මට බැහැ මෙයා ලග වාඩි වෙන්න...

මෙය කලකට ඉහතදී ගුවන් යානයක සිදු වූ සිද්ධියකි.

ගුවන් යානය ගුවන් ගත වීමට ඇත්තේ සුළු මොහොතකි. මගීන් තමන්ට නියමිත ආසන වල අසුන් ගනිමින් 

සිටියෝය.. වයස අවුරුදු 50ක් පමන වන සුදු ජාතික කාන්තාවක් තමන් අසුන් ගැනීමට නියමිත අසුන වෙත

 පැමිනියාය.. ඇය දුටුවේ තමන් ගේ අසුනට යාබද අසුනේ අසුන් ගෙන සිටින කළු ජාතිකයෙකි.ඔහු දුටු ඇය 

කෝපයෙන් වියරු වැටුනු ආකාරයක් දිස් වුනු අතර ඇය මදක් ශබ්ද නගා ගුවන් සේවිකාවකට කතා කලාය.


"ඇයි මැඩම් මොකද්ද ප්‍රශ්ණය?" ගුවන් සේවිකාව අචාරශීලීව ඇගෙන් විමසීය..


"ප්‍රශ්ණය? ඇයි පේන්නේ නැද්ද? මට දීලා තියෙන්නේ කළු මිනිහෙක් ලග Seat එකක්,මට මේ Seat එකේ

 වාඩි වෙන්න බෑ,මට වෙන එකක් දෙන්න පුලුවනිද?" සුදු කාන්තාව කෝපයෙන් විමසීය

."තරහා ගන්න එපා මැඩම් අද නම් අපේ ඔක්කොම Seats Full ඒත් මම තව පාරක් Check කරන්නම්" පැවසූ 

ගුවන් සේවිකාව නික්ම ගිය අතර මිනිත්තු කිහිපයකින් නැවතත් පැමිනියාය.


"මැඩම් මම කලින් කිව්වා වගේ අද Economy Class Empty Seats එකක්වත් නෑ,මම Captain එක්කත් 

Check කලා First Class Empty Seats විතරයි තියෙන්නේ"


සුදු කාන්තාව යමක් පැවසීමට සැරසුනු නමුත් ගුවන් සේවිකාව දිගටම කතා කලාය


"අපේ Company Rules වලට අනූව සාමාන්‍යයෙන් අපි Economy Class එකේ ගමන් කරන මගියෙක් 

First Class එකට මාරු කරන්නේ නම් නෑ, ඒත් තමන්ට අප්‍රිය කෙනෙක් ලග ගමන් කරන එක මගියෙක්ට 

අප්‍රසන්න අත්දැකීමක් නිසා අපි තීරණය කලා නීතියට පිටින් වැඩ කරන්න""


මේ ඇසූ සුදු කාන්තාව මද සිනාවක් පා තම ගමන් මළු රැගෙන පලමු පන්තිය දක්වා යාමට සැරසුනි.


මෙවිට අසරණව සිද්ධිය දෙස බලා සිටි කළු ජාතික මගියා දෙස බැලූ ගුවන් සේවිකාව


"ඒ නිසා සර් අපි සර්ට පලමු පන්තියේ ආසනයක් වෙන් කලා,එන්න මම සර්ට ආසනය පෙන්වන්නම්" යැයි 

පැවසුවාය.

මේ ජුගුප්සාජනක සිද්ධිය දෙස තුෂ්නිම් භූතව බලා සිටි අසල සිටි මගීන් සියලු දෙනා අත්පොලසන් දෙන්නට 

විය.,සුදු ජාතික කාන්තාව කරකියා ගන්නට දෙයක් නොමැතිව අසරණ විය.


