එක් වරම.....,
විශාල මහනුවරට මහා අනෝරාවක් කඩා හැලුනි.නේක වර්නයෙන් සැදුම්ලත් නුවර විදීයේ සැරසිලි තෙතබරිතව මැව්වේ මූසල දසුනකි.සුවද,වර්ණයෙන් සැරසුනු රුසිරු ලදුන් අනෝරාවේ ඒ මේ අත දිවගියේය.මගදෙපස වෙලෙන්දෝ ඔවුනට තම වෙලද සැලට ආරාධනා කලෝය.වැසි දියෙන් තෙත බරිත දුහුල් සේද සලු මතින් ඔවුන්ගේ සිරුරේ සියුම් රේඛා දිගේ කාමුක ඇස් දිවගියේ අකුණක් ගසන ඇසිල්ලකට වඩා වේගයෙනි.
මේ අතර ඈ...,
කාමුක ඇස් පරයමින් තවමත් වැස්සේම තෙමෙමින් නුවර විදීය දිගේ දිවගියෙ රත් පැහැති කම්මුල් මත දිය බිදිති ගලා යන ඇසිල්ලකිනි
එක්වරම...,
වේගයෙන් පැමිනි ඈ ගැටුනි මා සිරුරමත.දුහුල් සේදයෙන් වැසුනු,වැහිබින්දු සිපගත් ඇගේ සියොලගම මා ගතේ වෙලිනි ඇසිල්ලකින්.ඈ රත් පැහැවූ දෑස් ඔසවා බැලුකල මා දෙනෙත් ඈ දෙනෙත් මුනගැසුනි එකම එක
මොහොතකදී
එක්වරම...,
පුපුරා ගිය අකුණකින් ඈ තුරුල් විය මා ගතටම වේලී තදින් ආදරෙන්.ඉනික්බිති මුව කමල විහිදුවා අහිංසක සිනා රැල්ලක් මා දෙනෙත් මත නතර විය.දෙවැන්නද පුපුරා ගියේය.ඇය තවත්,ඇගේ සිරුරේ සියුම් රේඛාද සමගින් නතර විය මා සිරුරේ සෑම අංශුවක් පාසාම
එකෙනෙහිම...,
එක්වරම පුපුරා ගිය තෙවන් අකුණින් තුරුල් වී සිටි ඈ ද,මා ද අලු දූලි විය ඇරඹු තැනම ආදරය....
Feb10,2010
Feb
10,
2010
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
නිතර අහන්න ලැබෙන සිද්ධියක හැඩේට ගොඩනැගුනත් අන්තිම පද පේලි කිහිපයෙන් වෙනස්ප ඉසව්වකට ගෙනියනවා. කවිය කියවාගෙන ආ මම එකවරම කම්පනයට පත්වුනා කිව්වොත් නිවැරදියි.
ආරම්භයම අවසානයද විණි නම්..
කුමට අරඹණුයේ අවසානය..
අවසානය ආරම්භයම වේ යයි දනීනම්
නොමැත අරබන්නේ....
Post a Comment