''මළ මිනිස්සු''...

විශ්ව සාහිතයට මහගු සේවයක් කල ලේඛකයකුගේ උපන්දිනය අද.හරියටම 1809 අද වගෙ දවසක තමයි රුසියාවේ ශේෂ්ඨ නවකතා,කෙටිකතා කරුවෙකුවු නිකොලෝයි ගොගොල් උපත ලැබුවේ. ඔහු අතින් ලියවුනු පොත් ප්‍රමාණය අති විශාලයි. ඒ අතරින් විශේෂම පොත හැටියට පිලිගන්නේ ''dead souls''හෙවත් ''මළ මිනිස්සු'' නම් පොතයි. මිනිස්සුන්ගේ ජීවිත ගැන, ගැහැණිය සහ පිරිමියා අතර වෙනසගැන මළ මිනිස්සු නම් කෘතියෙන් ඔහු කතාකලා. අද ඒ වගේ හොඳ පොතක් ලියවෙන්නෙ කලාතුරකින්.කියවන්න පුලුවන්නම් හොඳ පොතක්.

මාරයා සහ අවංක හදවත්...

මාරයා යනවා කියලා ගිහින් දැන් දවස් තුන හතරකින් ආවෙ නැහැ. මාරයගේ බ්ලොග් එකේ කවුදෝ මන්දා දාලා තිබ්බ අදහසක් දැකලයි මෙහෙම ලියන්න හිතුනේ.බ්ලොග් එකේ තිබ්බා

''සංවේදී අවංක හදවත් ඉක්මනින් කැඩෙනවා වගේම
හුගක් ඉක්මනින් හැදෙනවා''

අනිත් හදවත් වලට වඩා.ඒක ඇත්ත කොයිතරම් දෙයක් උනත් පුංචි දේවල් වලට පවා හිත පෑරෙන හදවත් ඉක්මනින් හැදෙනවා.ඒක මම අත්දැකීමෙනුත් දන්නවා.

වෙනස්කල හැකි දේ බොහෝය...

ඔබට පුලුවන් උනොත් කාගේහරි ජීවිතයක් වෙනස් කරන්න.එහෙම කරලා හිතට දැනෙන සතුට කොයිතරම්ද.

මේ මගේ ජීවිතෙන් කතාවක්,
හැමදාම යන එන මාර්ගයේ බස් රථයකදී දවසක් අවුරුදු 30 විතර තරුනයෙක් සිංහලෙන් කියනවනම් හොරෙක් හීමීට සෙනග පිරුනු බස් එකේ හිටපු කාන්තාවකගේ අත් බෑගයකට වැඩේ දෙනයි හදන්නේ.මට වැඩේ අතටම අහූවුනා මිනිහා බෑග් එක ඇරලා ඇතුලෙ තිබ්බ පර්ස් එක ගත්තා.අල්ල ගත්තා මිනිහගේ බෙල්ලෙන්ම ''අනේ සර්'' බස් එකේදී මම කෑ ගැහුවනම් ඒකේ හිටපු මිනිස්සු ඔක්කොම ඌව කෝටුමස් කරනවා.මම හිමින් මිනිහගේ අතින් පර්ස් එක අරන් ආයි අහුවුනොත් පොලිසියට බාරදෙනවා කියලා බස් එකෙන් බැස්සුවා.

හරියටම ඊට දවස් දෙකට පස්සෙත් මම අහම්බෙන් බස් එහෙකදි මිනිහවා දැක්කා.මිනිහා වෙනස් වෙලා නැහැ.තරුන මහත්මයෙකුගේ පොකට් එකට ගැහුවා.එදානම් මිනිහවා අතාරින්න බැහැ.මිනිහා පොකට එකට ගහලා බහින දොරලග මම ගිහින් හිටගත්තා.මිනිහා ආවා මාව දැක්කා.මිනිහව බස් එකෙන් බස්සලා මදි නොකියන්න සැලකුවා.අන්තිමට වැද වැද දුවනකම්ම ගැහුවා.

පස්සේ ඊට සති දෙහෙකට පස්සේ ආයෙමත්.....
මිනිහා බස් එකට නගිනකොටම මම ලෑස්තිවුනේ අල්ලගන්න.මිනිහා මං දිහා බලල බායදු විදිහට හිනාවුනා.මිනිහා අතේ ලොකු මල්ලක් තිබුනා.මිනිහා බැදපු කජු පැකට් විකුනනවා.බස් එකේ ඉස්සරහ ඉදන් පස්සටම ආවා මගේ ලග නතවුන ඔහු මට කජු පැකට් එකක් දුන්නා.මම ඔහුට සල්ලි දෙන්න උත්සහකලත් ඔහු ගත්තේ නැහැ.මට හුගක් සතුටුයි.මොකද මිනිහ වෙනස් වෙලා නිසා.මම මිනිහව වෙනස් කරපු නිසා.