මේ පොත් කාරයෝ වශියක්වත් කරලද මන්ද?[දෙපාරක් ගියා පොත් ගන්න]

මේ පොත් කාරයෝ වශියක්වත් කරලද මන්ද යන්නමයිනේ හිතෙන්නේ.කෝම කෝම හරි කොච්චර වැඩ තිබුනත් සතියක් ඇතුලත දෙපාරක් ගියා පොත් ගන්න.ඇයි අප්පා පලවෙනි දවසේ හිදෙනකම් අරන් එලියට එනකොට පොඩි පොඩි කුටිවලට ගියහම පපුව දැවිල්ල ගත්තා.මොකද ආසම පොත් මෙන්න තියනවා.කෝම කෝම හරි මම දැඩි තිරනයක් ගත්තා තව දවසක එන්න ඕනේ කියලා.ඒ නිසා ඊයේ අයිත් දෙවෙනි පාරට සේන්දු උනා වේයා වගේ.
ඔක්කොටම වඩා එපාවෙන දේ තමයි තනියෙන් යන එක.ඒත් කමක් නැහැ එතකොට නිදහසේ බලලා පොත් ගන්න පුලුවන්.ඔන්න ඉතින් ගියා කියමුකෝ පොත් ගන්න.පලවෙනි දවසේ ලොකු බිලක් දාපු නිසා හිතන්ගියෙ පොඩි බිලක් දාගන්න.අවශයම පොත් දෙක තුනක් ගන්න.ඔන්න මම කෝම හරි ගත්තා ආස හිතුන පොත්..

 1.මහ රජ ගැමුණු-ජයන්ත චන්ද්‍රසිරිගේ 
[දුටු ගැමුණු රජ කතාව තමයි මේ.බොහොම ලස්සනට දෙබස් සහිතව ලියලා තියනවා.චිත්‍රපටයේ තිර පිටපත...නියමයි..]

2.චාවේස් - අචල උපේන්ද්‍ර
[වෙනිසියුලානු ජනාධිපති හියුගොස් චාවෙස් ගේ චරිතප්‍රදන.මම බොහොම ගරු කරන චරිත කිහිපයෙන් එකක් නිසා මට ඔනේම උනා මගේ චරිතප්‍රදන පොත් එකතුවට මේ පොතත් එකතු කර ගන්න.

                                           

3.සමාජවාදය මිනිසා සහ වෙනත් රචනා-චේ ග්වේරා
[මේකනම් මම හොයපුම පොතක්.චේ ලියපු පොතක් හොය හොයමයි හිටියේ.සමාජවාදය ගැන මම වැඩියෙන්ම ගරුකරන පුද්ගලයා ලියපු පොතක්.]




4.බොලීවියාවේ මතක සටහන්-තිසර චාමර
[මේකත් ජනප්‍රිය පොතක්.චේ බොලිවියාවේ සටන් කරත්දි ඔහුගේ දිනපොත තමයි මේ]




5.කැස්ත්‍රෝගේ දේශය-සුසන්ත කොඩි තුවක්කු
[කිව්බාව ගැනැ සදහන් වෙන වැදගත් පොතක්]



6.ලොව හෙල්ලූ මහා පා ගමන-ආරියරත්න දොඹගහ වත්ත.
[චීන නායක මා වෝ සේතුන් මෙහෙයවු මහා පා ගමන ගිය හැටි තම්යි මේකේ තියෙන්නේ.]



* ආ තව කතාවක් කියන්න තියෙනවා තව පොඩි පොත් වගයක් ගත්තා....:)
මාස්ටර් ගයිඩ් එක පැත්තෙනුයි,පොඩි සුරංගනා කතා පොත් තියෙන කඩේකිනුයි.....ඒවා මෙතන දාන්න බැහැ අප්පා...:) ලැජ්ජයි..

* තව එකක් අම්මා යකකොට කිව්වා රිබන් එම්බ්‍රොයිඩර් පොතක් ගේන්න කියලා.හැම තැනම හෙව්වා  කොහෙද ඉතින් හොයාගන්න නැහැ.ඒකට අම්මා පොඩ්ඩක් හරි නැහැ.ඉතින් මං මවන්න ඈ...




