සුන්දර මතක ආවර්ජනය කරමින්...


වෙලාව හරියටම පාන්දර 2 යි 30යි.හරියටම මිට මාස දෙහෙකට කලින් අද වගේ දවසක මේ වෙලාවට අපි හිටියේ දබුල්ලේ පන්සලේ...සෝමාවතී ගිහින් එන ගමන් මේ වේලාවට දබුල්ලේ පන්සල් ගියා...පන්සලේ හිටියේ අපි විතරයි...ගතට දැනුනු පුංචි සිතල අපේ විඩාව නිව්වේ ඇසිල්ලකින්...මේ වෙලාවටත් වෙලදාම් කරන්න ඇරලා තිබ්බ කඩේකින් සිතල යන්නත් එක්ක අපි කෝපි බිව්වා.... දබුලු පන්සලේ බුදු පිළිමේ ලග දනගහගෙන අපි ප්‍රාර්ථනා හුගක් කළා..පස්සේ මේ පාන්දර කොමඩු ගෙඩි හය හතකටත් වගකියපු අපි හැම තැනම ඇවිද්ද...හිතට දැනුනේ පුදුම නිස්කලංක බවක්...මේ මගේ රට කොයි තරම් සුන්දරද කියලා දැනුනා....මේ පොලොව අපිට කොයි තරම් ලෙන්ගතුද කියලා දැනුනා....අපි හිමිහිට පල්ලම් බැස්සා...ආපහු වාහනේ ලගට ගියත් ඒ නිස්කලංක බව දාලා එන්න හිතුනේ නෑ....

අකමැත්තෙන් හරි එතනින් පිට උනත් පහුවෙනිදා උදේ ගෙවල් වලට එනකම්ම අපේ හිත් හරි සතුටින් පිරිලා තිබුනා....ඒ මගේ රට මේ තරම් සුන්දර ,නිදහස්,නිස්කලංක පොලොවක්ද කියලා හිතමින්.....එහෙව් පොලොව විනාස කරන්න අපේම උන් දගලන හැටි දැක්කහම හිතට දැනෙන වේදනවා කියන්න බැරි තරම්...

ඒ වෙලේ හිතුන එක දෙයක් තිබුනා...ඒ තමා උපදින හැම ආතමෙකදිම මේ රටේම උපදින්න ලැබෙන්න ඕනේ කියලා ''හැබැයි මේ කුහක මිනිස්සුත් එක්ක නැතුව......''

5 අදහස්:

Yasiru Udana said...

නියමෙට ලියල තියනවා

sAm (සෑම්) said...

දිගටම ලියන්න ඕනේ..

Dinesh said...

කෝම උනත් උපදින්න වෙන්නේ ඒ වගේ මිනිස්සු එක්කම තමයි..

වර්ෂා ( Rain_Girl ) said...

කුහක මිනිස්සු හැම තැනම ඉන්නවා.දිනේෂ් අය්යණ්ඩි කියලා තියෙනව වගේ උපදින්න වෙන්නේ ඒ වගේ මිනිස්සු එක්ක තමයි.නමුත් අපේ පැත්තෙන් අපිට යහපත් වෙන්න පුළුවන්නේ.අපි කරන දේ තමයි පෙරළා ලෝකය අපිට ලබා දෙන්නේ.වැඩියෙන් ලබන්න නම් වැඩියෙන් දෙන්න ඕනනේ..!

වෙද සිතක සිත්තම said...

ඔයා විතරක් නෙවේ Dasun අපි හෙමෝටම පන්සලක් ලගට ගියත් අපේ මනසට් දැනෙන්නේ මාර නිදහස්ක් නේද..?


Post a Comment