''ආදරේ මොන තරම් පිවිතුරුද...'' බම්බුව තමයි........

[චතූ කොළඹට නුදුරු ගමක කෙල්ලෙක්.චතූගේ අරයා හද්ද පිටිසර අනුරාධපුරේ කොල්ලෙක්.චතූ වැඩට ගිහින් ආවහම හැමදාම රෑ 7ට අරය කෝල් කරලා කතා කරනවා.අනුරාධපුරේට ඒ තරම සිග්නල් නැතිනිසා නිතරම පෝන් එක කට්වෙනවා ඒත් ඌ කොහොම හරි ආයි ආයි කෝල් කරනවා]

එතන ඉදන් කතාව මේ...

චතූ හන්දියේ මරු සංගීතයක් අද.යමු බලන්න.
හ්ම්ම්.... යන්නත් ආසයි ඒත් ඉතින් අරය දැනගත්තොත් මෙතන යන්න එපා එපා කිය කිය නටයි.
අනේ එයාට මොකක් හරි කියලා යමුකෝ.
හ්ම්ම්ම්....කොහොමද යන්නේ..? මොකක්ද කියන්නේ...?අනික තව විනාඩි 15කින් එයා කතාත් කරනවා.
මොකක් හරි කියලා යමු බං..
මටත් ආසයි බං...ඒත් මොකද කරන්නේ...හරි අදහසක් ආවා..
මොකක්ද?
පෝන් එකේ සිම් එක ගලවමු..ඇවිල්ලා දා ගමු..
අන්න හොදයි..එහෙනම් එල එල යමු...

[කොහොම හරි කට්ටිය සංගීතේ බලන්න ගියා.බැලුවා විතරක් නෙමෙයි හොදට නැටුවා.ගෙදර එත්දි 12ත් පහුවෙලා.ගෙදර ආපුගමන් සිම් එක ආයිත් දැම්මා]

දාන කොටම කෝල් එකක්...
හෙලෝ පැටියෝ මොකද මෙච්චර වෙලා පෝන් එක වැඩ නැත්තේ..
ආ..... මේ.....මේ.....සිග්නල්....සිග්නල් නැහැ...මමත් හවස ඉදන්ම ඔයාට ගත්තා....ඒත්..මේ....වැඩ නෑ....
ආ ඇත්තද පැටියෝ..එහෙනම් කමක් නැහැ.මෙහේ ඈතනේ ඒ නිසා සිග්නල් නැතුව ඇති..දැන් රෑ වෙලා ඔයා දැන් නිදාගන්න.මම හතේ ඉදන්ම මේ එලියට වෙලා ඔයාට කෝල් ගත්තා..කමක් නැහැ..මගේ පැටියගේ වැරැද්දක් නෙමෙයිනේ.මං එහෙනම් තියන්නම්.බුදු සරණ‍යි.
බුදු සරණයි !
පෝන් එක තියනකොටම මිස් කෝල් ඇලට් මැසේජ් එක ආවා.YOU HAVE 134 MISS CALLS 07...........

''ආදරේ මොන තරම් පිවිතුරුද...''

බම්බුව තමයි........

උඹ ගැනම හිතලා...

උඹ ගැනම
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
මගේ හිත ගෙවිලා.......

මගේ යැයි සිතාසිටි බොහෝදේ.......

මගේ යැයි

සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

පුලුවන්නම් තේරුම්ගනින්.........

ඊයේ මගේ හොදම යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.

''මචං උඹ අර හිටවපු රෝස පැලේ පැලවෙලාද?''
''තාම ඒ රෝස පැලේ මැරිලා නම් නැහැ''
''නැහැ බං මම ඇහුවේ රෝස පැලේ දැන් පැලවෙලාද කියලා''
''ඒක තමයි මමත් කිව්වෙ තාමනම් ඒ රෝස පැලේ මැරිලා නැහැ''

යාලුවා උඹට ඒක තේරුම් ගන්න ගොඩක් කල්යයි.

''හැබැයි ඒ රෝස ගහ මැරිච්ච දවසට මම මුලින්ම කියන්නෙ උඹට''

තවත් එක් කතාවක්.....