අතුරු කතා
1. අපේ අම්මා මං ගෙදරට ඇවිත් පොත් ටික දිග අරිත්දි කියනවා ''පුදුමයි උඹව සුදු වෑන් එකකින්  ඉස්සුවෙ නැත්තෙලු'' ඇයි ඉතින් ඔක්කොම රතු පොත්නේ..:)

2. හැම පොත් සාප්පුවකම ගුරු ගීතයයි,අම්මා යි වැහි වැහැලා.එක එක ප්‍රකාශකයෝ පිට කවරේ වෙනස් කර කර ඒකම ගහලා.පිටකවරේ වෙනස් උනාට කමක් නැහැ ඇතුල වෙනස් නොකර.

3. පොත් කඩවලට වඩා අඩියෙන් අඩිය කෑම බීම කඩ අනේ අම්මපා උනුත් හොද බිස්නස් එකක.

ඔන්න ඔහොම තමයි මගේ දෙවෙනි පොත් සවාරිය ඉවර උනේ..

''ගුඩ් මෝර්නින්ග් මගේ පනට'

''මම බොහොම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..''

''මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..''

මං නැගිට්ටනම් හරිනේ.තාම නිදන් ඉන්න නිසානේ මෙහෙම විකාර හීන පේනනේ.නැගිටිනකොටම අරයගෙන් මැසේජ් එකක්.. ''ගුඩ් මෝර්නින්ග් මගේ පනට''.අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ අල්ලලා ඉඹගෙන ඉඹගෙන යන්න..:) ආයිත්නම් නිදාගන්නෙම නැහැ සත්තයි....

මගේ පොත් සවාරිය.....

පහුගිය දවස් වල තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මමත් ගියා.පොත් ගොඩකුත් ගත්තා.පහුගිය දවස්වල වැඩ කටයුතු අධික වෙලා තිබ්බ නිසා ඒ ගැන විස්තරයක්වත් දාන්න බැරිවුනා. මේ තමයි මම ගෙනාපු පොත් ටික........තවත් ගන්නනම් පොත් ගොඩක් තිබ්බා.....එත් ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් අවුල්......කොහොම උනත් ගොඩක් වටින පොත් ගොඩක් මගේ කරගන්න ලැබුන එකට සතුටුයි.


ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්...

ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්
උන් දිනූ සතුටට උන් ජය පැන් බිබී නටත්දී
ගමේ අපි තාම මරාගන්නවා උන් වෙනුවෙන්
පලවෙනි දෙවෙනි බදාගෙන සුභ පතත්දී
අපි තාම මූණ බලන්නෑ පාරකදී ගමේ එකාගෙම...

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]


මේ සටහන මම ලියන්නේ බොහොම සතුටින්.ඒත් ඒ සතුට එක සුළු මොහොතකින් නැතිවෙන්න තිබුනා.කොටින්ම කියනවනම් මම වලට ගිහින් නැවත ගොඩ ආවා...
කාරනය අතිශයින්ම  පුද්ගලික කාරනයක් උනත් මේ සටහන් නොලියම බැහැ.

මම බොහම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..

මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..

මේ ප්‍රශ්ණය නිසා මම දින ගනනාවක් දුක් වින්දා,ඒ දින ගනනාවම මම පරිඝනකයට අතවත් තිබ්බේ නැහැ.එක් වරම මට ආපු මතකයත් එක්ක වෙව්ලන දෑතින් මම පරිඝනකය ඔන් කලා...

මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ මම කලා..
''මාරයා'' ඔව් එයයි නිවැරදිම දේ..
මම මාරයාගේ බ්ලොග් අඩවියට ගියා.මාරයා අයියා අන්තිමට දාලා තිබ්බ පෝස්ට් එකට මට උදව් ඉල්ලලා කමෙන්ටුවක් දැම්මේ බොහොම ඉක්මනට මේකට උත්තරයක් ඕනෙම නිසයි.

