''මම බොහොම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..''
''මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..''
මං නැගිට්ටනම් හරිනේ.තාම නිදන් ඉන්න නිසානේ මෙහෙම විකාර හීන පේනනේ.නැගිටිනකොටම අරයගෙන් මැසේජ් එකක්.. ''ගුඩ් මෝර්නින්ග් මගේ පනට''.අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ අල්ලලා ඉඹගෙන ඉඹගෙන යන්න..:) ආයිත්නම් නිදාගන්නෙම නැහැ සත්තයි....
Showing posts with label ආදරේ. Show all posts
Showing posts with label ආදරේ. Show all posts
මගේ හදවත ගලෝලා නුඹට දුන්නා...
මං නුඹට තිබ්බ ආදරේට
මගේ මස් ලේ වලින් හැදුනු හදවත ගලෝලා නුඹට දුන්නා
නුඹත් නුඹේ හදවත මට දුන්නා
කල් ගත් උනා...
නුඹේ හදවත තුරුල් කරන් ඉත්දි මට හරිම සනීපයක් දැනුනේ
මං දැනන් හිටියේ නැහැ නුඹ මට දුන්නේ
නුඹේ ඇත්තම හදවත නෙමෙයි දවසින් දවස දියවෙලා යන බොරු හදවතක් කියලා
ඒක දවසින් දවස දියවෙලා ගියා...
ඒත් මං නුඹට දුන්නේ මගේ ඇත්ත හදවත
නුඹ ඒකත් අරන් මගෙන් ඈතටම ගියා...
දැන් දවසින් දවස මම නැතිවෙනවා මගේ හදවත නැතුව
නුඹ දුන්න දියවෙන හදවතත් එක්ක
මාත් දියවෙනවා ටිකෙන් ටික...
''ආදරේ මොන තරම් පිවිතුරුද...'' බම්බුව තමයි........
[චතූ කොළඹට නුදුරු ගමක කෙල්ලෙක්.චතූගේ අරයා හද්ද පිටිසර අනුරාධපුරේ කොල්ලෙක්.චතූ වැඩට ගිහින් ආවහම හැමදාම රෑ 7ට අරය කෝල් කරලා කතා කරනවා.අනුරාධපුරේට ඒ තරම සිග්නල් නැතිනිසා නිතරම පෝන් එක කට්වෙනවා ඒත් ඌ කොහොම හරි ආයි ආයි කෝල් කරනවා]
එතන ඉදන් කතාව මේ...
චතූ හන්දියේ මරු සංගීතයක් අද.යමු බලන්න.
හ්ම්ම්.... යන්නත් ආසයි ඒත් ඉතින් අරය දැනගත්තොත් මෙතන යන්න එපා එපා කිය කිය නටයි.
අනේ එයාට මොකක් හරි කියලා යමුකෝ.
හ්ම්ම්ම්....කොහොමද යන්නේ..? මොකක්ද කියන්නේ...?අනික තව විනාඩි 15කින් එයා කතාත් කරනවා.
මොකක් හරි කියලා යමු බං..
මටත් ආසයි බං...ඒත් මොකද කරන්නේ...හරි අදහසක් ආවා..
මොකක්ද?
පෝන් එකේ සිම් එක ගලවමු..ඇවිල්ලා දා ගමු..
අන්න හොදයි..එහෙනම් එල එල යමු...
[කොහොම හරි කට්ටිය සංගීතේ බලන්න ගියා.බැලුවා විතරක් නෙමෙයි හොදට නැටුවා.ගෙදර එත්දි 12ත් පහුවෙලා.ගෙදර ආපුගමන් සිම් එක ආයිත් දැම්මා]
දාන කොටම කෝල් එකක්...
හෙලෝ පැටියෝ මොකද මෙච්චර වෙලා පෝන් එක වැඩ නැත්තේ..
ආ..... මේ.....මේ.....සිග්නල්....සිග්නල් නැහැ...මමත් හවස ඉදන්ම ඔයාට ගත්තා....ඒත්..මේ....වැඩ නෑ....