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා....

ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......

 දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !

ජෙල්....

එක්කෝ මේවා හදන උන්ට ඔලුවක් නෑ
එහෙම නැත්නම් ගාන උන්ට ඔලුවල් නෑ

ඇත්තටම තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ ඒකම තමයි...

ජෙල්....ඔව් තරුණයෝ විදිහට විලාසිතාවන්ට ඇති කැමැත්ත නිසා අපි ජෙල් භාවිතා කරනවා.හිසකෙස් හදාගන්න ජෙල්වලින් ලැබෙන හැකියාව නිසා එයට අකමැතිවෙන තරුණයෝ නැතුව ඇති.නමුත් මෙම ජෙල් වලින් වෙන හානිය සුලුපටු නැහැ.ඒකයි හැමෝම ඒකට බනින්නේ.ඒක ඇත්ත ඒත් ඉතින් නැතුවත් බැහැ.
කොහොම කොහාම හරි මේ තියෙන්නේ මගේ වැඩ තමයි.

මට ඉතින් හවසට මගේ :) බලන්න යනකොට තබයි මේවා ඕනේ වෙන්නේ.ඇයි ඉතින් ඒවගේ හොද ගමනක් වැද්දා වගේ යන්න ඈ..
කොහොම හරි ජෙල් ගාගෙන ගෙදරින් එලියට බහිත්දි අම්මගෙන්නම් හොදට අහගන්නවා.පස්සේ නැන්දා අම්මගෙන් ඊටත් වඩා හොදවයින් අහගන්නවා[හවස 6ට නාලා මදිවට තව ජෙලුත් ගාලා කියලා]ඒ ඔක්කොම හරි ඊටත් වඩා ඉතින්හොදවයින් අහගන්න වෙනවා එයාගෙන්.ඒත් ඉතින් එයානම් කැමතියි මං හොදින් ඉන්නවට.එක එක කෙනා කියන දේවල් වලට බයෙන් ජෙල් පොඩ්ඩක් විතර ගාන්න කියනවා.

මේ කාටවත් තේරෙනවඈ තරුණ අපිට තියන අර්බුධ..

කොහොම හරි දැනුයි කතාවේ හොද හරිය.මම හුගාක් කල් ඉදන් මේ ජෙල් වලට පුරුදු වෙලා හිටියේ.ඒක පේනවනේ පින්තූර වලින්.කොහොම හරි ඇත්තටම මේ ජෙල් නිසා මට උනේ හානියක්.මාසෙක විතර ඉදලා මගේ හොදට තිබුනු කොන්ඩේ යන්න ගත්තා.විශාල වශයෙන් කොන්ඩෙ ගියා.පස්සෙයි තේරුම් ගත්තේ මේ ජෙල් කියන දේ හොද නැහැ කියලා..
ඇත්තටම යාලුවනේ ඔයාලත් ජෙල් භාවිතා කරත්දි පරිස්සමින්.මං නං කියන්නේ ජෙල් නවත්තන්න.නැත්නම් භාවිතය අවම කරන්න.එයින් ඔයාලටමයි නරකක් වෙන්නේ..
කොහොම හරි මං නම් මේ ඉගෙන ගත්ත පාඩමෙන් ජෙල් නතර කලා.හැබැයි පොඩි ප්‍රශ්නයක්.දැන් කොහොමද මගේ අකීකරු කොන්ඩේ හදාගන්නැතුව මං පාරකට බහින්නේ.ජෙල් නැතුව මුකුත් කරගන්න බැහැ.
හැබැයි ඔය සංකීර්ණ ප්ලෑන් වලින් මාවා නතර කරන්න බැහැ.මම කොන්ඩේ රී බෝන්ඩින් කලා.
දැන් හරි[ඒක කලෙත් ආසාවටටික් දවසකින් ඒකත් නැතිවෙලා යයි]

කොහොම හරි යාලුවනේ මට ඔයාලට දෙන්න තියන උපදෙස තමයි ජෙල් භාවිතය අතහරින්න කියන එක.
ජය !