මේ සිද්දිය වෙලා මේ වෙනකොට අවුරුද්දක් විතර වෙනවා.අදටත් ඔහු ඒ බස් මාර්ගයේම වෙලදාම් කරනවා.ඔහු හමුවන හැමදාකට මම මුදල් දීලා කජු පැකට් එකක් ගන්නේ හිත පතුලේ උපන් අපිරිමිත සතුටින්.

''මළවුන්ගේ අවුරුදු දා''...

කමමැලිකමින් හිටපු වෙලාවක මගේ ආදරනීය පොත් එකතුව අවුස්සමින් හිටපු වෙලාවල අහම්බෙන් මගේ අතට ආපු පොතක් ගැන නොකියාම ඉන්න බැහැ.පොත සරත්චන්ද්‍රයන්ගේ ''මළවුන්ගේ අවුරුදු දා'' පොත පෙරලගෙන් ගිහින් අන්තිම පිටුවේ මගේ ඇස් නතර වුනා.අන්තිමට තිබ්බ පැදිපෙල හැමදාටම හොදින්ම මතකයි.

''ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවට එන්න ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම''

තොකියෝ 1963

කරුමක්කාරයගේ කතාව...

''යකෝ මට බොන්න ඕනේ''

ජීවිතේ අන්තයටම කලකිරුනු කරුමක්කාරයගේ ආදරේ අවසාන දවස.......

''හරි අද ඇතිවෙනකම් බීපන් හැබැයි හෙට ඉදන් ඔක්කොම අමතක කරලා හොදින් හිටපන්''

''පොරොන්දු වෙයන් එහෙම ඉන්නවා කියලා''

''හරි යකෝ හරි''කරුමක්කාරයා අඩන් ගමන් කිව්වා.

අන්තිමට අමුම අමුවෙන් ගල් බෝතලයක් එක උගුරට තනියෙන් බිව්ව කරුමක්කාරයා එදා රෑ හොදටෝම ඇඩුවා.

දුක හේදිලා යනකම්ම...........

ඇසිල්ලකින් පෙම් බැන්ද ඈ...

එක් වරම.....,
විශාල මහනුවරට මහා අනෝරාවක් කඩා හැලුනි.නේක වර්නයෙන් සැදුම්ලත් නුවර විදීයේ සැරසිලි තෙතබරිතව මැව්වේ මූසල දසුනකි.සුවද,වර්ණයෙන් සැරසුනු රුසිරු ලදුන් අනෝරාවේ ඒ මේ අත දිවගියේය.මගදෙපස වෙලෙන්දෝ ඔවුනට තම වෙලද සැලට ආරාධනා කලෝය.වැසි දියෙන් තෙත බරිත දුහුල් සේද සලු මතින් ඔවුන්ගේ සිරුරේ සියුම් රේඛා දිගේ කාමුක ඇස් දිවගියේ අකුණක් ගසන ඇසිල්ලකට වඩා වේගයෙනි.

මේ අතර ඈ...,
කාමුක ඇස් පරයමින් තවමත් වැස්සේම තෙමෙමින් නුවර විදීය දිගේ දිවගියෙ රත් පැහැති කම්මුල් මත දිය බිදිති ගලා යන ඇසිල්ලකිනි

එක්වරම...,
වේගයෙන් පැමිනි ඈ ගැටුනි මා සිරුරමත.දුහුල් සේදයෙන් වැසුනු,වැහිබින්දු සිපගත් ඇගේ සියොලගම මා ගතේ වෙලිනි ඇසිල්ලකින්.ඈ රත් පැහැවූ දෑස් ඔසවා බැලුකල මා දෙනෙත් ඈ දෙනෙත් මුනගැසුනි එකම එක
මොහොතකදී

එක්වරම...,
පුපුරා ගිය අකුණකින් ඈ තුරුල් විය මා ගතටම වේලී තදින් ආදරෙන්.ඉනික්බිති මුව කමල විහිදුවා අහිංසක සිනා රැල්ලක් මා දෙනෙත් මත නතර විය.දෙවැන්නද පුපුරා ගියේය.ඇය තවත්,ඇගේ සිරුරේ සියුම් රේඛාද සමගින් නතර විය මා සිරුරේ සෑම අංශුවක් පාසාම

එකෙනෙහිම...,
එක්වරම පුපුරා ගිය තෙවන් අකුණින් තුරුල් වී සිටි ඈ ද,මා ද අලු දූලි විය ඇරඹු තැනම ආදරය....

ඔබ පඩික්කමක්ද? බෝ ගසක්ද?

''පඩික්කම් දැක්කහම මිනිස්සු නිකන් යත්දිත් කෙළගහනවා.
බෝ ගස් දැක්කහම බස්වල යන මිනිස්සුත් නැගිටිනවා.
ජීවිතේ ගෙවත්දි ඔබ පඩික්කමක් නොවී බෝගසක් වෙන්න.''

-ජීවිතේට පාඩමක්-