ආ ඇත්තද පැටියෝ..එහෙනම් කමක් නැහැ.මෙහේ ඈතනේ ඒ නිසා සිග්නල් නැතුව ඇති..දැන් රෑ වෙලා ඔයා දැන් නිදාගන්න.මම හතේ ඉදන්ම මේ එලියට වෙලා ඔයාට කෝල් ගත්තා..කමක් නැහැ..මගේ පැටියගේ වැරැද්දක් නෙමෙයිනේ.මං එහෙනම් තියන්නම්.බුදු සරණයි.
බුදු සරණයි !
පෝන් එක තියනකොටම මිස් කෝල් ඇලට් මැසේජ් එක ආවා.YOU HAVE 134 MISS CALLS 07...........
''ආදරේ මොන තරම් පිවිතුරුද...''
බම්බුව තමයි........

මගේ යැයි සිතාසිටි බොහෝදේ.......
මගේ යැයි
සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....
සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....
කරුමක්කාරයගේ කතාව...
''යකෝ මට බොන්න ඕනේ''
ජීවිතේ අන්තයටම කලකිරුනු කරුමක්කාරයගේ ආදරේ අවසාන දවස.......
''හරි අද ඇතිවෙනකම් බීපන් හැබැයි හෙට ඉදන් ඔක්කොම අමතක කරලා හොදින් හිටපන්''
''පොරොන්දු වෙයන් එහෙම ඉන්නවා කියලා''
''හරි යකෝ හරි''කරුමක්කාරයා අඩන් ගමන් කිව්වා.
අන්තිමට අමුම අමුවෙන් ගල් බෝතලයක් එක උගුරට තනියෙන් බිව්ව කරුමක්කාරයා එදා රෑ හොදටෝම ඇඩුවා.
දුක හේදිලා යනකම්ම...........

ඇසිල්ලකින් පෙම් බැන්ද ඈ...
එක් වරම.....,
විශාල මහනුවරට මහා අනෝරාවක් කඩා හැලුනි.නේක වර්නයෙන් සැදුම්ලත් නුවර විදීයේ සැරසිලි තෙතබරිතව මැව්වේ මූසල දසුනකි.සුවද,වර්ණයෙන් සැරසුනු රුසිරු ලදුන් අනෝරාවේ ඒ මේ අත දිවගියේය.මගදෙපස වෙලෙන්දෝ ඔවුනට තම වෙලද සැලට ආරාධනා කලෝය.වැසි දියෙන් තෙත බරිත දුහුල් සේද සලු මතින් ඔවුන්ගේ සිරුරේ සියුම් රේඛා දිගේ කාමුක ඇස් දිවගියේ අකුණක් ගසන ඇසිල්ලකට වඩා වේගයෙනි.
මේ අතර ඈ...,
කාමුක ඇස් පරයමින් තවමත් වැස්සේම තෙමෙමින් නුවර විදීය දිගේ දිවගියෙ රත් පැහැති කම්මුල් මත දිය බිදිති ගලා යන ඇසිල්ලකිනි
එක්වරම...,
වේගයෙන් පැමිනි ඈ ගැටුනි මා සිරුරමත.දුහුල් සේදයෙන් වැසුනු,වැහිබින්දු සිපගත් ඇගේ සියොලගම මා ගතේ වෙලිනි ඇසිල්ලකින්.ඈ රත් පැහැවූ දෑස් ඔසවා බැලුකල මා දෙනෙත් ඈ දෙනෙත් මුනගැසුනි එකම එක
මොහොතකදී
එක්වරම...,
පුපුරා ගිය අකුණකින් ඈ තුරුල් විය මා ගතටම වේලී තදින් ආදරෙන්.ඉනික්බිති මුව කමල විහිදුවා අහිංසක සිනා රැල්ලක් මා දෙනෙත් මත නතර විය.දෙවැන්නද පුපුරා ගියේය.ඇය තවත්,ඇගේ සිරුරේ සියුම් රේඛාද සමගින් නතර විය මා සිරුරේ සෑම අංශුවක් පාසාම
එකෙනෙහිම...,
එක්වරම පුපුරා ගිය තෙවන් අකුණින් තුරුල් වී සිටි ඈ ද,මා ද අලු දූලි විය ඇරඹු තැනම ආදරය....

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ...
ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ...
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්
නිමා කරන්නද මා කෙලෙසේ...
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ
''ඔහොම ඉදලා තේරුම් ගන්න...''
මට ඔයාට හැමදාම හුගාක් ආදරේ කරන්න කිව්වේ ඔයා
අන්තිමට මම ඔයාට හුගක් ආදරේ කරත්දි ඔයා මගෙන් ඈත්වෙලා
පස්සේ ඔයාගෙන් ඈත්වෙන්න කියලා කිව්වෙ ඔයා
මම ඔයාගෙන් ඈත්වෙත්දි ඔයාට කිසිගානක් තිබ්බේ නැහැ
අන්තිමට ඔයාව අමතකකරන්න කිව්වෙත් ඔයා
ඔයා මාව තනිකරලා දාලා හුගක් දුර ගිහින්
මම හරිම අමාරුවෙන් තාම හිත හදාගන්නවා.....
අද.....,
ඔයත් තනිවෙලාඔයාට මගේ වටිනාකම දැනෙනවා නේද?
ලග ඉන්න කොට වටින්නේ නැති උනාට
ඈත් උනාම ඔයාට මගේ ආදරේ දැනෙනවා ඇති නේද?
ඈත් උනාම ඔයාට මගේ ආදරේ දැනෙනවා ඇති නේද?
දවසක ඔයාම ආයෙත් මගෙ ලගට එනවා කියලා මම දන්නවා......
ඔහොම ඉදලා තේරුම් ගන්න මගේ ආදරේ කොයි තරම්ද කියලා.........
''ඒ විශ්වාසය මම රකිනවා අයියේ...''
''සුදූ...''
''හ්ම්...''
''ඔයා මට ඇත්තටම ආදරේද?....''
''ඔයාට මාව විශ්වාස නැත්ද...''
''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''
''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''
''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''
''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''
''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''
''මමත් ඔයාට ආදරෙයි අයියේ...''
''කොච්චරක්ද?...''
''ගොඩාක්....''
''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''
''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''
''මමත් එහෙමයි සුදූ.....''
''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''
''හ්ම්.....''
''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''
''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''
''ඔව් අය්යේ....''
''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''
''මම දන්නවා අය්යේ.....''
''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''
''ඇයි?....''
''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''
''මං හින්දා නේද?''
''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''
''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''
[ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]
''සුදූ.....''''හ්ම්.....''''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''
''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''
''අපිට වරදින්නැහැ සුදූ.....''
[මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]
''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''
''මමත්....''
''මචෝ.....දැන් යමුද රෑ වෙලා''
[මගේ අතිජාත මිතුරු කැල......මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]
''යමල්ලා... යමල්ලා...''
''අපි යනවා රත්තරන්....''
ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....
ආදරේ මොනතරම් සුන්දරද....
ආදරේ ජීවිතේ නිවනවා....
එනගමන් මට සිතුනා.....
ආදරේ දැනෙන කොට...
පස්සෙ මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොට
එයා මට එක දිගටම හුගාක් වෛරකලා.......
අන්තිමට මම එයාට වෛර කරන කොට
එයා මට හුගාක් ආදරේ කරන්න පටන් අරන්........
ආදරේ දැනෙන කොට.......ආදරේ දුක දැනෙන කොට......
අවංකව ආදරේ කරන්න හිතෙනවා ඇති.....''
''මව් සෙනෙහේ මෙන් නැත අන් සරණා...''
අම්මගේ ආදරේ පුදුමාකාරයි.ඒ නිසාම මුලින්ම මට මගේ ආදර අම්මව මතක් උනා.
කොහොම හරි ඊයේ රෑ හිතුනා අම්මට කියල බත් කටක් කවාගන්න.මගේ වයසත් එක්ක තාමත් මම අම්මාලග දැවටෙන එක අනිත් අයට පුදුමයි.ඒත් මම ආස අම්මා ලගින්ම ඉන්නයි. වෙසක් පෝය දවසේ ඉදන් මස්,මාළු කන එක නැවැත්තුව හින්දා දැන් බත් කන එකත් එච්චර උවමනාවක් නැහැ.ඊයේ රෑත් කන්නැතුව ඉන්නයි හැදුවේ.කොහෙද අම්මගෙන් හොදවයෙන් දෙකක් අහගෙන අන්තිමට වාඩිවෙන්න උනා.
