි 30යි.හරියටම මිට මාස දෙහෙකට කලින් අද වගේ දවසක මේ වෙලාවට අපි හිටියේ දබුල්ලේ පන්සලේ...සෝමාවතී ගිහින් එන ගමන් මේ වේලාවට දබුල්ලේ පන්සල් ගියා...පන්සලේ හිටියේ අපි විතරයි...ගතට දැනුනු පුංචි සිතල අපේ විඩාව නිව්වේ ඇසිල්ලකින්...මේ වෙලාවටත් වෙලදාම් කරන්න ඇරලා තිබ්බ කඩේකින් සිතල යන්නත් එක්ක අපි කෝපි බිව්වා.... දබුලු පන්සලේ බුදු පිළිමේ ලග දනගහගෙන අපි ප්‍රාර්ථනා හුගක් කළා..පස්සේ මේ පාන්දර කොමඩු ගෙඩි හය හතකටත් වගකියපු අපි හැම තැනම ඇවිද්ද...හිතට දැනුනේ පුදුම නිස්කලංක බවක්...මේ මගේ රට කොයි තරම් සුන්දරද කියලා දැනුනා....මේ පොලොව අපිට කොයි තරම් ලෙන්ගතුද කියලා දැනුනා....අපි හිමිහිට පල්ලම් බැස්සා...ආපහු වාහනේ ලගට ගියත් ඒ නිස්කලංක බව දාලා එන්න හිතුනේ නෑ....

අකමැත්තෙන් හරි එතනින් පිට උනත් පහුවෙනිදා උදේ ගෙවල් වලට එනකම්ම අපේ හිත් හරි සතුටින් පිරිලා තිබුනා....ඒ මගේ රට මේ තරම් සුන්දර ,නිදහස්,නිස්කලංක පොලොවක්ද කියලා හිතමින්.....එහෙව් පොලොව විනාස කරන්න අපේම උන් දගලන හැටි දැක්කහම හිතට දැනෙන වේදනවා කියන්න බැරි තරම්...

ඒ වෙලේ හිතුන එක දෙයක් තිබුනා...ඒ තමා උපදින හැම ආතමෙකදිම මේ රටේම උපදින්න ලැබෙන්න ඕනේ කියලා ''හැබැයි මේ කුහක මිනිස්සුත් එක්ක නැතුව......''

වෙනස්කල හැකි දේ බොහෝය...

ඔබට පුලුවන් උනොත් කාගේහරි ජීවිතයක් වෙනස් කරන්න.එහෙම කරලා හිතට දැනෙන සතුට කොයිතරම්ද.

මේ මගේ ජීවිතෙන් කතාවක්,
හැමදාම යන එන මාර්ගයේ බස් රථයකදී දවසක් අවුරුදු 30 විතර තරුනයෙක් සිංහලෙන් කියනවනම් හොරෙක් හීමීට සෙනග පිරුනු බස් එකේ හිටපු කාන්තාවකගේ අත් බෑගයකට වැඩේ දෙනයි හදන්නේ.මට වැඩේ අතටම අහූවුනා මිනිහා බෑග් එක ඇරලා ඇතුලෙ තිබ්බ පර්ස් එක ගත්තා.අල්ල ගත්තා මිනිහගේ බෙල්ලෙන්ම ''අනේ සර්'' බස් එකේදී මම කෑ ගැහුවනම් ඒකේ හිටපු මිනිස්සු ඔක්කොම ඌව කෝටුමස් කරනවා.මම හිමින් මිනිහගේ අතින් පර්ස් එක අරන් ආයි අහුවුනොත් පොලිසියට බාරදෙනවා කියලා බස් එකෙන් බැස්සුවා.

