‎''ජීවත් වීම උදෙසා ජීවිතේ සමග ඔට්ටු වීම''


‎''ජීවත් වීම උදෙසා ජීවිතේ සමග ඔට්ටු වීම''

ඇත්තෙන්ම මේක මගේ සිත කම්පා කල දර්ශනයක්....පොඩ්ඩක් කියවලා බලන්න් පේන දේට වඩා කොච්චර ලොකු දෙයක්ද මෙතන තියෙන්නේ කියලා...

මම වැවට ගියේ ලස්සන පොටෝ ටිකක් ගන්න..මේ සහෝදරයා වැව පුරා පපුව මට්ටමට විතර එරි එරි මෙහෙම පැය දෙක තුනක් මල් කැඩුවා...මමත් පින්තූර කිහිපය්ක් ගත්තා...ඔහු වැවේ ඇවිද්දේ හරිම හිමින්,අපහසුවෙන් වගේ...පැය දෙහෙකට විතර පස්සේ ඔහු ගොඩට අවා...ඒ එන අවස්තාවේ ගත්ත පින්තූරයක් තමයි මේ...

දන්නවද ඊට පස්සේ උන දේ....ඔහු ජලයෙන් ගොඩට එත්දියි මං දැක්කේ ඔහු බොරු කකුලක් පැලදගෙනයි මේ අවදානම් වැඩේ කලේ....අදහගන්නත් බැරි උනා...ගොඩට ඇවිත් ප්‍රාඩෝ එහෙක ආපු මහත්තයෙකුට රුපියල් තුන ගානේ මල් ටික දීලා ඔහු බොරු කකුල ගලවමින් වැව් බැම්මේ වාඩි උනේ මා සමගත් සිනාසෙමින්...

මං ඔහු ලගට ගිහින් ඇහුවා මොකද උනේ කියලා....වැවේ කෙලවර දිහා බලාගෙන ඔහු කට කොනකින් හිනාඋනා....

''මම ආමි එකේ,විශේෂ කාර්ය බලකායේ සාම්පූර්වල ඉදිරි ආරක්ශක වලල්ලකදි කකුලට බට්ටෙක් පෑගුනා මහත්තයෝ.ජීවත් වෙන්න ඕනේ නිසයි වැවේ මල් කඩලා කීයක් හරි හොයා ගන්නේ...''මොනවා කරන්නද ජීවිතේ හැටි තමයි මේ...

මගේ හිතට ඒ වෙලේ දැනුන හැගීම මට දැනුත් දැනෙනවා දැනෙනා වගේ...

''ඉතින් කකුලකුත් නැතුව ඔහොම වැවේ යන එක අවදානම් නැත්ද?''

හ්ම්..... නොගිහින් කොහොමද මහත්තයෝ....මීට දවස තුන හතරකට කලින් නූලෙන් බේරුනේ මේ රස්සාව කරන්න ගිහින....

''ඒ ඇයි''

''මල් කඩන්න අද වගේම වැව මැද්දට ගිහින් ඉත්දි මහා වැස්සක් වැස්සා.....හිමින් හිමින් ගොඩට එන්න හදත්දි මාව එරුනා...බොරු කකුලනම් කමක් නැහැ...අනිත් එක එරුනේ...මං කොහොමද ඒක එලියට ගන්නේ....බැලුවා හරි යන්නෙම නැහැ...වැස්සත් එක්ක වැවේ වතුරත් වැඩි වෙන්වා...මං පැය තුනක් විතර වතුරේ එහෙම්මම හිටියා ජීවිතේ ගැන අමතක කරලා...මට මගේ දරුවෝ මතක් උනා,මගේ බිරිද,මගේ දෙමව්පියෝ....මං වතුරත් එක්ක,මගේ බොරු කකුලත් එක්ක පැය තුනක් සටන් කලා...අන්තිමට පපුව ගාවට තිබ්බ වතුර ටික ටික මගේ බෙල්ල ගාවටම ආවා...මං හිතුවා මේ මගේ අවසානය කියලා...උදව් ඉල්ලන්න කෙනෙක්වත් නෑ...අන්තිමට මගේ පෙර වාසනාවකටද කොහෙද පාරේ යන මල්ලි කෙනෙක් දැකලා ටක්ගාලා වතුරට පැනලා මාව බේර ගත්තා......මං හිතුවේ එදා මං ඉවරයි කියලා''

හ්ම්.....මං එදා ඔහුට සමුදූන්නේ දරාගන්න බැරි වේදනාවක් හදවතේ පුරෝගෙන....මට ඒක තාමත් දැනෙනවා.............


2 අදහස්:

රතී, said...

මෙහෙම දුක් විදින ජීවිත කීයක් නම් තියෙනවද රටේ...ඒ වගක් දන් නෑ අපේ බලයට එන ඇත්තෝත. තමන්ගෙ බඩ වියතට තමන්මයි..

සචිත් said...

හ්ම්.....මං එදා ඔහුට සමුදූන්නේ දරාගන්න බැරි වේදනාවක් හදවතේ පුරෝගෙන....මට ඒක තාමත් දැනෙනවා.............

මෙ ටික තාමත් හදවතෙ දොංකාර දෙනවා වගෙ ...

Post a Comment