ඉස්සර මම එළවලු කනවා හරි අඩුයි[තාමත් එහෙමයි].එළවලු නොකන නිසාමයි බත් නොකා ඉන්න හැදුවේ.අම්මා බත් එකත් අරගෙන ලගට අවාහම මම බත් පිගාන දිහාවත් බැලුවේ නැහැ.[මොකද කන්න ආසම නැති දේවල් ඒකෙ තියන බව දන්න නිසා]. අන්තිමට ඉතින් අමාරුවෙන් හරි කන්න ඔනේ කියලා පටන්ගත්තා.එක කටක්,දෙකක්,තුනක්......අවුලක් නැහැ වගේ.
කොහොම හරි ටික ටික බත් පිගාන හිස් උනා. ඇත්තට හරිම රසයි.ඒ අම්මගෙ අතින් කාපු නිසා...මොන දේවල් උයලා තිබ්බත් අම්මා කවන කොට තියන රස...කියල වැඩක් නැහැ. ඒ අම්මගේ අත් ගුනේ නිසා වෙන්නැති....බත් එකට අම්මගේ ආදරයත් එකතු උනාම..........
මගේ ආදර අම්මා කොයිතරම් ආදරේකින්,සෙනෙහසකින් මට ඒ බත්කටවල් කවන්නැත්ද..........පොඩිකාලෙ ඉදන්ම තිබ්බ ආදරේ තාමත් එහෙමයි.එක දශමයකින්වත් අඩුවෙලා නැහැ. අම්මගේ ආදරේ සදාකාලිකයි කියන්නෙ ඒකයි.....
ඉස්සර වගේම

අම්මගේ
අතින්කවන බත්කට
කොයි තරම් නම් රසද?
මොනවා තිබ්බත්
රසම රසවෙන්නේ
අම්මගේ අත්ගුනේ
නිසාවෙන්නැති.....
''මේ ඇරඹෙන්නේ ඒ මතක ආවර්ජනයයි......''
''විටෙක ජීවිතය මහා පුදුමාකාරයයි මට සිතේ.සතුට,දුක,සිනහා,කදුළු,කළකිරීම,වේදනාව,
බලාපොරොත්තු,පසුතැවීම,අහිමිවීම,අසරණකම,විදවීම,පාලුව,තනිකම,ආත්මානුකම්පාව ආදී වූ සියලුම දේ එක්තැන්වන මේ ජීවන නවාතැන්පලේ අප ජීවත්කර තබන මතකයන් සෑම කල්හිම මතකයේ රැදේ.
ජීවිතේ සුන්දරම සිනහා ඉතිරූ කාලයන් මෙන්ම කාළකන්නිම කදුලු වැගිරූ කාලයන්හිද මතකයන් හදවතේ ගැඹුරුම තැන්හී තැමපත් වී ඇත. විටෙක කටුකවූත් විටෙක සොදුරු වූත් ජීවනගමනේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් මතක් වෙත්දී දෙනෙත් අග තෙත්වන්නේ ඒ මතකයන් සමග අවංකවම ජීවත් වූ නිසාය.
ජීවන ගමනේ හමුවූ සොදුරුවූ මිනිසුන් මෙන්ම නපුරුවූ මිනිසුන්ද ජීවිතයෙන් ඈතට යන්නේ මතකයන් පමනක් ඉතිරි කරමින්ය. ජීවිතේ කලකිරුනු බොහෝ අවස්ථාවන් හීදී සොදුරු වූ මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවාලයි.එවන් වූ ජීවන ගමනේ දහසකුත් එකක් අත්දැකීම්,මතකයන්,කදුළු මෙන්ම සිනහවන්ද,සොදුරු වූද නපුරු වූද මිනිසුන්ද,සුන්දර වූද වේදනාබර වූද මතකයේ රැදි කාලපරිජේදයන්ද සදාකල් ''ජීවන මග දීගේ'' යන ගමනේ මතකයේ රැදේ.''

Subscribe to:
Posts (Atom)