හරියටම ඊට දවස් දෙකට පස්සෙත් මම අහම්බෙන් බස් එහෙකදි මිනිහවා දැක්කා.මිනිහා වෙනස් වෙලා නැහැ.තරුන මහත්මයෙකුගේ පොකට් එකට ගැහුවා.එදානම් මිනිහවා අතාරින්න බැහැ.මිනිහා පොකට එකට ගහලා බහින දොරලග මම ගිහින් හිටගත්තා.මිනිහා ආවා මාව දැක්කා.මිනිහව බස් එකෙන් බස්සලා මදි නොකියන්න සැලකුවා.අන්තිමට වැද වැද දුවනකම්ම ගැහුවා.

පස්සේ ඊට සති දෙහෙකට පස්සේ ආයෙමත්.....
මිනිහා බස් එකට නගිනකොටම මම ලෑස්තිවුනේ අල්ලගන්න.මිනිහා මං දිහා බලල බායදු විදිහට හිනාවුනා.මිනිහා අතේ ලොකු මල්ලක් තිබුනා.මිනිහා බැදපු කජු පැකට් විකුනනවා.බස් එකේ ඉස්සරහ ඉදන් පස්සටම ආවා මගේ ලග නතවුන ඔහු මට කජු පැකට් එකක් දුන්නා.මම ඔහුට සල්ලි දෙන්න උත්සහකලත් ඔහු ගත්තේ නැහැ.මට හුගක් සතුටුයි.මොකද මිනිහ වෙනස් වෙලා නිසා.මම මිනිහව වෙනස් කරපු නිසා.

මේ සිද්දිය වෙලා මේ වෙනකොට අවුරුද්දක් විතර වෙනවා.අදටත් ඔහු ඒ බස් මාර්ගයේම වෙලදාම් කරනවා.ඔහු හමුවන හැමදාකට මම මුදල් දීලා කජු පැකට් එකක් ගන්නේ හිත පතුලේ උපන් අපිරිමිත සතුටින්.

''මේ ඇරඹෙන්නේ ඒ මතක ආවර්ජනයයි......''

''විටෙක ජීවිතය මහා පුදුමාකාරයයි මට සිතේ.සතුට,දුක,සිනහා,කදුළු,කළකිරීම,වේදනාව,
බලාපොරොත්තු,පසුතැවීම,අහිමිවීම,අසරණකම,විදවීම,පාලුව,තනිකම,ආත්මානුකම්පාව ආදී වූ සියලුම දේ එක්තැන්වන මේ ජීවන නවාතැන්පලේ අප ජීවත්කර තබන මතකයන් සෑම කල්හිම මතකයේ රැදේ.

ජීවිතේ සුන්දරම සිනහා ඉතිරූ කාලයන් මෙන්ම කාළකන්නිම කදුලු වැගිරූ කාලයන්හිද මතකයන් හදවතේ ගැඹුරුම තැන්හී තැමපත් වී ඇත. විටෙක කටුකවූත් විටෙක සොදුරු වූත් ජීවනගමනේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් මතක් වෙත්දී දෙනෙත් අග තෙත්වන්නේ ඒ මතකයන් සමග අවංකවම ජීවත් වූ නිසාය.

ජීවන ගමනේ හමුවූ සොදුරුවූ මිනිසුන් මෙන්ම නපුරුවූ මිනිසුන්ද ජීවිතයෙන් ඈතට යන්නේ මතකයන් පමනක් ඉතිරි කරමින්ය. ජීවිතේ කලකිරුනු බොහෝ අවස්ථාවන් හීදී සොදුරු වූ මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවාලයි.එවන් වූ ජීවන ගමනේ දහසකුත් එකක් අත්දැකීම්,මතකයන්,කදුළු මෙන්ම සිනහවන්ද,සොදුරු වූද නපුරු වූද මිනිසුන්ද,සුන්දර වූද වේදනාබර වූද මතකයේ රැදි කාලපරිජේදයන්ද සදාකල් ''ජීවන මග දීගේ'' යන ගමනේ මතකයේ රැදේ.''

''මේ ඇරඹෙන්නේ ඒ මතක ආවර්ජනයයි......''