''අනේ මරාය අයියේ මම ලොකු ප්‍රශ්නෙක අනේ මට ඔයාට කතා කරන්න ඕනේ''
පැය භාගයක යන්නත් කලින් මට දුරකතන ඇමතුමක් ආවා.බ්ලොග් අවකාශයේ තවත් සහෝදරයෙක්ගෙන්

''මල්ලි ඉන්න මම මාරයට කියන්නම් ඔයාට ගන්න කියල''

තවත් මිනිත්තු කිහිපයක් ගත උනා..
''මල්ලි දසුන් මම මාරයා මොකක්ද අවුල''
මරායා මා ඇමතුවා..
මම මගේ ගැටලුව කිව්වා.ඒ මොහොතේ මාරයා අයියගේ උපදෙස් වලින් පොඩ්ඩක් ප්‍රශ්නේ විසදුනා.

ඇත්තටම ඒ මොහොතේ මට ඒ කරපු උදව්ව කවදාවත් අමතක වෙන එකක් නැහැ..
දයාබර මාරයා අයියේ ඔබට බොහොම පිං.තමන්ට පුද්ගලික වාසියක් නැතත් මං වෙනුවෙන් මේ ප්‍රශ්නෙ විසදගන්න මහන්සි උනාට.ඇත්තටම මාරයාට කිව්වා විතරයි බොහොම ඉක්මනට හුගක උනන්දුවෙන් මට උදව්කලා.මං වෙනුවෙන් ඒ ගතකල විනාඩි කිහිපයට බොහොම ස්තුත්යි.

දයාබර අයියේ ජීවිතේ කියන්නේ හරි පරිස්සම් කරගන්න ඕනෙ දෙයක්.ඒ ජීවිතේ සතුට රැකගන්න කරපු කැපවීමට බොහොම පිං අයියේ.ඒ වගෙම මාරයා අයියව සම්බන්ද කරගන්න උදව් කරපු සනත් අයියටත් බොහොම පින්.

''ජීවිතේ කටුක තැන්වලදී හමුවන සොදුරු මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවයි''

දයාබර මාරයා,දයාබර සනත් අයියේ බොහොම පිං.....

අන්තිමට මට උනේ හොදක්.මං මුලින්ම කිව්වේ මම එකපාරටම වලට ගියා කියලා අපායටම ගියා කියලා.එතන ඉදන් දැන්මට ඩබල් ප්‍රමෝශන් වැදුනා කෙලින්ම ආයිත් මනුස්ස ලෝකෙට නෙමෙයි දිව්ය ලෝකෙටම...

''මාරයා අයියේ අන්තිමට මට තිබ්බටත් වඩා හොද උනා''

''චේ''

හොදටම වැස්ස කම්මැලිකමට පොත් රාක්කේ තිබුන ''චේ'' අතට ගත්තා.
මොන හේතුවක් නිසාදෝ මන්දා කොච්චර කියෙව්වත් තවතවත් මේ පොත කියවන්නමයි හිතෙන්නේ.දැනට දහ පහලොස් වතාවකට වඩා මේක කියවලා ඇති.

''චේ'' කියවනකොට හිතට දැනෙන හැගීම කියලා නිම කරන්න බැහැ.

ඇත්තටම අපි චේ කියෙව්වද

?මම විශ්වාසකරන්නේ තරුණයෝ හැටියට අපි චේ ගේ චරිතය කියවිය යුතුමයි කියලයි.මොකද අපි මධයම පාන්තික සමාජවාදී රටක්.අපි ''චේ'' චරිතය නොකිව්වොත් ඒක තරුණයෙක් හැටියට ලොකු අඩුපාඩුවක් වෙයි.
ඒ නිසා හැමකෙනෙක්ම පුලුවන්නම් චේ චරිතය කියවන්න.ආස හිතෙයි. 

ජය!